ඔබේ පෙනුම වැඩි කර ගැනීමට වටිනා රහස් කිහිපයක්

ඔබට විවිධ විශේෂ අවස්ථා එනවා නේද ? යහලුවෙක්ගෙ විවාහයක්, නිවාඩුවක් ගත කිරීමට ඇරයුමක්, තව ඉතින් ඔබේ විවාහ යෝජනාව වගේ බොහෝ දේවල් අපිට හදිස්සියේ පැමිණෙන්න පුළුවන්. මේවා හදිස්සියේ පැමිණෙනවාට කාන්තාවන් නම් එතරම් කැමති නෑ. මීට හේතුව තමා මේ වගේ විශේෂ අවස්ථා වලට සහභාගි වෙන්න ඕන ඉතින් ලස්සනට නේ. ඉතින් කාන්තාවන්ට මේවාට සූදානම් වෙන්න ටිකක් කල් යනවා. අපේ සම පිරිසිදු කරගන්න ඕන, ඇග හැඩ කර ගන්න ඕන මේ වගේ බොහෝ දෙවල් තියෙනවා කාන්තාවකට විශේෂ අවස්ථාවකට කලින් කරන්න. මේවා ඉතින් මේ හිතපු ගමන් කරන්න බැරි දේවල් කියලනේ ඔයාට හිතෙන්නේ. ඔව් ඔව් මේවා හිතපු ගමන් කරන්න බෑ ඒත් ඉතින් බොහෝ කල් ගත වෙන් නැතුව ඔබට විශේෂ අවස්ථාවට ඔබ කැමති ලස්සනම විදිහට යන්න පුළුවන් විදිහට ටික කාලයකින් මේ දේවල් ඔබට කර ගන්න පුළුවන්. ඔයාට හිතෙයි මේ මොන බොරුද කියල. මේ ලිපිය කියෙව්වට පස්සේ නම් ඔබට එහෙම හිතෙන එකක් නෑ. කියවලම බලන්නකෝ.

01. සති දෙකෙන් ඔබේ බර අඩු කර ගන්න.

ඔබට පුදුමයි නේද ? සති දෙකෙන් බර අඩු කර ගන්නේ කොහොමද කියල ඔබ හිතනවා ඇති. ඒත් ඇත්තටම මේක කරන්න පුළුවන්. ඔබේ කැලරි ප්‍රමාණය 1,000-1,100 kcal දක්වා අඩු කළහොත් සති 2 කින් ඔබට රාත්තල් කිහිපයක්ම අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. මේ සදහා ඔබ ආහාරයට ගත යුතු දේවල් කිහිපයක්ම තියෙනවා. එළවළු, පලතුරු, ධාන්ය වර්ග සහ අඩු මේද මාළු හා මස් මේවා තමා ඔබේ පිගානේ ඔබ පුරව ගන්න ඕන. ඔබ බොහෝ කැලරි ආහාරයට ගන් නැති උනාම ඔබට ශක්තිය ලබා ගැනීම සිදු වෙන්නේ ඔබේ ශරීරයේ තිබෙන මේදය දහනය වීම තුළින්. ඒ වගේම ඔබ අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා ඒ තමා දිනකට අවම වශයෙන් ගැලුම් භාගයක් (ලීටර් 2)ක්වත් ජලය පානය කිරීම. බර අඩු කර ගැනීමට කැමති අය මුලින්ම කරන්න ඕන මේක තමා.

02. සතියෙන් ඉණ හැඩ කර ගැනීමට සහ සමේ තත්ත්වය දියුණු කර ගන්න

පැඟිරි පලතුරු, අන්නාසි සහ ප්‍රෝටීන් භාවිතා කිරීම සිදු කරන්න. මේ තුළින් ඔබට දින 7 කින් බර අඩු කර ගැනීමට හැකියාවක් තිබෙනවා වගේම මේද විසුරුවා හැර ඒවා ශරීරයෙන් ඉවත් කිරීමට හැකියාවක් තිබෙනවා . මීට හේතුව තමා පැඟිරි වල පලතුරු අම්ල විශාල ප්‍රමාණයක් අඩංගු වීම. ඔබේ ප්‍රතිශක්තිය, සමේ තත්ත්වය සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සිදු කරනවා විටමින් බහුල පලතුරු තුළින්. විශේෂයෙන් විටමින් සී මේ සදහා විශාල සහායක් ලබා දෙනවා.

‌අන්නාසි කියල කියන්නේත් ඔබේ මේදය ඵලදායි ලෙස ඉවත් කල හැකි විශිෂ්ට පළතුරක්. ඔබට හොදම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ මෙම කාලය තුළ මේදය සහ කාබෝහයිඩ්‍රේට් දෙස බැලීම සිදු කරන්න එපා.

03. ඔබේ බඩ තද කර ගැනීම සදහා.

