ඔබේ මේකප් කුසලතා වැඩි කරගැනිමට රූපලාවන්‍ය ක්‍රම 24 ක්

ඉක්මනින්ම සුන්දර වීමට දරන උත්සාහයේදී ලොව වටා මිනිසුන් ඉහල මුදලක් වැය කරනවා. නමුත් ගොඩක් දෙනාට අමතක වෙනවා, ලොකු දෙයක් සෑදෙන්නේ පොඩි පොඩි දේවල් ගොඩක් එකතු වීමෙන් කියා. උදාහරණයක් ලෙස, සමහර අවස්ථාවලදී වඩා හොඳ, නිරෝගී, ශක්තිමත් පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ වෙනස් විදියකට කොණ්ඩය පීරීම හෝ වියළීමයි. ඒ වගේම සමහර අය ඕනෑම වර්ගයට ස්වයං-සත්කාරයක් සඳහා එවැනි විසඳුම් සොයා ගෙන තිබෙනවා.     

සාක්කු, මුදල් පසුම්බිය හෝ බැංකු ගිණුම හිස් කර නොගෙන සුන්දර සහ විශ්වාසී පෙනුමක් ලබා ගැනීමට භාවිතා කල හැකි උපක්‍රම මෙහි ලැයිස්තුගත කර තිබෙනවා.

01. පරිමාවෙන් සහ ඝනකමෙන් වැඩි කෙස් කළඹක් 

ප්‍රවීණයින් නිර්දේශ කරන ආකාරයට මුහුදු ලුණු කොටස් 3කට ෂැම්පු කොටස් 2ක් එක්කල යුතුයි. හොඳින් මිශ්‍ර කර හිසකෙස් සේදීමට ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්න. මෙමඟින් හිසකෙස්වල සිවිය ගැලවී යන අතර උද්දීප්ත සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලැබෙනවා. 

02. හිසකෙස් යටිකුරුව වියළා ගන්න.

වැඩි පරිමාවකින් යුත් දඟකාර කෙස් කළඹක් ලබා ගැනීමට හිස කෙස් වියලනය භාවිතා කරන්නේ කොහොමද? කරදර වෙන්න එපා. උඩු යටිකුරු කර හිසකෙස් වියළා ගන්න. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඉහත ප්‍රතිඵලවලට අමතරව, හිසකෙස් වල ඉහල කොටසට වියලනයේ තාපය හේතුවෙන් සිදු වන හානිය අවම වෙනවා.

03. හිසකෙස් වියලිමෙන් අනතුරුව නියම පෙනුමක් ලබාගන්න.

නරක හිසකෙස් පවතින දවසක් අපි කාටවත් අවශ්‍ය නැහැ, විශේෂයෙන්ම හොඳ පෙනුමක් අවශ්‍ය දිනවල. පමා වී ඇති දිනයක හිස කෙස් සේදීමට අමතක වූවා නම්, නියම පෙනුමක් ලබාගත් හැකි ක්‍රමය මෙන්න; නමුත් ව්‍යාජ එකක්. කේශ මූලවලට පුයර (ළදරු පුයර වඩා හොඳයි) ටිකක් යොදා ඒ හරහා කොණ්ඩය පීරන්න. අවසාන වශයෙන් කෙස් අග කර්ල් කරන්න.

04. DIY හිසකෙස් විසරකය

හිසකෙස් වියලනය සඳහා විසරක ඇමිණුමක් නැතිනම්, අපූරු රැලි කොණ්ඩයක් ලබාගැනීමට විසරකයක් ලෙස පෙරණයක් පාවිච්චි කරන්න.  

05. බරපතල කන්ඩිෂනර් සත්කාර සඳහා ප්ලාස්ටික් උරයක් යොදාගන්න.

හිසකෙස් සෝදා පිරිසිදු තුවායකින් වියළාගන්න. ලෝභ නැතිව කන්ඩිෂනර් ආලේප කර, කොණ්ඩය අඹරා හිස මුදුනට සිටින පරිදි කටුවක් ගසන්න. ප්ලාස්ටික් උරයකින් හිසකෙස් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. ඉන්පසු හිසකෙස් සෝදා හරින්න. මතක ඇතිව වියලනයෙන් හිසකෙස් වියලන්න එපා.

