ඔබේ මුහුණේ රැලි වැටීමට එරෙහිව සටන් කරන වටිනා තෙල් වර්ග 6 ක්

වයසට යනවත් එක්කම අපේ සම එල්ලා වැටීමට හා රැලි වැටීමට පටන් ගන්නවා. ඒ වගේම, තෝරා ගන්න විවිධ වර්ගවල සමේ සත්කාරක නිෂ්පාදන බොහෝමයක් තිබුණත්, ඔයාගෙ පැන්ට්‍රියේ ඕනම වෙලාවක තියන ඔලිව් තෙල් වගේ සරල දේකට රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් කරන දේම කරන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියද? ඇත්තටම අපේ මුහුණේ ගොඩක් සියුම් රේඛා සහ රැළි වයස අවුරුදු 35 ත් 50 ත් අතර කාලය තුළ පෙනෙන්නට පටන් ගත්තත්, ඒවාට එරෙහිව සටන් කිරීමට උපකාර වනවාට වඩා සම ආරක්ෂා කර ගැනීමේ චර්යාවක් පටන් ගන්න සම රැළි වැටෙනකන් බලන් ඉන්න ඕනෙ නෑ.

ඒ නිසා වසර ගණනාවක් පුරා සමේ රැළි වලට එරෙහිව සටන් කිරීමට සහ ඔයාගෙ සම සුමටව හා නම්‍යශීලීව තබා ගැනීමට උපකාරී වන ස්වාභාවික තෙල් 6 ක් ගැන ඔයාට කියලා දෙන්න් අපි හිතුවා.

01. අලිගැට පේර තෙල්

අලිගැට පේර තෙල් මේද අම්ල, ඔමේගා මේද සහ විටමින් ඒ වලින් පොහොසත් වන අතර ඒවා සමට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එය විශිෂ්ට මොයිස්චරයිසර් එකක් විතරක් නෙවෙයි, අලිගැට පේර තෙල් වල ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා සම රැළි වැටීමට ප්‍රධාන හේතුවක් වන හිරු එළියේ පාරජම්බුල කිරණ වලින් ඔයාගෙ මුහුණ ආරක්ෂා කරනවා.

  • අලිගැටපේර තෙල් භාවිතා කිරීම සඳහා අවශ්‍ය වෙන්නෙ,
  • අලිගැට පේර තෙල් මේස හැඳි 2 ක්
  • රෝස හෝ ලැවෙන්ඩර් වගේ මල් වලින් සාදන අත්‍යවශ්‍ය තෙල් බින්දු 3-4 ක්
  • මේ සියල්ල භාජනයකට දමන්න. ඒවා මුහුණේ ආලේප කිරීමට පෙර ඒවා මිශ්‍ර වන පරිදි මෘදු ලෙස සොලවන්න.
02. ලෙමන් තෙල්

ලෙමන් තෙල් කුරුලෑ සහ දිලීර ගැටළු සඳහා හොඳ ඖෂධයක්. එහි අඩංගු අධික ප්‍රතිඔක්සිකාරක සහ ක්ෂුද්‍ර ජීවී ගුණාංග නිසා වයසට යාම වැළැක්වීමේ නිෂ්පාදන සඳහා බහුලව භාවිතා කරනවා. එය අධික සාන්ද්‍රිත තෙල් වර්ගයක් නිසා ලෙමන් අත්‍යවශ්‍ය තෙල් මුලින්ම එයට පොල් හෝ ඔලිව් තෙල් වගේ වාහක තෙල් වර්ගයක් යොදා තනුක කරගන්න ඕන. හිරු එළියට නිරාවරණය වන විට පැඟිරි තෙල් ඔයාගෙ සම සමග දැඩි ලෙස ප්‍රතික්‍රියා කරන බව අධ්‍යයනවලින් සොයාගෙන ඇති අතර එම නිසා ඒවා රාත්‍රියේදී භාවිතා කිරීම වඩා හොඳයි.

  • මිලි ලීටර් 50 බෝතලයක් ගන්න.
  • එයට වාහක තෙල් මිලි ලීටර් 50 ක් (එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් හෝ මිදි ඇට තෙල්)
  • ලෙමන් තෙල් බින්දු 3-5 ක් එකතු කරන්න.

බෝතලයේ අඩංගු දෑ සම මත ආලේප කිරීමට පෙර මෘදු ලෙස සොලවන්න. හොඳම ප්‍රතිඵල සඳහා එය රාත්‍රියේදී පමණක් භාවිතා කරන්න.

