ඔබේ පැලී ඇති විලුඹට පහසුවෙන් ප්‍රතිකාර කලහැකි ක්‍රම 7 ක්

සාමාන්‍යයෙන් විලුඹ පැලීම් ඇතිවෙන්නෙ කකුල්වලට ප්‍රමාණවත් තෙතමනයක් නොලැබීම නිසයි. ඒ වගේම සමහර අයට ශීත කාලගුණය සහ වෙනත් විවිධ හේතු නිසාත් විලුඹ පැලීම් ඇතිවෙන්න පුලුවන්. සමහර විට මේවා වේදනාකාරී විය හැකි අතර සමහර විට ලේ ගැලීම් පවා ඇතිවෙනවා. මේ කරදරකාරී තත්ත්වය මඟහරවා ගැනීමට ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වන ක්‍රම කිහිපයක් අපි දැන් බලමු.

අවවාදයයි: ඔයා දින කිහිපයකට වැඩි කාලයක් තිස්සේ උගුරේ අමාරුව, රතු පැහැය, ඉදිමීම හෝ දැඩි වේදනාවක් අත්විඳිනවා නම්, ගෙදරදීම ප්‍රතිකාර කරමින් ඉන්නේ නැතුව වහාම වෛද්‍යවරයකු හමුවෙන්න යන්න.

01. ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.

විජලනය නිසා විලුඹ පැලෙනවා. ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය හොඳින් ලැබෙනවා වගේම කකුල්වල ඇතිවෙන ​​ඉරිතැලීම් වළක්වගන්නත් පුලුවන්.

කරන්නෙ මෙහෙමයි:

  • පිරිමින් දවසට දියර ලීටර් 3.7ක් සහ කාන්තාවන් දවසට දියර ලීටර් 2.7ක් පමණ පානය කරන්න ඕන. මෙයට ජලය, අනෙකුත් පාන වර්ග සහ ආහාර වලින් ලැබෙන තරලත් ඇතුළත් වෙනවා.
02. විනාකිරිවල යටිපතුල් පොඟවන්න.

‌විනාකිරිවල කකුල් පොඟවා ගැනීමෙන් යටිපතුල් වියළීම නිසා ඇතිවෙන ඉරිතැලීම් අඩුකරගන්න වගේම, කකුල්වල දිලීර වර්ධනය අඩු කරගන්නත් උපකාරී වෙනවා.

කරන්නෙ මෙහෙමයි:

  • විනාකිරි කෝප්ප 1ක් සිසිල් (උණුසුම් නොවේ) ජලය කෝප්ප 2ක් සමඟ මිශ්‍ර කරන්න.
  • දවසට විනාඩි 10-15ක් මේ මිශ්‍රණයේ කකුල් හොඳින් පොඟවා ගන්න.
03. කකුල්වල මැරුණු සම ඉවත් කරන්න.

ස්ක්‍රබ් කිරීමට පුමිස් ගලක් භාවිතා කිරීමෙන් විලුඹේ තියන තද ඝන සම ඉවත් කරගන්න පුලුවන්.

කරන්නෙ මෙහෙමයි:

  • කකුල හොඳින් පොඟවගෙන, පූමිස් ගල විලුඹේ ඝන සම මෘදු ලෙස අතුල්ලන්න.

කකුල් වියළිව තියෙද්දි ඒවා ස්ක්‍රබ් කිරීමෙන් වළකින්න. එමගින් සමට හානිවීමේ අවදානම වැඩියි.

04. කකුල් නිතිපතා මොයිස්චරයිස් කරන්න.

මොයිස්චරයිසින් මගින් සමේ තෙතමනය රැඳවා ගැනීමට උදව් වෙනවා. ඒ වගේම සම වියළීම් සහ ඉරිතැලීම් වලට ලක්වීමෙන් ආරක්ෂා කරනවා.

කරන්නෙ මෙහෙමයි:

  • අඩුම වශයෙන් දවසකට එක වරක්වත් ක්‍රීම්, ලෝෂන් වගේ සමට තෙතමනය ලබාදෙන ආලේපන වර්ගයක් සමේ ආලේප කරන්න.
  • මොයිස්චරයිසර් එක සමට හොඳින් අවශෝෂණය කර ගත් පසු, තෙතමනය රඳවා ගැනීමට ඊට උඩින් පෙට්‍රෝලියම් ජෙලි හෝ ලැනොලින් ඝන තට්ටුවක් යොදන්න.
05. නින්දට යනකොට කපු මේස් පළඳින්න.

කපු මේස් මගින් කකුල්වල සමේ තෙතමනය රඳවා තබා ගැනීමට, සම මෘදු කිරීමට සහ හුස්ම ගැනීමට ඉඩ සලසා දීමටත් උදවු කරනවා.

කරන්නෙ මෙහෙමයි:

  • විලුඹට මොයිස්චරයිසර් ආලේප කිරීමෙන් පසු, 100% කපු මේස් පැළඳ නින්දට යන්න.
‌06. ඇස්ප්‍රින් ෆුට් මාස්ක් එකක් උත්සාහ කරන්න.

ඇස්ප්‍රින් මාස්ක් එකෙන් සමේ මැරුණු සෛල ඉවත් කිරීමට සහ විලුඹේ සම මෘදු හා සිනිඳු කිරීමට උදවු වෙනවා.

කරන්නෙ මෙහෙමයි:

  • ඇස්ප්‍රින් පෙති 10ක් කුඩු කර තලපයක් සෑදෙන තුරු එයට ලෙමන් යුෂ එකතු කරන්න.
  • කපු රෙදි කැබැල්ලක් අරගෙන එය මිශ්‍රණයේ පොඟවා ගන්න.
  • ඉරිතලා ඇති විලුඹට කපු රෙදි කැබැල්ල තියන්න.
  • ගෝස් හෝ ප්ලාස්ටික් රැප් එකක් මගින් රෙදි කැබැල්ල විලුඹේ තිබියදීම විලුඹ හොඳින් ඔතන්න.
07. නාන කාමර චර්යාව වෙනස් කරන්න.

නිසි නාන කාමර චර්යාවකට හුරු වීම, කකුල් දෙක හොඳින් සජලනය කර තබා ගැනීමට සහ සම සිනිඳු කරගැනීමට උපකාරී වෙනවා.

කරන්නෙ මෙහෙමයි:

  • සමේ තෙතමනය නැතිවීම වළක්වා ගැනීමට ඔයා නාන කාලය විනාඩි 5-10කට සීමා කරන්න.
  • උණුසුම් වතුරෙන් නෑමෙන් වළකින්න.
  • සැර සබන් හෝ සුවඳ සහිත සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීමෙන් වළකින්න.
  • නිතරම කකුල් දෙක පාද තුවායකින් වියළාගෙන, වියළී ගිය ගමන්ම මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.

Leave a Reply

Your email address will not be published.