06. වියලී ගිය අයි ලයිනර් නැවත පාවිච්චියට ගන්නේ කොහොමද? 

පහසුවෙන් ආලේප කිරීමට සහ පිරිසිදු බොඳ නොවන පැහැයකට අමතරව, ෆෙල්ට් තුඩ සහිත ලයිනර් එකේ අවාසිය වන්නේ: ඉක්මනින්ම වියලීමට නැඹුරුතාවයක් දැක්වීමයි. වාසනාවකට මෙන් මෙය විසඳාගත හැකියි. අයි ලයිනර් එකේ කෙලවර විවෘත කර (බොහෝ විට කිරීමට ඇත්තේ තනිවම ඇණ ගැලවීම හෝ ට්වීසරයකින් ඇදීමයි) ඇතුලත ඇති කුඩා ෆෙල්ට් කූර ඇඟිලි භාවිතා නොකර (අපිරිසුදු වන නිසා) වෙනත් ඕනෑම දෙයකින් පිටතට ගන්න. පෙර පවතී ආකාරයට විරුද්ධ ආකාරයට කූරේ පැත්ත මාරු කර නැවත ඇතුළු කරන්න.

07. ඇස් යට අයි බෑග්ස් සඳහා ඉක්මන් ප්‍රතිකාරය:

ඇත්තම කිව්වොත් මේවා වලක්වාගැනීමට ක්‍රමයක් නැහැ. නමුත් මේවා ඇති විට අනවශ්‍ය අවධානයක් යොමු වෙනවා. මේවා ඉවත් කරගැනීමට ක්‍රමයක් නැති වුවත්, ශීතකරණයේ තැබූ අයි ක්‍රීම් ආලේප කිරීමෙන් ඒවා දර්ශනය වීම අවම කරගන්න පුළුවන්. අයි ක්‍රීම් එක ගබඩා කිරීමට ශීතකරණයේ ඉඩක් සකස් කරගන්න. 

08. මුහුණට යෙදිය හැකි හොඳම ස්වභාවික ස්ක්‍රබ් එක 

පොල්තෙල් කියන්නේ සමට අමෘතයයි, මේ නිසා එයට අඹරන ලද කෝපි 1:1 අනුපාතයෙන් යොදා පරිපූර්ණ ස්වභාවික ෆේස් ස්ක්‍රබ් එකක් නිවසේදීම සකස් කරගන්න. මුහුණේ ආලේප කර අවම වශයෙන් පැය 1/4-1 දක්වා තබන්න. උණුසුම් ජලයෙන් සෝදා හැර දිදුලන සමක් ලබාගන්න. මෙය ශරීර ස්ක්‍රබ් එකක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්.

09. ඕනෑම ෆවුන්ඩේෂන් එකකින් ගැලපෙන තැන පැහැය ලබාගැනීම.

වැරදීමකින් සමේ පැහැයට වඩා තද ෆවුන්ඩේෂන් එකක් මිලදී ගත්තා නම්, එහි පැහැය ලා කරගැනීමට මොයිස්චරයිසර් ස්වල්පයක් එකතු කරන්න.

10. බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගැනීමට DIY ක්‍රමය 

කුරුඳු තේ හැන්දකට මී පැණි මේස හැඳි තුනක් එක්කර ඝන ආලේපයක් සකස් කරගන්න. වියලි සම මත ඇඟිලිවලින් ගෙන සකස් කරගත් මිශ්‍රණය මෘදුව අතුල්ලන්න. වෘත්තාකාර චාලන භාවිතා කර විනාඩි 5ක් අතුල්ලා (නැත්නම් රාත්‍රියක් තබාගන්න) උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න. මී පැණි යනු විවෘතව පවතින සමේ සිදුරුවල ඇති කුණු දුහුවිලි පිටතට ඇද දමන ස්වභාවික ප්‍රතිජීවකයකි. කුරුඳුවල ප්‍රති ක්ෂුද්‍රජීවී ගුණ සහිත අතර සමේ සිදුරුවල අපද්‍රව්‍ය ඉවත් කර බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමට සම මතුපිට ඇති අතිරික්ත ස්නෙහය මෘදුව ඉවත් ඉවත් කරනවා.