03. ලැවෙන්ඩර් තෙල්

ලැවෙන්ඩර් සුවඳ මුළුමනින්ම සම ලිහිල් කිරීමට උදව් වන අතර සමේ සියුම් රේඛා සහ රැළි අඩු කරන්නත් උපකාරී වෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක, ක්ෂුද්‍ර ජීවී නාශක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ ඉහළ මට්ටමක පවතින ලැවෙන්ඩර් අත්‍යවශ්‍ය තෙල්, කුරුලෑ සහ රැලි අවම කරන්නත් හොඳ බෙහෙතක්.

  • කුඩා භාජනයක් ගෙන එයට පිරිසිදු ලැවෙන්ඩර් අත්‍යවශ්‍ය තෙල් බින්දු කිහිපයක් හා එක්ස්ට්‍රා වර්ජින් පොල් තෙල් (හෝ ඔබ කැමති වෙනත් වාහක තෙල්) බින්දු කිහිපයක් එකතු කරන්න.

බෝතලය කලවම් කර හෝ මෘදු ලෙස සොලවා ඔයාගෙ සම ආරක්ෂණ චර්යාවට එකතු කරගන්න.

04. මිදි ඇට තෙල්

මිදි ඇට තෙල් හදන්නෙ මිදි ඇට තදින් සම්පීඩනය කලාම ලැබෙන තෙල්වලින්. එය සාමාන්‍යයෙන් වයින් නිෂ්පාදනයේ අතුරු ඵලයකි. මිදි ඇට වල විටමින් ඊ සහ බහු අසංතෘප්ත මේද බහුල වන අතර එමඟින් ඔයාගෙ සමට වාසි ගොඩක් ලබාදෙනවා.

මිදි ඇට තෙල් ඔයාගෙ සමට කෙලින්ම ආලේප කරලා සමට උරාගන්නා තුරු මසාජ් කරන්න.

05. කැරට් බීජ තෙල්

කැරට් බීජ තෙල් කියන්නෙත් සීතල පීඩනයට පත් කරන ලද කැරට් බීජ වලින් ලබා ගන්නා අත්‍යවශ්‍ය තෙල් වර්ගයක්. තෙල් වල ප්‍රති-ගිනි අවුලුවන සහ ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ තිබෙන අතර වයස්ගත වීම වළක්වන ගුණාංගත් එහි අඩංගු බව හොයාගෙන තිබෙනවා. ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමක පැවතීම නිසා මේ තෙල් මගින් සමේ තෙතමනය ආරක්ෂා කර සම ප්‍රබෝධමත් කරනවා. අනෙකුත් අත්‍යවශ්‍ය තෙල් වගේම කැරට් බීජ තෙල්ද සමට ආලේප කිරීමට පෙර මුලින්ම වෙනත් තෙල් වර්ගයක් යොදා තනුක කළ යුතුයි.

  • කැරට් තෙල් භාවිතා කිරීම සඳහා, ආමන්ඩ් හෝ අලිගැටපේර වගේ වාහක තෙල් තේ හැඳි 2 ක් සමග කැරට් බීජ තෙල් බින්දු 2 ක් මිශ්‍ර කරන්න.

ඇඟිලි මගින් හෝ කපු තුවායක් භාවිතා කරමින් මෙය සමට ආලේප කර හොඳින් මසාජ් කරන්න.

06. ඔලිව් තෙල්

ඔලිව් තෙල් කියන්නෙ පැස්ටා, පීසා සහ සලාද සැරසීම සඳහා අත්‍යවශ්‍ය ඉතාලි අමුද්‍රව්‍යයක්. ඒ වගේම ඔලිව් තෙල් වල සම මොයිස්චරයිසින් කරන විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා එමඟින් සම රැළි වැටීම සහ සිහින් රේඛා අඩු කිරීමට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.

  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් සමග නැවුම් ලෙමන් යුෂ බින්දු කිහිපයක් (අත්‍යවශ්‍ය නොවේ) මිශ්‍ර කර ඒ තුළ කපු පුළුන් බෝලයක් ගිල්වන්න.

නින්දට යන්න කලින් මේ කපු පුළුන් බෝලය ඔයාගෙ මුහුණ මත අතුල්ලන්න.

එක එක පුද්ගලයාගේ සම එක එක තෙල් වලට වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බව මෙහිදී මතක තබාගන්න. ඒ නිසා ඔයාගෙ සමේ ඕනෑම කොටසකට තෙල් ආලේප කිරීමට පෙර පැච් ටෙස්ට් එකක් කරන එක වඩාත් හොඳයි.

Leave a Reply

Your email address will not be published.