ඔබේ උදර ප්‍රදේශයෙන් අතිරික්ත මේදය ඉවත් කර ගැනීමට ඔබට ක්‍රම කිහිපයක්ම යොදා ගත හැකී. කැරට් සහ ඇපල් (1: 1) යුෂ අවුන්ස 7ක් (මිලි ලීටර් 200) දිනකට 6 වතාවක් පානය කිරීම සිදු කරන්න. මෙය පළමු විකල්පය වේ. කැරට් සහ ඇපල් වල කැලරි ඉතාම අවම ලෙස අන්තර්ගත වෙන අතර විටමින්, බීටා-කැරොටින් සහ පෙක්ටීන් මෙහි අන්තර්ගත වෙන නිසා ඔබේ ශරීරය සංතෘප්ත කිරීමටත් මීට හැකියාවක් ඇත.

තම්බා ගත් බිත්තර එකක්, sour cream මේස හැන්දක්, ගාන ලද කැරට් 1ක් යොදා ගෙන මිශ්‍රනයක් සාදා ගන්න. මෙය උදේ ආහාරය සහ දිවා ආහාරය සඳහා ආහාරයට ගන්න. රාත්‍රියට සීනි නොමැතිව හරිත තේ පානය කිරන්න. මෙය දෙවැනි විකල්පයයි.

04. දවස් දෙකෙන් ඔබේ ශරීරය පිරිසිදු කර ගන්න.

ඔබේ විශේෂ දවස සදහා ඔබට තව ඉතිරි වෙලා තියෙන්නේ හරිම පොඩි කාලයයිද? තාමත් කල් තියෙනවා ඔබට ඔබේ ශරීරය පිරිසිදු කර ගැනීම සදහා. මේ සදහා ඔබ උදේ ආහාරයට අන්නාසි ගෙඩියක් ලබා ගන්න. ඔබට මේ සමගම ලබා ගත හැකී ලෙමන් වලින් ලබා ගත් නැවුම් පැඟිරි යුෂ හෝ කෝපි.

දිවා කාලයේදී ඔබට හැකී ඔබේ සුපුරුදු බීම එක වෙනුවට මින්ට් සහ ලෙමන් සමඟ උණු වතුර වීදුරුවක් ලබා ගැනීමට. බීට්, කැරට් සහ ගෝවා ඔබේ දිවා ආහාරය සදහා ලබා ගැනීමටත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් දෙයක් තිබෙනවා ඔබ අමතක නොකරම සිදු කල යුතු ඒ තමා රාත්‍රී නින්දට පෙර ලෙමන් සමග වතුර වීදුරුවක් ලබා ගැනීම.

05. එක් දිනයකින් ඔබේ ශරීරයේ අතිරික්ත ජලය ඉවත් කර ගන්න.

මේ සදහා ඔබ ආහාරයට ගන්න ඕන එළවළු වගේම නිවුඩ්ඩයි ( ඇඹරීමෙන් පසු පිටිවලින් වෙන් කරන ලද ධන්‍ය කැබලී ). මෙය අපේ බඩවැල් සඳහා “අභ්‍යන්තර ස්ක්‍රබ්” ලෙස සේවය කරනවා. නිවුඩු හැදි 5ක් 6ක් සහ අඩු මේද යෝගට් එකක් ඔබ ඔබේ උදෑසන ආහාරය ලෙස ලබා ගැනීම සිදු කරන්න. මෙය ඔබේ සිරුරට බොහෝ උපකාරී වේවි.

ශීත කල එලවලු ඔලිව් ඔයිල් මේස හැන්දක් පමණ යොදා ගෙන බැදගන්න. මෙය 5ස් 6 වතාවක් වන පරිදි කැබලි කැබලි ආහාරයට ගන්න. අතිරික්ත ජලය ඉවත් කිරීමට මෙය බොහෝ උපකාරී වේවි.

‌ඔබ මේවා පිළිපැදිය යුත්තේ විශේෂ අවස්ථාවක් සදහා පමණක් බව මතක තබා ගන්න. බර අඩු කර ගැනීමට වගේම ලස්සන වීමට කාලයක් ගත වේ. මෙය ඔබට හදිසි අවස්ථාවකට පමණක් යොදා ගැනීම යහපත්ය. ඒ වගේම හිස් බඩ හෝ අඩුවෙන් ආහාර ලබා ගත් විටක ඇඹුල් ආහාර ලබා ගැනීම සුදුසු නැති බවද මතක තබා ගන්න.

‌බෝනස් ටිප් ; පියයුරු මැලවීම වළක්වන්න

weightlifting, chest presses and pulls, arm raises, roundabout push-ups, සහ dumbbell flyes වැනි ව්‍යායාම ක්‍රම යොදා ගෙන ඔබට ඔබේ පපුවේ මාංශ පේශි ශක්තිමත් කර ගත හැකිය. එසේම ඔබ අමතක කරන්න එපා මේවා සිදු කිරීමේදී ඔබ නිසි ආකාරයට ක්‍රිඩා බ්‍රරා එකක් ඇදීම සිදු කරන්න. එසේම හිතකර ආහාර සෑම අවස්ථාවකම ලබා ගන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.