ඔබේ පිටුපස ලස්සන කරන ඉතාම වටිනා ක්‍රම 6 ක්

අපේ අවධානය අඩුවෙන්ම යොමුවෙන ශරීර කොටසක් තමයි අපේ පසුපස කොටස කියන්නෙ. ඒ තමයි අපේ පිට සහ කොන්ද ප්‍රදේශය. අපිට ඒ පැත්ත නිතරම පේන්න තියන තැනක් නොවන නිසා අපි ඒ ගැන එතරම් සැලකිලිමත් වෙන්නෙ නෑ. ඒත්, අපේ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල සම වගේම අපේ පිටේ සම සහ මාංශ පේශිත් අපට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අපි ඒවාට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න ඕන.

කොන්ද සහ පිට ප්‍රදේශයේ සම නීරෝගීව සහ පිරිසිදුව තබාගන්න උපකාරී වෙන ප්‍රයෝජනවත් උපදෙස් 6 ක් දැන් අපි බලමු.

01. පිටුපස නිතරම පිරිසිදු කර ස්ක්‍රබ් කරන්න.

නාන වෙලාවට ශරීරයේ පිටුපසට අවධානය යොමු කරන එකත් ගොඩක් වැදගත්. පිටේ සමේ සිදුරු අවහිර වීම වැළැක්වීමට සහ නිරෝගී, තරුණ පෙනුමක් ඇති සමක් ලබා ගැනීමට අත්‍යවශ්‍ය ප්‍රෝටීනයක් වන කොලජන් නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට පිරිසිදු කිරීම සහ ස්ක්‍රබ් කිරීම කියන දෙකම ඉතාම වැදගත් වෙනවා.

වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට බ්‍රෂ්, ස්පොන්ජ්, හෝ රෙදි පටි වගේ දෙයක් භාවිතා කරලා පිටේ සම පිරිසිදු කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. හැබැයි සමට හානියක් නොවන මෘදු උපකරණ භාවිතා කරන්න වගබලාගන්න.

02. මොයිස්චරයිස් කිරීමට අමතක කරන්න එපා.

උණු වතුර මගින් සමේ තිබෙන තෙතමනය සහ ස්වභාවික තෙල් ඉවත් කරනවා. ඒ නිසා නෑමෙන් පසු පිට ප්‍රදේශයට මොයිස්චරයිසින් ක්‍රීම් හෝ ලෝෂන් එකක් ආලේප කරන්න ඕන. එමගින් සම වියළි වීම වළක්වන අතර පිටුපසට රුධිර සංසරණයත් වැඩි දියුණු වෙනවා.

හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට, ශරීරයේ අවශ්‍යතාවලට ගැළපෙන පෝෂණීය අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදන තෝරගන්න.

විටමින් A සහ B5, සමට හොඳ තෙතමනයක් ලබා දීමට
ප්‍රතිඔක්සිකාරක විටමින් C සහ E, වයසට යාම අඩු කර, සම ආරක්ෂා කිරීමට සහ හානි වැළැක්වීමට
අකලට සම වයසට යාම වැළැක්වීමට SPF අගය 15 ක් සහිත නිෂ්පාදන

03. පිටේ එල්ලන බෑග් අරගෙන යාමෙන් වළකින්න.

නිතරම සමේ ඇතිල්ලෙන ඕනෑම දෙයක් මගින් පිටේ සම කෝපයට පත් වෙන්න පුලුවන්. එමගින් කුරුලෑ ඇතිවීම හෝ තිබෙන කුරුලෑ වැඩි වී තත්වය නරක අතට හැරෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා වෛද්‍යවරු කියන්නෙ සමට සම්බන්ධ නොවන පර්ස් හෝ බෑග් භාවිත කරන්න කියලයි.

04. සතිපතා කොට්ට උර සහ ඇඳ ඇතිරිලි වෙනස් කර සෝදන්න.

ඇඳ ඇතිරිලි සහ කොට්ට උර දවස් කිහිපයක් එකදිගට පාවිච්චි කරනකොට, කුරුලෑ හෝ වෙනත් ගැටළු ඇති කරන, සමට බලපෑ හැකි මැරුණු සෛල සහ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ඒවායේ එකතු වෙනවා.

