ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකි කුඩා දේවල් 9 ක්

අප්‍රසන්න බැක්ටීරියා සහ වෛරස් විශාල ප්‍රමාණයක් අප වටා සැම විටම වාසය කරනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතිය නමින් ඉතා ඵලදායී අභ්යන්තර ආරක්ෂක යාන්ත්රණයක් අප සතුව තිබෙන්නේ මෙන්න මේ දේවල් වලින් ආරක්ෂා වීම සදහා තමා. මෙහි විශේෂ සෛල අපගේ ශරීරය පුරා පැතිරී තිබෙනවා. සෛල අපගේ පද්ධතියේ අනෙක් කොටස් වලට අනතුරු ඇඟවීමේ සලකුණු යවා එය රැකබලා ගැනීමට සහ අසනීප පැතිරීම වැළැක්වීමට කටයුතු කරනවා හානිකර බැක්ටීරියා හෝ වෛරස් අපට පහර දුන් අවස්ථා වලදී. එබැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් කියල කියන්නේ ජාලයක් වන අතර අපව ආරක්ෂා කිරීමේ පුදුමාකාර කාර්යය සිදු කරන්නේ මෙයින්. එම හේතුව නිසා, අප එය රැකබලා ගත යුතු වගේම ඒ පිළිබද බොහෝ සැලකිලිමත් වීම ඔබ කල යුතුයි.

මේ නිසා අද අපි සිතුවා ඔබට නිරෝගිව සිටීමට උපකාරී වන වගේම ඔබේ ප්‍රතිශක්තීකරණයට උපකාරී වන දේවල් කිහිපයක් ඔබ වෙත අරගෙන එන්න ඕන කියල. ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ. 

01. සුදුළූණු සහ මී පැණි

මී පැණි වල විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක සහ එන්සයිම බොහෝ අන්තර්ගත වනවා. නිදහස් රැඩිකලුන්ට එරෙහිව සටන් කිරීමට ද මීට හැකියාවක් තිබෙනවා.  මීට හේතුව එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කිරීමයි. 

සුදු රුධිරාණු වල වෛරස් වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි කරන සංයෝග සුදුළූණු වල අන්තර්ගත වෙනවා. සුදුළූණු චොප් කරනවා වෙනුවට තලා දැමීම වැදගත් වෙනවා. මීට හේතුව තමා තලා දැමීමේදී ප්‍රධාන අංගය වන ඇලියින් එහි ක්‍රියාකාරී ස්වරූපයට හැරීම. 

අමු මී පැණි කෝප්පයක්

සුදුළූණු බිග් 8-10

වීදුරු භාජනයක සුදුළූණු තබා මී පැණි පුරවා ගැනීම ඔබ පළමුවෙන් සිදු කරන්න. පසුව කාමර උෂ්ණත්වයේ දින 3-5 ක් මෙය තබා පසුව ශීතකරණයේ තැබීම සිදු කරන්න. එම කාලයෙන් පසුව එය භාවිතා කිරීමට ඔබට හැකියාව තිබෙනවා. දිනකට වරක් මෙම සුදුළූණු කැබැල්ලක් සමඟ මී පැණි තේ හැන්දක් ලබා ගැනීම ඔබට කල හැකී. 

02. කහ සහ ඉඟුරු තේ

කහ වල කර්කුමිනොයිඩ්ස් නම් සංඝටකයක් අන්තර්ගත වෙනවා. මෙයින් ඔබට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සහ ප්‍රති-වයිරස් ගුණ ලබා ගන්න පුළුවන්. එමෙන්ම මෙයට ප්‍රතීශක්තීකරණය වර්ධනය කරන්න පුළුවන්.

ඉඟුරුද ඉතා ශක්තිමත් ප්‍රති-බැක්ටීරියා සහ ප්‍රති-වයිරස් ලක්ෂණ පවතින ද්‍රවයයක් වන අතරම  එය ප්‍රතිශක්තිකරණ පද්ධතියට බොහෝ සහාය වෙනවා. 

උණු වතුර කෝප්ප 3 ක්

සෙන්ටිමීටර 1ක් පමණ වූ කහ මූල, කහ කුඩු ලබා ගන්නවා නම් මේස හැදි 2ක් පමණ.

සෙන්ටිමීටර 1ක් පමණ වූ ඉඟුරු කැබැල්ලක්.

ප්‍රථමයෙන් ජලය උනු කොට කහ සහ ඉඟුරු එකතු කිරීම සිදු කරන්න. මිනිත්තු 5-10 ක් මෙය තිබෙන්නට හරින්න.  මී පැණි හෝ ලෙමන් එකතු කර ගැනීම රස අනුව සිදු කරන්න. 

03. ලෙමන් වතුර

ලෙමන් වල බොහෝ විටමින් අන්තර්ගත වෙනවා. මේ තුළින් ප්‍රතිශක්තීකරණයට බොහෝ තල්ලුවක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. 

