ඔබේ මුහුණ තුවායකින් පිස දැමීම අදම නැවැත්වීමට හේතුව

සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නෙ ගෙදරක වැඩිපුරම විෂබීජ රැඳිලා තියෙන්නෙ ටොයිලට් සීට් එකේ කියලයි. ඒත් ඇත්තටම වැඩිපුරම බැක්ටීරියා වලින් පිරිලා තියෙන්නෙ ඔයාගෙ තුවාය කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයා තුවායෙන් මුහුණ පිහිදුවොත් ඔයාගෙ සමට හානියක් සිදුවෙන්න පුලුවන්. තුවායෙන් මුහුණ පිහිදන එක හොඳයි කියලා හිතුණත්, ඇත්තටම එය යහපතට වඩා වැඩි හානියක් සිදු කළ හැකියි.

තුවායෙන් මුහුණ පිහිදාන්නත් එපා නම් අපි පුහුණ පිහදාගන්න පාවිච්චි කරන්න ඕනෙ මොකක්ද කියලා ඔයාට දැනටමත් ප්‍රශ්නයක් ඇති වෙලා ඇති. ඒකට උත්තරේ ලිපියේ අවසානයේදි දැනගන්න පුලුවන්. ඊට කලින් තුවායෙන් මුහුණ පිසදැමීමෙන් ඇතිවෙන අහිතකර ප්‍රතිඵල මොනවද කියලා අපි බලමු.

01. මුහුණේ කුරුලෑ ඇති වීම

ඇඟ පිහිදන තුවායෙන්ම මුහුණත් පිහදාන එක නම් හරිම අවදානමක්. තුවාය කියලා කියන්නෙ මහා බැක්ටීරියා උගුලක්. අපි සාමාන්‍යයෙන් ඒවා නාන කාමරයේ තියන නිසා තුවායට වාතය, තෙතමනය උරාගෙන බැක්ටීරියා වර්ධනය වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා. ඔයා තුවාය මුහුණේ අතුල්ලනකොට මේ සියළුම බැක්ටීරියා කෙළින්ම ඔයාගෙ සම මතට එකතු වෙනවා. එමඟින් සමේ සිදුරු අවහිර වෙනවා. මුහුණ පිහදාන්න වෙනම තුවායක් භාවිතා කළත් එය දිනපතා සේදුවෙ නැත්නම් සමට අනවශ්‍ය බැක්ටීරියා ඇතුළු වීම වළක්වන්න බෑ.

02. ඉක්මනින් සම වයසට යාම

සමහර තුවා ගොඩක් රළු නිසා ඒවායින් ඔයාගෙ සම තුවාල සිදු වෙන්නත් පුලුවන්. එතකොට සමේ ආසාදන ඇති වීම හෝ සමේ රැලි ඇතිවීම සිදුවිය හැකියි. තුවා සේදීම නිසා තුවාය නිර්මාණය කරලා තියන රෙදි වර්ගය වඩාත් ගොරෝසු වන අතර එමඟින් ඇති වන ඝර්ෂණය සමට අහිතකර ලෙස ක්‍රියා කරනවා.

03. සම ආරක්ෂණ නිෂ්පාදන වල කාර්යක්ෂමතාව අඩු කිරීම.

සේදීමෙන් පසු මුහුණ වියලීම ස්වාභාවික දෙයක් ලෙස පෙනුණත් ඇත්තටම එමගින් ඔයා ආලේප කරන නිෂ්පාදනවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔයාගෙ සමට බාධා ඇති වෙනවා. සමේ තිබෙන වතුර ඔක්කොම වාෂ්ප වෙන්න කලින් ඔයාගෙ මොයිස්චරයිසර් එක ගෑවම ඒක සමට හොඳින් උරා ගන්නවා. තුවායෙන් වියලීමෙන් වැළකීම මගින් සම රැකවරණ නිෂ්පාදනවලට ඔයාගෙ සමට අවශ්‍ය තරුණ බව සහ දීප්තිය ලබා දීමට අවශ්‍ය තෙතමනය රඳවා තබාගන්න ඉඩ ලබාදෙනවා.

04. සමට ආසාදනයක් ඇති කිරීම

ඔයාට තියෙන්නෙ සංවේදී සමක් නම් මුහුණ පිසදමන්න තුවාය භාවිතා කරන්න එපා. තුවා රෙදි බොහෝමයක් සමට තද විය හැකි නිසා ඒවායින් මුහුණ පිස දැමීමෙන් සම රතු වීම සහ ආසාදන ඇති වීම වගේ ගැටලු ඇතිවෙන්න පුලුවන්.

05. සම තෙල් සහිත වීම

තුවාය මගින්, සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය ස්වාභාවික තෙල් ඉවත් කරනවා. ඒනිසා, සම මතුපිට තියන සෙබස් ග්‍රන්ථි වලට, වියලි බව සමතුලිත කිරීම සඳහා වැඩි තෙල් ප්‍රමාණයක් නිපදවන්න සිදුවෙනවා. එමඟින් අධික තෙල් සහිත සමක් ඇති වෙනවා.

බෝනස්: තුවායක් නැතුව මුහුණ වියළගන්නේ කොහොමද?

තුවායෙන් මුහුණ වියලීම වෙනුවට සුලඟින් ඉබේම මුහුණ වියළෙන්න දෙන්න. වාතයෙන් වියලීම ඔයාගෙ සමට වඩාත් සනීපාරක්‍ෂක සහ මෘදු වන අතර තුවායෙන් මුහුණ පිස දැමීමට වඩා වැඩි කාලයක් ගත වුණත්, ඔයාගෙ සමට හානියක් වෙන්නෙ නෑ.

  • සාමාන්‍ය විදිහටම මුහුණ සෝදන්න.
  • මුහුණ ස්වාභාවිකව වියළීමට ඉඩ දෙන්න.
  • ඔයා දිනපතා මොයිස්චරයිසර් එක ආලේප කරන්න.

Leave a Reply

Your email address will not be published.