ඔබේ පෙනුම දින හතකින් වෙනස් කරන තෙල් වර්ග 7 ක්

මාස ගණනකට පෙර සිටම සැලසුම් කළත්, නිවාඩුවක් කියන්නේ නිතරම හදිසියෙන් වන දෙයක්. නිවාඩුවක් ගත කරන්න යද්දි බොහෝ දෙනෙක් තමන්ගේ ඇදුම් පැලදුම් ගැන විතරක් නෙමේ තමන්ගේ ශරීරය ගැනත් හිතන්න ගන්නවා.

මෙවැනි අවස්ථාවල, නිවාඩුවට සූදානම් වීමට සහ ස්වාභවික සුන්දරත්වය පවත්වා ගැනීමට උදව් වන අනර්ඝ තෙල් වර්ග 7ක් පිළිබඳව මෙහි සඳහන් වෙනවා. කියවලම බලන්නකෝ.

01. තල තෙල් මඟින් නිරෝගී දත් 

තල තෙල්වල පොලිවිටමින් ඇසිඩ් සහ මූලද්‍රව්‍ය බොහොමයත් අන්තර්ගත වෙනවා. මෙමඟින් කට සේදීමෙන්, දත් වඩා සුදු කරන අතර විදුරුමස, මුඛ කුහරය සහ දිව පුනර්ජනනය වර්ධනය කරවනවා. නිවැරදිව කිරීමට වග බලාගන්න.

02. වද මල් තෙල් මඟින් හිසකෙස් වර්ධනය 

තුනී හිසකෙස් වලට අවශ්‍ය වන්නේ වද මල් තෙල් පමණයි. එහි අන්තර්ගත විටමින් C මඟින් හිසකෙස් වල කොලජන් ප්‍රමාණය වැඩි කරවන අතර, ඇමයිනෝ අම්ල මඟින් මුල් පෝෂණය කර ශක්තිමත් කරවනවා. අඹරන ලද පෙති මඟින් “නින්දේ” පසුවන කේශ බල්බ අවදි කර නැවත වර්ධනය කරවනවා. මේ නිසා හිසකෙස්වල කඳ ඝනකම් වන නිසා පරිමාව වැඩි වෙනවා.  

03. එඬරු තෙල් මඟින් ඝන ඇහිබැමි සහ ඇහිපිහාටු   

මෙහි එකම අවාසිය ගන්ධය පමණයි. එයට අමතරව මෙය ඉතාම ප්‍රයෝජනවත්: එහි අන්තර්ගතයන් මඟින් සෛල පරිවෘත්තීය වර්ධනය කරවන අතර ස්ටියරික් සහ ලිනොලික් අම්ල තෙතමනය වාෂ්ප වීම වළක්වා කුඩා හිසකෙස් වැටීම, වියලීම සහ තාපය හා ඉර නිසා ඇතිවන ප්‍රතිඵල වළක්වනවා. 

04. හණ ඇට තෙල් මඟින් විෂහරණය 

අතීතයේ සිටම හණ ඇට තෙල් සර්වරෝගනාශකයක් ලෙස සැලකෙනවා. මේද අම්ල, විටමින් සහ පොටෑසියම් විශාල වශයෙන් අන්තර්ගත වීම හේතුවෙන් මෙය සෑම කෙනෙකුම සතුව තිබිය යුතු අංගයක්. දින හතක නොකඩවා ලබාගැනීම මඟින් එය, ප්‍රවේශමෙන් ශරීරය විෂහරණය කර පරිවෘත්තීය ක්‍රියාවලි නැවත ආරම්භ කරනවා. වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට දිනපතා ආහාර වේලට එකතු කරගන්න.

05. ඇක්නි සඳහා තේ ශාක තෙල් 

තේ ශාක තෙල් සතුව පවතින ප්‍රති-ඉදිමුම්, බැක්ටීරියා නාශක, දිලීර නාශක, ප්‍රති වෛරස සහ තුවාල සුව කිරීමේ ගුණ පවතිනවා. සාමාන්‍යයෙන් මෙය ඇක්නි සහ තෙල් හෝ ගැටළු සහිත සම සඳහා භාවිතා වෙනවා. 

06. දෙපා මෘදු කරගැනීමට ඔලිව් තෙල්  

ඒක සංතෘප්ත මේද අන්තර්ගතය හේතුවෙන් ඔලිව් තෙල් අක්මාවට සහ උදරයට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. එයින් කොලෙස්ටරෝල් මට්ටමද අවම වෙනවා. බාහිර වශයෙන්, සම, හිසකෙස්, සහ නියපොතු වල තත්වය වර්ධනය කරනවා. මෙය වෙනම ප්‍රතිකාරයක් ලෙස මෙන්ම වෙනම රූපලාවන්‍ය නිෂ්පාදනයක් සමඟ මිශ්‍ර කර භාවිතා කල හැකියි.

07. නියපොතු සහ නියමහ සඳහා ආමන්ඩ් තෙල්

දිනපතා භාවිතයෙන් සමේ සෛල පෝෂණය වන අතර ප්‍රතිජනනය වෙනවා. ඒ වගේම ප්‍රති දිලීර ගුණ පවතිනවා.

සටහන: ස්ථාවර ප්‍රතිඵල ලබාගැනීමට, සතියකට නොඅඩු කාලයක් මෙම තෙල් පාවිච්චි කරන්න. මාස්ක් වලට අමතරව, දිනපතා භාවිතා කරන ක්රීම්වලට, හිසකෙස් කන්ඩිෂනර්, සහ ඕනෑම වර්ගයක සේරම් එකකට මිශ්‍ර කර පාවිච්චි කරන්න පුළුවන්. සමහර තෙල් වර්ග මුඛයෙන් ලබාගන්න පුළුවන්. 

වැදගත්: තෙල් පාවිච්චි කිරීමට පෙර, එහි ඇසුරුම කියවා වෛද්‍යවරයා හමුවන්න.

Leave a Reply

Your email address will not be published.