උණුසුම් ජලය කෝප්ප 1ක්.

ලෙමන් යුශ 1/2

ලෙමන් භාගයක  යුෂ ස්වල්පයක් වතුරට මිරිකා ඔබට රසවිදිය හැකී. ඔබ ලෙමන් පානය කිරීමට පෙර ඔබ එය පිළියෙල කර ගැනීම සිදු කරන්න. 

04. ඉඟුරු, ලෙමන්, කරපිංචා සහ ගම්මිරිස්

 ඉඟුරු ප්‍රති-බැක්ටීරියා සහ ප්‍රති වෛරස් නිෂ්පාදනයක් ලෙස ඉතා ඵලදායී වනවා. ඒ වගේම විටමින් සී ලෙමන් වල බොහෝ අන්තර්ගත වනවා.ගම්මිරිස් විටමින් සී සහ බීටා-කැරොටින් සහ ප්‍රතිඔක්සිකාරක වලින් බහුල ද්‍රවයයක් ලෙස සලකන්න පුළුවන්. මේ තුළින් ඔබට අප්‍රසන්න බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට හැකියාවක් තිබෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරමින් ඔබේ ශරීර උෂ්ණත්වය ඉහළ නැන්වීමට හැකියාවක් තිබෙනවා ගම්මිරිස් වලට. 

සෙන්ටි මීටර 2ක් පමණ දිග ඉගුරු කැබැල්ලක් හෝ ඔබට මෙහිදී ඉගුරු කුඩු වුවත් භාවිතයට ගැනීමට හැකියාවක් තිබෙනවා. 

ලෙමන් යුෂ 1/2

ගම්මිරිස් මේසහැදි 1/4

සියලුම අමුද්රව්ය එකට මිශ්ර කරන්න. ඔබට මී පැණි තේ හැන්දක් හා තැළුණු සුදුළූණු කුඩා කැබැල්ලක් ද මීට එකතු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. 

05. Echinacea, මී පැණි, ඉඟුරු සහ ලයිකෝරයිස් සිරප්

මී පැණි සහ ඉඟුරු ඔබට ලයිකෝරයිස් සහ echinacea මූලයන් සමඟද භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. 

එචිනේෂියාව සුපිරි බල පැළෑටියක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙහි මුළු ශාකයම ඉතාම ඵලදායි වන්නේ එහි පවතින ප්‍රතිශක්තිකරණ ගුණ නිසා. 

ලයිකෝරයිස් කියල කියන්නේ ඇත්ත වශයෙන්ම ඉතා ඉහළ ප්‍රති-ගිනි අවුලුවන, ක්ෂුද්‍ර ජීවී හා ප්‍රතිඔක්සිකාරක ලක්ෂණ සහිත මූලයක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙය ඉතාමත් ඵලදායී ප්‍රතිශක්තිකරණ නියාමකයෙකු ලෙස නම් කරන්න පුළුවන්. මෙය නිරන්තරයෙන් භාවිතා නොකර සති 4 සිට 6 දක්වා පමණ කාලයක් භාවිතා කිරීම සුදුසුයි.

වතුර කෝප්ප 4 ක්

ලයිකෝරයිස් මූල කෝප්ප 1/2

echinacea root කෝප්ප 1/2

මී පැණි කෝප්පයක්

ඉඟුරු කැබැල්ලක සේ.මී 5ක පමණ කැබැල්ලක් හෝ ඉගුරු කුඩු මේස හැදි 2ක්

උණු ජලය, echinacea, licorice, සහ ඉඟුරු එකතු කර විනාඩි 45 ක් පමණ තෙම්පරාදු කරගත් පසුව එය සිසිල් කර මී පැණි එකතු කිරීම සිදු කර ගන්න.

06. බිම්මල් සාරය

බිම්මල් සාරය සෞඛ්‍යමය වාසි රැසක් ඇති ද්‍රවයයක්. වසර දහස් ගණනක් තිස්සේ චීන වෛද්‍ය විද්‍යාවේ මෙය භාවිතයට අරගෙනත් තිබෙනවා. හතු ඉතා සුවිශේෂී ප්‍රතිශක්තිකරණ ආහාරයක් ලෙස සලකන්න පුළුවන්. ෂයිටේක්, මයිටේක්, කෝඩිසෙප්ස් සහ ට්‍රෙමෙල්ලා වැනි ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ශක්තියක් සහිත හතු වර්ග කිහිපයක්ම තිබෙනවා. සෑම වර්ගයකම බිම්මල් වලට ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෙනස් වෙනස් ආකාර වලින් උපකාර කරන්න පුලුවන්. මෙයට සමහර නිස්සාරණ මිශ්‍ර කිරීමෙන් උපරිම ප්‍රතිලාභද  ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. 

07. හරිත යුෂ 

මෙම යුෂ විටමින් වලින් පිරී ඇති ද්‍රවයයක්. මේ නිසාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා මෙය විශිෂ්ටයි. ඒ වගේම මෙය ඉතාමත් රසවත්.

