ඔබේ මුළු ජීවිත කාලයේම වැරදියට පිරිසිදු කරන ශරීර කොටස් 7 ක්

බුරිය ප්‍රදේශයේ පමණක් බැක්ටීරියා විශේෂ 2,368ක් පමණ, බොහෝවිට ඊට වඩා වැඩියෙන් ජීවත් වුවත් බොහෝ විට එහි සනීපාරක්ෂාව නොසලකා හැරෙනවා. කනේ කලාඳුරු පිරිසිදු කිරීමට කපු ස්වොබ් එකක් භාවිතා කිරීම ඇත්තටම භයානකයි වන අතරම අනවශ්‍යයි. මෙමඟින් පෙනී යන්නේ අප මෙතරම් කාලයක් ශරීර කොටස් වැරදි ආකාරයට පිරිසිදු කිරීමෙන් සිදු වන්නේ හොඳකට වඩා නරකක් බවයි.    

මෙහි දැක්වෙන්නේ ශරීරයේ විවිධ කොටස් නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරයයි. 

01. බුරිය 

අපි බොහෝ දෙනෙක් බුරිය පිරිසිදු කිරීම මඟ හරිනවා, නැතිනම් වැරදි ආකාරයට පිරිසිදු කරනවා. මෙය සතියකට වරක් නිශ්චිත ක්‍රමයකට ශුද්ධ කල යුතුයි. කපු ස්වොබ් එකක් පිරිසිදු කිරීමට යොදාගන්නා මධ්‍යසාරවල පොඟවාගෙන ඇතුලත පිරිසිදු කරගන්න. කපු ස්වොබ් එක පිටතට පිරිසිදුව පැමිණෙන තෙක් නැවත සිදු කරන්න. මධ්‍යසාර ඉවත් කරගැනීමට පිරිසිදු කපු ස්වොබ් එකක් පාවිච්චි කරන්න. බොඩි ලෝෂන් පාවිච්චි කරන්න එපා.    

02. කන් 

නියපොතු සහ තියුණු දේවල් භාවිතා කර කනේ කලාඳුරු පිරිසිදු කිරීමට අනිවාර්යයෙන්ම බැහැ කියන්න. ඒ වෙනුවට කලාඳුරු මෘදු කිරීමට ළදරු තෙල් හෝ ග්ලිසරීන් බින්දු කීපයක් ආලේප කරන්න. දින 1-2කට පසුව, අයි ඩ්‍රොපර් එකක් හෝ රබර් බල්බ් සිරින්ජරයක් යොදාගෙන මෘදු ලෙස උණුසුම් ජලය වත් කරන්න. හිස අනෙක් පසට හරවා වතුර පිටවීමට ඉඩ දෙන්න. තුවායකින් පිස දමා අවශ්‍ය පරිදි මෙම ක්‍රියාවලිය නැවත කරන්න. කනේ පිටත ශුද්ධ කිරීමට කපු ස්වොබ් පාවිච්චි කල හැකියි.  

03. දිව 

ප්‍රවීණයින්ට අනුව, දිව පිරිසිදු කිරීමට සුදුසුම සහ ඵලදායීම ක්‍රමය සූරා ඉවත් කිරීමයි. දත් මෙන්ම දිවත් පිරිසිදු කල යුතුයි. දිවේ පිටුපස කොටසේ සූරණය තබා කුඩා පීඩනයක් යොදමින් ඉදිරියට රැගෙන එන්න. දිවට හානි වන බවක් දැනෙනවා නම්, එය වලක්වා ගැනීමට අවශ්‍ය සෑම විටම සූරණයේ පිහිටුම වෙනස් කරගන්න. 

04. වැලමිට 

මැරුණු සෛල ඒකරාශී වීමෙන් වැලමිට අඳුරු වීමට ඉඩ නොදී සතියකට වරක් හෝ දෙවරක් මැරුණු සෛල ඉවත් කිරීමට නිර්දේශ වී තිබෙනවා. මේ සඳහා නිවසේදීම සකස් කරගත් හෝ වෙළඳපලෙන් මිලදී ගත් ස්ක්‍රබ් එකක් යොදාගත හැකියි. විශේෂම දෙය නම් වෘත්තාකාර චලන භාවිතා කර මෘදුව ආලේප කිරීමයි. අනවශ්‍ය ලෙස පීඩනය යෙදීමෙන් තත්වය වඩා දරුණු අතට හැරෙනවා.

05. අත්‍රතචය

අත්‍රතචය වර්ධනය වීමට මැරුණු සෛල හෝ හිසකෙස් නිෂ්පාදන අධිකව භාවිතා කිරීම හේතු විය හැකියි. එය පිරිසිදු කිරීම සඳහා ෂැම්පු යෙදීමට පෙර හිසකෙස් සෝදාගන්න. දැන්, ෂැම්පු සමඟ ජලය මිශ්‍ර කර අත්‍රතච ප්‍රදේශයේ ආලේප කරන්න. කන්ඩිෂනර් පාවිච්චි කරනවා නම්,හිසකෙස් අගට පමණක් යොදන්න.    

06. මුහුණ 

සාමාන්‍යයෙන් පෙණ නැගෙන සබන් සහ සේදුම්කාරක මඟින් සම වියලි කරවන නිසා ඒවා මඟහැරීමට උත්සහ කරන්න. මුහුණ සේදීමට මධ්‍යස්ථ පිරිසිදුකාරකයක් සහ ඇල්මැරුණු ජලය භාවිතා කරන්න. සෝදා හැරීමට පෙර එය තත්පර 60-90ක් මුහුණ මත තිබෙන්නට හරින්න. 

07. පිටුපස 

ශරීරය පිරිසිදු කරන ක්‍රියාවලියේ වඩාත්ම උපක්‍රමශීලි ස්ථානය පිටුපස සේදීමයි. එය නිවැරදිව කරන බවට තහවුරු කරගැනීමට, වියලි මැදීමෙන් ආරම්භ කරන්න. ඉන්පසුව සාමාන්‍ය පරිදි දිගු ලූෆා එකක් හෝ මැරුණු සම ඉවත් කරන පටිය භාවිතා කර ස්ක්‍රබ් කරන්න.     

අමතර:

පියර්සින් ශරීරයේ විද ඇති ස්ථාන පිරිසිදු කරගන්නේ කොහොමද? මේ සම්බන්ධ ප්‍රවීණයින්ට අනුව මේ සඳහා සුදුසු වන්නේ සේලයින්වලින් පෙඟවීමයි. ලුණු සහ උණුසුම් ජලය මෘදුව සංකෝචනය කිරීමෙන් හානි වී ඇති ස්ථාන පිරිසිදු කරගත හැකි අතර ඒ ප්‍රදේශයේ රුධිර වහනය උත්තේජනය කල හැකියි.

Leave a Reply

Your email address will not be published.