ඔබේ පාද යුවල රූමත් බවින් අංගසම්පූර්ණ කිරීමට වටිනා රහස් ක්‍රම 10 ක්

නියපොතුවල දිලීර ආසාදන, ඉරිතලා ඇති විලුඹ, සහ නිය පැලුණු නියපොතු ඇතිවීම වගේ කකුල් ආශ්‍රිත ප්‍රශ්න අපි අතරින් ගොඩක් දෙනෙක් මුහුණදෙන පොදු ගැටළුවක්. සමහර විට තෙහෙට්ටුව සහ ආතතිය නිසා ඇති වන පාදවල වේදනාවත් හරිම කරදරකාරීයි. වාසනාවකට වගේ, ගොඩක් කකුල් ආශ්‍රිත ගැටලුවලට ගෙදරදිම කරන්න පුලුවන් ස්වාභාවික ප්‍රතිකර්ම බොහොමයක් තියනවා.

ඔන්න ඉතින් අද අපි ඔයාට කියන්නෙ කකුල් වලට වදදෙන ප්‍රශ්නවලින් මිදෙන්න ගෙදරදිම කරන්න පුලුවන් ස්වභාවික සත්කාර 10 ක් ගැනයි.

01. නියපොතු දිලීර ස්වභාවිකව ඉවත් කරන්න.

ඇපල් සයිඩර් විනාකිරි (ACV) වල තිබෙන ප්‍රතිබැක්ටීරීය ගුණ, නියපොතු දිලීර සඳහා හොඳ පිළිමක්. දිලීර ප්‍රතිකාර සඳහා ඇපල් සයිඩර් භාවිතා කිරීමට විවිධ ක්‍රම තියනවා. උදාහරණයක් විදිහට, ACV සහ ජලය සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කරලා දිලීර නාශකයක් හදාගන්න පුලුවන්. විනාඩි 30 ක් දක්වා මේ ද්‍රාවණය තුළ කකුල් දමා තියන්න. ඊට පස්සේ තුවායෙන් වියළා ගන්න.

දිලීර ආසාදනයට ලක් වුණු නියපොතු මත හැම රාත්‍රියකම ලැවෙන්ඩර් අත්‍යවශ්‍ය තෙල් බිංදු කිහිපයක් යොදන්න. ඒවා නියපොතුවල එහෙමම තියෙද්දී කකුල්වලට මේස් දාගෙන නින්දට යන්න. දිලීර නැති වන තුරු සති කිහිපයක් මේ ප්‍රතිකාරය දිගටම කරගෙන යන්න.

02. පාද ස්ක්‍රබ් එකක් හදාගන්න.

මුහුදු ලුණු හෝ සීනි වලින් හදාගත් පාද ස්ක්‍රබ් එකක් මගින් කකුල්වල මැරුණු සම ඉවත් කර ඒවාට සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. ස්ක්‍රබ් එකෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ඔලිව් තෙල්, පොල් තෙල් සහ සගන්ධ තෙල් සහිත පාද ස්ක්‍රබ් තෝරගන්න. ස්ක්‍රබ් එක යොදන අතරතුර ඔයාගෙ කකුල් සම්බාහනය කරනවා නම්, දවසෙම තෙහෙට්ටුව නිවාගන්න පුලුවන්.

03. පෝෂ්‍යදායී ෆුට් මාස්ක් එකක් උත්සාහ කරන්න.
bebeautiful.in

දවසෙම වැඩ කරලා මහන්සියෙන් ඉන්න වෙලාවක, රිලැක්ස් වෙන්න හොඳම ක්‍රමයක් තමයි මේ. වට්ටක්කා ඉස්ම, කුරුඳු සහ යෝගට් වලින් හදාගත් ෆුට් මාස්ක් එකක් හදාගන්න. වට්ටක්කා මගින් සම පෝෂණය කර පැහැපත් කරනවා. කුරුඳු, සම මෘදු කරන අතර යෝගට් ඕනෑම බැක්ටීරියාවක් විනාශ කරන්න උදව් වෙනවා.

04. විලුඹ පැලීම නැති කරගන්න.

සාමාන්‍යයෙන් අපේ විලුඹ අවට සම, අපේ ශරීරයේ අනෙකුත් තැන්වල සමට වඩා ඝන සහ වියළි බවින් වැඩියි. ඒ නිසා යටිපතුල් පැලීම සුව කරගැනීමට උණුසුම් සබන් වතුරේ කකුල් දෙක හොඳින් පොඟවාගන්න.

පැලීම් සුව කිරීමට සහ තවදුරටත් පැලීම වැළැක්වීමට ෆාමසිවල තියන දියර වෙළුම් පටියක් යොදන්න.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී සහ ප්‍රතිබැක්ටීරීය ගුණ සහිත මීපැණි කියන්නෙ පැළුණු විලුඹ සඳහා හොඳ පිළියමක්. මී පැණි ස්ක්‍රබ් එකක් ලෙස හෝ ෆුට් මාස්ක් එකක් ලෙස යෙදීමෙන් පැලීම් සුවකරගන්න උදව් වෙනවා.

ගොඩක් වෙලාවට මේ විලුඹ ඉරිතැලීම් බරපතල දෙයක් නෙවෙයි. ඒ නිසා ගෙදරදිම ඒකට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒත් සමහර විට, මේ පැලීම් මොකක් හරි රෝගී තත්වයක් නිසා ඇතිවෙන අවස්ථාත් තියනවා. ඔයාගෙ විලුඹත් දරුණු විදිහට පැලිලා වේදනාවක් ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ගොඩක් වැදගත්.

