ඔබේ මුහුණ වයසට වඩා ඉක්මණින් වයසට යාමට පටන් ගන්නා සලකුණු 8 ක්

කාලයත් එක්ක අපේ සමත් වයසට යනවා. සමහර විට අපට අවුරුදු විස්සක් වෙනකොටම අපේ සමත් වයසට යාමේ සලකුණු පෙන්නුම් කරනවා. මේ භෞතික වෙනස්කම් බොහොමයක් හානිකර නොවුණට, ඒවා අපව අපහසුතාවයට පත් කරන්න හේතු වෙනවා. ඒ වගේම අපේ විශ්වාසයට පවා බලපානවා. සම වයසට යෑමේ මුල් සලකුණු හඳුනා ගත්තම අපට අපේ ජීවිතයට විශ්වාසයෙන් මුහුණ දෙන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ සම වයසට යන්න පටන් අරගෙන කියලා ඔයාට හඟවන සලකුණු කිහිපයක් ගැනයි.

01. මුහුණේ කුඩා ගැටිති ඇතිවීම

මේ කුඩා ගැටිති හැඳින්වෙන්නෙ මිලියා කියලයි. ඒවා සාමාන්‍යයෙන් නාසය සහ කම්මුල් වටා ඇතිවන කුඩා සුදු ගැටිති වර්ගයක්. අපේ සමේ කුණු දූවිලි පිටකිරීමේ හැකියාව නැති වීමට පටන් ගත්තම තමයි මේ ගැටිති ඇතිවෙන්නෙ. ස්ටෙරොයිඩ් ක්‍රීම් වගේ නිෂ්පාදන අධික ලෙස භාවිතා කිරීම මගින් අපේ සම ඉක්මනින් වයසට යාමට හා මීලියා ඇති වීමට හේතු වෙනවා.

02. තොල් සිහින් වීම

අවුරුදු විස්සක් වෙනකොටම ඔයාගෙ තොල් තුනී වෙන්න පටන් ගන්නවා නම්, ඔයාගෙ සම සාමාන්‍ය තත්ත්වයට වඩා වේගයෙන් වයසට යෑමේ හැකියාවක් තියනවා. මේකට ප්‍රධාන හේතුව තොල්වල කොලැජන් ප්‍රමාණය අඩුවීම වෙන්න පුලුවන්. විජලනය, නිතර බීම බට භාවිතා කිරීම, අධික හිරු එළියට නිරාවරණය වීම හා විටමින් C ඌනතාවය නිසාත් තොල් සිහින් වෙන්න ඉඩ තියනවා.

03. සමට පහසුවෙන් හානි වීම

අපට කොතැනක හෝ අභිරහස් ලෙස පෙනෙන තැලීම් ඇති වුණොත් අපේ සම අපි හිතනවට වඩා වේගයෙන් වයස්ගත වෙනවා. මෙය සිදු වෙන්නේ අපේ සම සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුනී වී ඇති නිසා, එය තැලීම් වලට වැඩි ඉඩක් ලබාදීම සහ තුවාල සුවවීමේ වේගය අඩු වෙන නිසයි. සම නිතරම මොයිස්චරයිසින් කිරීම මෙය වළක්වා ගන්න පුලුවන්.

04. සමේ මතුපිට කඩදාසියක් වගේ වීම

සන්ස්ක්‍රීන් ආලේප කරන්නෙ නැතිව හිරුට දිගු කාලයක් නිරාවරණය වීම තමයි මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ. හානිය සිදුවන්නේ ඉලාස්ටින් බිඳවැටීම නිසා වන අතර එමඟින් අපේ සම දිගු කර එහි සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට ඉඩ සලසනවා.

05. ඇහි පියන් පහත වැටීමට පටන් ගැනීම

ඇහිපියන් එල්ලා වැටීමට පටන් ගෙන ඇති බව ඔයා දැක්කොත් වෙනදාට වඩා ඇස් ඇතිල්ලීම නවත්වන්න. ptosis කියලා හැඳින්වෙන, දෘඩ අක්ෂි කාච නිතර භාවිතා කිරීමත් සමඟ ඇහි පියන් එල්ලීම සිදුවෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් ලඟදි කරපු අක්ෂි සැත්කමක ප්‍රතිඵලයක් විදිහටත් මේ තත්වය ඇතිවෙන්න ඉඩ තියනවා.

06. නාසයේ අග හැඩය වෙනස් වීම

ගොඩක් අයගෙ අවුරුදු හතළුස් ගණන්වලදි නාසයේ හැඩයේ වෙනසක් ස්වභාවිකවම සිදුවෙනවා. අවාසනාවන්ත විදිහට, හිරුගේ හානිකර බලපෑම් වලින් සම වයසට යාම නිසා මෙය ඉක්මනින් සිදු වෙන්න ඉඩ තියනවා. මෙය අපගෙන් බොහෝ දෙනෙකුට පීඩා ඇති කළ හැකි ප්‍රශ්නයක්. හැබැයි අද වෙනකොට හොයාගෙන තියන රයිනෝප්ලාස්ටි කියන ප්‍රතිකාරය නිසා මේ ගැටළුවට හොඳ විසඳුමක් ලබාගන්න පුලුවන්.

07. මුහුණේ රතු ලප ඇතිවීම

මේ තත්වය සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ට වැඩි අය තුළ වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. මේ රතු ලප හානිකර නෑ. හැබැයි, ඒවා ඉවත් කිරීමට අවශ්‍ය අයට ක්‍රයෝසර්ජරි සහ ලේසර් සැත්කම් වගේ විකල්ප භාවිතා කරන්න පුලුවන්.

08. ඇස් ඉදිමීම

අපේ විසි ගණන් වලදි නම් ඇස් ඉදිමීම සාමාන්‍ය සිදුවීමක් කියලා හිතලා ගණන් ගන්නෙ නැතුව ඉන්නවා. හැබැයි මේකත් අපේ ඇස් වයසට යාමේ මුල් ලක්ෂණයක්. නිදි නොලැබීම හැරුණු කොට, ඉදිමුණු ඇස් ඇති වීමට තවත් හේතුවක් තමයි අපේ ඇස් වටා තරල තැන්පත් වීම. එමේ තත්වය මගහරවා ගැනීමට නම් වැඩිපුර ලුණු අඩංගු ආහාර භාවිතය අඩු කරන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published.