දැනටමත් ඔයාගෙ සමේ කුරුලෑ, කළු ලප වගේ සලකුණු දකින්න ලැබෙනවා නම්, සුවඳින් තොර හෝ සියුම් නිෂ්පාදන තෝරා ගනිමින් සතියකට වරක් ඇඳ ඇතිරිලි හා කොට්ට උර සෝදන්න.

‌05. නිවැරදි ඉරියව් අනුගමනය කරන්න.

නිවැරදි ඉරියව් කියන්නෙ අපේ පෙනුමට ගොඩක් තදින් බලපාන දෙයක්. හිටගෙන හෝ වාඩි වෙලා ඉන්නකොට වුණත්, කොන්ද සහ පිටේ පිහිටීම අපේ සමස්ත පෙනුමට විශාල බලපෑමක් කරනවා. නිවැරදි ඉරියව්වලට පුරුදු වීම මගින් කොන්දේ හා උරහිස්වල වේදනාව ඇතිවීම වළක්වනවා.

බඩ හැකිලීම සහ උරහිස් තරමක් පිටුපසට කරගනිමින් හැමවිටම සෘජු ඉරියව්වක් පවත්වා ගන්න. මේ ඉරියව්ව වැඩි දියුණු වීමට උදවු වෙන මේ වගේ අභ්‍යාස කරන්න.

දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න කෙනෙක් නම්, මේ ව්‍යායාමය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ මගින් ඔයාගෙ පපුව විවෘත කිරීමට සහ දිගු කිරීමට උදව් කරනවා. ව්‍යායාමය කරන්නේ මේ විදිහටයි.

  1. කකුල් දෙක උකුලේ පළල දක්වා ඈත් කර තබා ගන්න. අත් පිටුපසට අල්ලාගෙන, ඇඟිලි එකිනෙක සම්බන්ධ කර, සෘජු ඉරියව්වක් පවත්වා ගන්න.
  2. හුස්ම ඉහළට ගෙන, පපුව සිවිලිම දෙසට ඔසවන්න. ඒ එක්කම, අත් දෙක බිම දෙසට දිගු කරන්න. ගැඹුරු හුස්මක් අරගෙන හුස්ම 5ක් සඳහා මේ ඉරියව්වේම ඉන්න. ඉන්පසු මාංශ පේශී ලිහිල් කර 10 වතාවක් ව්‍යායාමය නැවත නැවත කරන්න.

මේ අභ්‍යාසය ඔයාගෙ පිටුපස මාංශ පේශිවල පිහිටීම ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ඒක කරන්නෙ මෙහෙමයි.

  1. බඩ බිම මත තබාගෙන, ඇඟිලි කකුල් යට තබා විලුඹ ඔසවමින් අත් තදකරගන්න
  2. වාඩි වී සිටින අස්ථි සිවිලිම දෙසට ගෙන ඒමට දණහිස් සහ ඉණ ඔසවන්න
  3. දණහිස මඳක් නවන්න. කොඳු ඇට පෙළ කෙළින් කරන්න
  4. නිකට, පපුව දෙසට හරවා විලුඹ තරමක් ඔසවන්න.
06. පිටුපසට හොඳ හැඩයක් ලබා ගැනීමට ව්‍යායාම කරන්න.

ශාරීරික ව්‍යායාම මගින් ඇඟේ බර පාලනය කිරීමට, එකතුවුණු මේදය ඉවත් කිරීමට, සහ ඇටකටු සහ මාංශ පේශි ශක්තිමත් කිරීමට උදව් කරනවා වගේම, එමගින් ඔයාට සිහින් කොන්දක් ලබාගන්නත් උපකාරී වෙනවා. විශේෂඥයින් කියන්නෙ අවම වශයෙන් දිනකට විනාඩි 30 බැගින් සතියකට පස් වතාවක්වත් ව්‍යායාම කරන්න කියලයි.

ටයර් ඉවත් කරලා ලස්සන හැඩැති පිටක් ලබාගන්න ඔයාට උදව් කළ හැකි ඉතා සරල දින චර්යාවක් මෙන්න. ප්ලෑන්ක්, කඳු නැගීමේ ඉරියව්ව, රශියන් ටුවිස්ට් වගේ ව්‍යායාම ඉරියව් පුහුණු කරන්න.

Leave a Reply

Your email address will not be published.