05. කකුල් සම්බාහනය කරන්න.

කකුල් දෙක හොඳින් සම්බාහනය කිරීමෙන් වේදනාව සහ තෙහෙට්ටුව ඉවත් කර කකුල් ලස්සන කරගන්න උදව් වෙනවා. ඔයාට ඔයාගෙ කකුල්වල වේදනාවක් දැනෙනවා නම්, පුටුවක වාඩි වෙලා, ගොල්ෆ් හෝ ටෙනිස් බෝලයක් අරගෙන, ඒක විලුඹේ සිට පාදය දක්වා වේදනා ඇති ප්‍රදේශ අතුල්ලන්න. ඉන්පසු ඔයාගෙ කකුල් මොයිස්චරයිසින් කිරීමට අමතක කරන්නත් එපා.

06. සමට තෙතමනය ලබාදෙන්න.

පොල් තෙල් කියන්නෙ වියළි පාද සඳහා පරිපූර්ණ ස්වභාවික මොයිස්චරයිසර් එකක්. සමට තෙතමනය ලබාදීමට පොල් තෙල් පමණක් භාවිතා කරන්න. ෆුට් ස්ක්‍රබ් එකක් පිළියෙළ කිරීමට සීනි හෝ ලුණු ස්වල්පයක් පොල්තෙල්වලට එකතු කරන්න. නැත්නම්, දිලීර වලට ප්‍රතිකාර කිරීම සඳහා සගන්ධ තෙල් බින්දු කිහිපයක් එක් කරන්න. මෙහි අධික තෙතමනය දිලීර සහ ආසාදන ඇති වීමට හේතු වෙන්න පුලුවන් නිසා, ඇඟිලි අතර මොයිස්චරයිසර් යෙදීමෙන් වළකින්න.

07. කකුල් වියළිව තබා ගන්න.

නිතරම කකුල් දෙක වියළිව තබා ගැනීමෙන් දිලීර සහ දුගඳ ඇතිවීම වළක්වා ගන්න පුලුවන්. සේදීමෙන් පසු හෝ මොයිස්චරයිසර් භාවිතයෙන් පසු තුවායකින් පාද වියළන්න. එකම සපත්තුව වැඩි වේලාවක් පැළඳීමෙන් වළකින්න. කකුල් වලට වැඩිපුර දහඩිය දානවා නම්, සපත්තු තුළට බේබි පවුඩර් ටිකක් ඉසින්න.

08. ඉදිමීම වැළැක්වීම සහ එයට ප්‍රතිකාර කරන්න.

දිගු ගමනකින් පසු හෝ වැඩි වේලාවක් හිටගෙන සිටීමෙන් පසු අපි ගොඩදෙනෙක්ට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්නයක් තමයි කකුල් ඉදිමීම කියන්නෙ. ඉදිමුම අඩු කර ගැනීම සඳහා කකුල්වලට මුක්කු ගසන්න. නැත්නම් කකුල් ඔසවා බිත්තියට තද කර උඩුබැලි අතට වැතිර සිටින්න. ඔයා නිතරම ඉදිමුණු පාද සහ වළලුකර වලින් පීඩා විඳින කෙනෙක් නම්, ඔනම ඖෂධ වෙළඳසැලකින් මිලදී ගත හැකි සම්පීඩන මේස් පැළඳීමට උත්සාහ කරන්න. ඒවා මගින් වේදනාව මුදා හරින අතර කකුල්වල තරල එකතු වීම වළක්වනවා.

09. ඇගිලි වල නියපොතු කැඩීම වලක්වා ගන්න.

කම්පන, නොගැලපෙන පාවහන්, නුසුදුසු කැපීම් සහ වෙනත් ගැටළු නිසා ඇඟිලිවල නියපොතු කැඩෙන්න ඉඩ තියනවා. මේ ගැටලුව වැලැක්වීම සඳහා, නියපොතු ඉතා කොටට කැපීමෙන් වළකින්න. ඒ වගේම නියපොතුවල කොන් අසමාන ලෙස නොකැපීමටත් වගබලා ගන්න. ඔයාට හොඳින් ගැලපෙන සපත්තු සහ මේස් තෝරගන්න. සපත්තු මේස් පැළඳගෙන ඉන්නකොට ඇඟිලි නිදහසේ චලනය කිරීමට හැකි විය යුතු බව මතක තබාගන්න.

10. වේදනාව සමනය කරන්න.

අඩි උස සපත්තු, අපහසු සපත්තු පැළඳගෙන සිටීම හෝ හෝ දිගු වේලාවක් හිටගෙන සිටීම නිසා කකුල්වල වේදනාවක් ඇතිවෙනවා. ඒ නිසා රිදෙන දෙපා එප්සම් ලුණු සහිත උණුසුම් ජලය සහිත බේසමක පොඟවා ගැනීම මගින් ගෙදරදිම කකුල්වල වේදනාව සමනය කරගන්න පුලුවන්. දවල් කාලයේදී ඔයාගෙ කකුල්වලට දැනෙන ආතතිය අවම කර ගැනීමට තවත් ක්‍රමයක් තමයි වතුරවල උෂ්ණත්වය මාරු කරමින් ස්නානය කිරීම. ඔයාගෙ කකුල් ගලා යන ජලය යට තබාගෙන විනාඩියක් උණු වතුරේ සහ විනාඩියක් සීතල වතුරේ පොඟවාගන්න. මේ චක්‍රය කිහිප වතාවක් පුනරාවර්තනය කර සීතල වතුරෙන් අවසන් කරන්න.

Leave a Reply

Your email address will not be published.