ඔබේ මුහුණ වතුරෙන් පමණක් සේදීමට පටන් ගැනීමෙන් සිදු වන දේ

දිදුලන සමක් ලබාගන්න අපි හැමෝම කැමතියි. ඉතින් වෙළදපොළට එන අලුත් අලුත් නිෂ්පාදනවලට රැවටිලා අපි බොරුවට සල්ලි නාස්ති කරගන්නවා. පිරිසිදුකාරක, මොයිස්චරයිසර්, ෆේස් මාස්ක්, තෙල් වගේ විවිධ වර්ගයේ නිශ්පාදන අපි අත්හදා බලනවා. ඒත් ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය අපට ඒවාගෙන් ලැබෙන්නෙ නෑ.

ඇත්තටම රූපලාවන්‍ය නිෂ්පාදනවලින් විතරක් දීප්තිමත් සමක් ලබාගන්න බෑ. ඉතින් අද අපි ඔයාට කියන්නෙ මුහුණ සේදීමට වතුර විතරක් භාවිතා කිරීමෙන් ඔයාට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන 5 ක් ගැනයි.

01. ඔයාට සිනිඳු සමක් ලැබෙනවා.

ක්ලෙන්සර්ස් නිසා සම වියළෙනවා. ඒවා මගින් ඔයාගෙ සමේ තියන ස්වභාවික තෙල් ඉවත් කරලා, සමේ වියලි බවක් සහ කැසීමක් ඇති කරනවා. ඔයාගෙ සම තද වී හෝ රතු වෙලා තියනවා නම්, ඔයා පාවිච්චි කරන ක්ලෙන්සර් එක ඉවත් කරලා සාමාන්‍ය වතුරෙන් විතරක් මුහුණ සෝදන්න.

02. කුරුලෑ අඩු වෙනවා.

මුහුණේ තෙල් ගතිය අඩු කිරීමට ක්ලෙන්සර් උපකාර වෙනවා කියලා ඔයා හිතනවා ඇති. ඒත් ඇත්තටම වෙන්නෙ ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක්. සමට තෙතමනයක් ලැබුණම සම මගින් ඉබේම වැඩිපුර තෙල් නිෂ්පාදනය කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට, සමේ සිදුරු විශාල වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව, සීතල ජලයෙන් මුහුණ සේදීමෙන් සෙබම් හෙවත් තෙල් නිෂ්පාදනය අඩු කරන අතර දැවිල්ල පවා අඩු කරනවා.

03. සම තරුණ වෙනවා.

සීතල වතුර මගින් ඔයාගෙ සම වර්ණවත් කරන අතර වයසට යාමේ ක්‍රියාවලියේ වේගය අඩු කරනවා. උණු වතුරෙන් මුහුණ සේදීමෙන් සමට හානි සිදුවෙන තවත් ගැටලු ඇති විය හැකි නිසා උණු වතුරෙන් මුහුණ සෝදන්න එපා. සාමාන්‍යයෙන් ක්ෂාරීය (pH 9-11 අතර) සබන් සහ පිරිසිදුකාරක මගින් සම දිරාපත් කර සමේ ඇඳෙන සුළු ගතිය ඉවත් කරනවා. අන්තිමේදි ඔයාගෙ සම රැළි වැටුණු සමක් බවට පත් වෙනවා.

04. අසාත්මිකතා ඇතිවෙන්නෙ නෑ.

සංවේදී සහ අසාත්මිකතා ඇති සම සඳහා නිසි පිරිසිදුකාරකයක් හොයාගන්න එක නම් හරිම අමාරු වැඩක්. ඔයා තෝරගන්නක්ලෙන්සර් එක ඔයාගෙ සමට ගැලපෙමවද කියලා බලන්න තියෙන්නෙත් එකම ක්‍රමයයි. ඒක ඔයාගෙ සම මත ආලේප කරලා ආසාත්මිකතාවයක් ඇතිවෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නම වෙනවා. සමහර ක්ලෙන්සර්ස් මගින් සමේ රසායනික පිළිස්සුම් සහ ආසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති කළ හැකි අතර, ඒක පිටතට පෙන්නුම් කරන්නත් කාලයක් ගත වෙනවා.

05. සමට විවේකයක් ලැබෙනවා.

මේකප් සහ අනෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදන ඔයාගෙ සමට සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකි අතර සමේ තියන ඕනම ගැටලුකාරී තත්වයක් වැඩි කරන්න වුණත් පුලුවන්. ඔයා සම පිරිසිදු කරන්න වතුර විතරක් පාවිච්චි කරන්න පටන් ගත්තොත්, ක්‍රීම් හෝ මොයිස්චරයිසර් වලින් කිසිදු බාහිර උපකාරයකින් තොරව ඔයාගෙ සමට විවේකයක් ගැනීමට සහ එහි කාර්යය කිරීමට ඉඩ සැලසෙනවා.

බෝනස්: මුහුණ සේදීම සම්පූර්ණයෙන්ම නතර කළොත් මොකද වෙන්නෙ?

මේකෙ ප්‍රතිඵලය රඳා පවතින්නෙ ඔයාගෙ සමේ වර්ගය මතයි. සම වියළි නම්, සම වඩාත් අඳුරු වෙන බව ඔයාට පෙනේවි. කොහොම වුණත්, ඔයාගෙ සම තෙල් සහිත නම්, සමේ සිදුරු අවහිර වී තෙල් එකතු වීම නිසා කුරුලෑ තත්වය තවත් දරුණු වෙන්න ඉඩ තියනවා.

Leave a Reply

Your email address will not be published.