ඔබේ මුහුණේ සිදුරු වැසීමට උදව් වන දෛනික පුරුදු 7ක්

සමේ තියන හැන සිදුරක්ම රෝම කූපයක විවරයක්. මුහුණේ තිබෙන සමහර ෆොසිල හරිම කුඩායි. අපට ඒවා යන්තම් දකින්න ලැබෙනවා. හැබැයි සමේ සිදුරක් දකින්න ලැබෙනවා කියන්නෙ ඒක ඇතුළෙ ගොඩක් අපද්‍රව්‍ය හිරවෙලා තියනවා කියන එකයි. ඔයාගෙ සිදුරු වල ප්‍රමාණය ගොඩක් දුරට තීරණය වෙන්නෙ ජාන විද්‍යාව මගින්. අපේ ජාන සම්බන්ධයෙන් අපට කළ හැකි දෙයක් නෑ. හැබැයි, සිදුරු අවහිර කරන සහ කරදරකාරී කළු ලප ඇති කරන අපේ සමහරක් දෛනික පුරුදු වලින්නපට ඈත් වෙන්න පුලුවන්.

සමේ සිදුරු තවත් ගැඹුරු කරන්න හේතු වෙන දිනපතාම අපි විසින් කරන වැරදි පුරුදු 7 ක් ගැනයි අද අපි ඔයාට කියලා දෙන්නෙ.

01. රෙටිනෝල් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකිරීම

සමේ සිදුරු ස්ථීරවම අඩු කරන්න බැරි වුණත්, සමහර සම ආරක්ෂණ නිෂ්පාදනවලට ඒවා කුඩා කරන්න පුලුවන්. ඔයාගෙ සමේ තියන සිදුරුවල පෙනුම අඩු කරගන්න හොඳම ක්‍රමය තමයි රෙටිනොයිඩ් අඩංගු ක්‍රීම් එකක් භාවිත කිරීම. රෙටිනෝල් කියන්නෙ විටමින් Aවල තවත් ආකාරයක්. එය සමේ ඝනකම වැඩිදියුණු කිරීමට උදව් කරනවා. රෙටිනෝල් අඩංගු නිෂ්පාදන භාවිතා නොකළොත් සිදුරුවලින් තෙල් ඉවත් කිරීමට අපහසු වෙනවා.

02. ෆෝන් එක මුහුණට සමීපව තබා ගැනීම

අපේ ජංගම දුරකථනවල වැසිකිලි ආසනයකට වඩා 10 ගුණයක බැක්ටීරියා  ප්‍රමාණයක් තියනවා. දවස පුරාම මුහුණේ තියන මේකප්, සමේ ස්වභාවික තෙල්, සහ පාරිසරික විෂ ද්‍රව්‍ය අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මත එකතු වෙනවා. අපි ෆෝන් එක අපේ මුහුණ ළඟ තියාගෙන ඉන්න හැම වෙලාවකම අපි මේ විෂබීජ අපේ සමට ඇතුළු කරගන්නවා. එමගින් සමේ සිදුරු අවහිර වෙනවා.

03. හිරුට නිරාවරණය වීම

හිරු කිරණ මගින් සම විජලනය කර තෙල් ග්‍රන්ථි වැඩිපුර වැඩ කිරීමට සලස්වනවා, එමගින් සිදුරු විශාල ලෙස පෙනෙන්න ඔඅටන් ගන්නවා. ටෑන් එකක් ලබා ගැනීමෙන් සිදුරු තාවකාලිකව වසන් කර ඒවාට කුඩා පෙනුමක් ඇති කරන්න පුලුවන්. ඒත් දිගු කාලීනව එහෙම වෙන්නෙ නෑ. සමේ සිදුරු විශාල වන අතර සමේ තිබෙන අතිරික්ත තෙල් කළු ලප බවට පත් වෙනවා. සිදුරු විශාල වීම වැලැක්වීමට චර්ම රෝග විශේෂඥයින් දිනපතා සන්ස්ක්‍රීන් ආලේප කරන්න කියල නිර්දේශ කරනවා.

04. ටෝනර් නොකිරීම

දිගු වේලාවක් තෙල් හා අපද්‍රව්‍ය වලින් වැසී ඇති සමේ සිදුරු ගොඩක් ඇතුළට හෑරෙනවා. අන්තිමට මේ ගැඹුරු සිදුරු පිරිසිදු කළත් ඒවා අවම කරගන්න බැරි වෙනවා. සිදුරුවලට දිගු කාලයක් ප්‍රතිකාර නොකර තැබීමෙන් සිදුරු බිත්ති ස්ථිරවම දුර්වල වෙනවා. ටෝනර් මගින් අපේ සම පිරිසිදු කරනවා. සිදුරු විශාල වීමත් වළක්වනවා. සමේ මැරුණු සෛල සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා. ටෝනර් කිරීම මඟ කරනකොට ඔයාගෙ සම ස්වභාවිකව සහ ඉක්මනින් පිරිසිදු වෙන්නෙ නෑ.

05. මේකප් උපකරණ පිරිසිදු නොකිරීම

ඔයා දැඩි සම ආරක්ෂණ ක්‍රමයක් අනුගමනය කළත්, ඔයාගෙ සමහර කම්මැලි පුරුදු නිසා සිදුරු අවහිර වෙන්න පුලුවන්. මේකප් බ්‍රෂ් සහ ස්පොන්ජ් භාවිතා කරන හැම අවස්ථාවකම, ඒවා තෙල්, දූවිලි, මැරුණු සම ​​සහ ඉතිරි මේකප් එකතු කරගන්නවා. ඔයා ඒවා නිතිපතා පිරිසිදු කරන්නෙ නැත්නම්, මේ මෙවලම් මඟින් සිදුරු අවහිර කරමින් එම ද්‍රව්‍ය නැවත ඔයාගෙ මුහුණට එකතු වෙනවා. රූපලාවණ්‍ය මෙවලම් නිසියාකාරව පිරිසිදු කිරීමෙන් ඔයාගෙ මුහුණට අතිරික්ත බැක්ටීරියා සම්ප්‍රේෂණය අවම කරගන්න පුලුවන්.

06. තෙල් අඩංගු හිසකෙස් නිෂ්පාදන භාවිතා කිරීම

හිසකේ සත්කාරක නිෂ්පාදනවල තෙල් අඩංගු වෙනකොට, ඒවා මගින් සමේ සිදුරු වැසීමට හේතු වෙනවා. මේ විදිහට සිරවෙලා තියන සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ හිසකෙස් රේඛාව, නළල, මුහුණේ පැති සහ බෙල්ල වගේ හිසකෙස් සම හා සම්බන්ධ වන ස්ථානවලයි.

07. ජල ආරක්ෂිත මේකප් භාවිතය

ජල ආරක්ෂිත මේකප්වල බොහෝ විට සිලිකොන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ අධික අමුද්‍රව්‍යයට ඔයාගෙ සම හිරකර සමට හුස්ම ගැනීමට ඉඩ නොදී සමේ සිදුරු අවහිර කරන්න පුලුවන්. ඒ වගේම කුරුලෑ තත්වය වැඩි කරන්නත් ඉස තියනවා. ඒ නිසා දිනපතාම ජල ආරක්ෂිත මේකප් භාවිතා කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.