නිවිති යනු ඇත්තෙන්ම ඉතාමත් විශිෂඨ ආහාරයක්.  විටමින් සී ඇතුළු බොහෝ විටමින් සහ ඛනිජ ලවණ,  බීටා-කැරොටින් සහ ප්‍රතිඔක්සිකාරක බොහෝ සෙයින් අන්තර්ගත වනවා මෙම නිවිති වල. එය අපගේ ශරීරයට ආසාදන හා වෛරස් වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙන්නේ මෙන්න මේ නිසා. 

දොඩම් වල විටමින් සී බොහෝ අන්තර්ගත වනවා, එය උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කිරීමට හොදම ද්‍රවයයක් වීමට හේතුව මෙය තමා.

සැල්දිරි වල විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරකද බහුලව අන්තර්ගත වෙනවා. එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරී හා කාර්යක්ෂම කිරීම සිදු කරන්න පුළුවන්. 

ප්‍රති-බැක්ටීරියා සහ ප්‍රති වෛරස් ගුණ සඳහා ප්‍රසිද්ධ ද්‍රවයයක් ලෙස ඉගුරු හදුන්වන්න පුළුවන්.

නිවිති කෝප්ප 2 ක්

දොඩම් 2 යි

සැල්දිරි 2ක්

සෙන්ටිමීටර 2 ක ඉඟුරු කැබැල්ලක්

සියලුම දෑ ජූස් එකක් ආකාරයට සාදා ගෙන පානය කරන්න. 

08. Echinacea tincture

Echinacea යනු ප්‍රසිද්ධ ප්‍රතිශක්තිකරණ උත්තේජක ඔසු වර්ගයක් ලෙස සැලකිය හැකී. Echinacea හි ප්‍රභේද රාශියක් පවතිනවා. Echinacea Angustifolia, Echinacea Pallida, සහ Echinacea Purpurea යන කුළුබඩු 3 පමණක් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමේදී උපකාරී වනවා .මේ නිසා ඔබ tincture සෑදීමට අදහස් කර ගෙන සිටිනවා නම් ඔබ නිවැරදිම එකක් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. 

වියළි echinacea

වොඩ්කා

වියළි බෙහෙත් පැලෑටි රැගෙන එය වීදුරු භාජනයක අඩක් පුරවා භාජනයට වොඩ්කා වත් කරන්න, බෙහෙත් පැළෑටියට ටිකක් තැම්බීමට ඉඩ දී පසුව එය තදින් මුද්‍රා තබා කාමර උෂ්ණත්වයේ දී සති 4-6 අතර කාලයක් තැබීම සිදු කරන්න. සෑම දින කිහිපයකට වරක්ම එය සෙලවීමට අමතක කරන්න එපා. සති 4-6 කට පසු, ඔසු වික්රියා කර ටින්කටරය ඇම්බර් බෝතලයක ගබඩා කිරීම සිදු කරන්න. සෙම්ප්‍රතිශ්‍යාවේ පළමු අවස්ථාවේදී දිනකට 3 ක් 4ක් පමණ තේ හැදි භාගයක් බැගින් පානය කිරීම සිදු කරන්න. 

09. ඇන්ඩ්‍රොග්‍රැෆි

ඉන්දියානු හා චීන ස්වාභාවික වෛද්‍ය විද්‍යාවේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ සීතලට පිළියමක් ලෙස භාවිතා කල හැකි පැළෑටියක් තමා ඇන්ඩ්‍රොග්‍රැෆිස් කියල කියන්නේ. එය කැප්සියුල සහ ටැබ්ලට් ලෙස තමා පැමිණෙන්නේ.  එය අඩු හෝ මධ්‍යස්ථ මාත්‍රාවලින් ලබා ගැනීමටත් අමතක කරන්න එපා. 

බෝනස් ; නාසය හැරීම. 

කැනේඩියානු මහාචාර්යවරු පිරිසක් පවසන පරිදි ඔබේ සොටු ඔබ ආහාරයට ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ යනවා. ඔව් ඔබ මේක හරියටම කියෙව්වා මේ කියන්නේ ඔබේ සොටු ගැන. ඔබ විෂබීජ කුඩා ප්‍රමාණයක් නැවත ඔබේ ශරීරයට ගෙන යන බැවින් එය කිසිදු වියදමක් නැති එන්නතක් ලෙස ක්‍රියා කරනවා.

නමුත් ඇත්තෙන්ම තවමත් මෙය අධ්‍යනය කරන කරුණක්. 

ප්‍රතිශක්තිකරණ පද්ධතියට  උත්තේජනයක් ලබා දීමට බොහෝ ක්‍රම පවතිනවා. අපි මෙහි සඳහන් කළේ එහි කුඩා කොටසක් පමණයි. ඔබටත් මෙම තොරතුරු ප්‍රයෝජනවත් වූවාද ?  අපිට අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.