11. සුන්දර මුහුණක් ලබාගැනීමට අයිස් මාර්ගයක් 

මේකප් ආලේප කිරීමට පෙර මුහුණේ අයිස් සෙමින් ඇතිල්ලීමෙන් සමේ සිදුරු වැසීමට උපකාරී වන අතරම සමෙහි රතු පැහැය අවම කරවනවා. ඊට අමතරව මෙමඟින් දිගු කාලයක් මුහුණේ මේකප් එක රඳවා තබාගැනීමේ හැකියාවද ලැබෙනවා. අයිස් කැට මුහුණේ ඇතිල්ලීමෙන් රැලි සහ නොමේරූ වියපත් විම   වළක්වාගත හැකියි. 

12. ෆෑන් බ්‍රෂ් ක්‍රමය. 

ෆෑන් බ්‍රෂ් එකක් නැත්නම්, සාමාන්‍ය බුරුසුවක් ගෙන බොබී පින් එකක් දමන්න. මෙය ඉතාම විශිෂ්ට උපක්‍රමයක්, මතක ඇතිව ස්ථිර වශයෙන් බුරුසුවේ බොබී පින් තියෙන්නට හරින්න එපා.

13. බුරුසු පිරිසිදු කිරීමට යොදා ගන්නා පුවරුව, මායා මැලියම් තුවක්කු ක්‍රමය!

බුරුසු පිරිසිදු කිරීමට යොදා ගන්නා පුවරුව මිලෙන් බොහොම අධිකයි, නමුත් පුදුම සහගත ලෙස පහසුවෙන්ම සකස් කරගන්න පුළුවන්. ඔයාටම කියා මෙවැනි පුවරුවක් සකස් කරගැනීමට අවශ්‍ය වන්නේ මැලියම් තුවක්කුවක් සහ ප්ලාස්ටික් පුවරුවක් පමණයි. මේවා භාවිතා කර මිලෙන් අධික පිරිසිදු කිරීමේ පුවරුවක් ආකාරයටම කුරුටු ගාගන්න.

14. මේකප් බුරුසු පිරිසිදු කරගැනීමට ළදරු ෂැම්පු.

මිලෙන් අධික විකාර බුරුසු පිරිසිදු කරන ද්‍රව්‍ය පාවිච්චි කිරීම වෙනුවට, ළදරු ෂැම්පු සහ බුරුසු පිරිසිදු කිරීමට යොදා ගන්නා පුවරුව ඉහත සඳහන් කල ආකාරයට භාවිත කරන්න.

15. කුරුලෑ වලට සත්කාර කිරීමට දත් බෙහෙත්.

උණුසුම් ජලයෙන් මුහුණ සෝදා අතිරික්ත තෙල් සහ අපද්‍රව්‍ය ඉවත් කරගෙන සෙමින් තට්ටු කරමින් වියලාගන්න. ඇඟිල්ලට දත් බෙහෙත් ස්වල්පයක් ගෙන සෘජුවම කුරුලෑ වල ආලේප කරගන්න. නමුත් කුරුලෑ වලට පිටත ප්‍රදේශයේ ආලේප නොකිරීමට වග බලාගන්න. පැය 2ක් තබා මෘදු තෙත් රෙදි කැබැල්ලකින් සමට හානියක් නොවන පරිදි ප්‍රවේශමෙන් ඉවත් කරන්න. දැන් උණුසුම් ජලයෙන් මුහුණ සෝදා සෙමින් තට්ටු කරමින් වියලාගන්න.

16. දත් මැදීමෙන් අනතුරුව තොල් මදින්න.

වියළි බුරුසුවක් භාවිතා කර තොල් දෙක මෘදුව අතුල්ලන්න. එමඟින් මැරුණු සෛල ඉවත් කර තොල් මෘදු කිරීමට උපකාරී වෙනවා. ඊට අමතරව තොල්වලට සැපයෙන රුධිර ප්‍රවාහය වර්ධනය වන අතරම ඒවා මෘදු සහ වඩා සංවේදී කරවනවා.   

17. දිගු කාලයක් ලිප්ස්ටික් තබාගැනීමට 

ලිප්ස්ටික් ස්ථරයක් ආලේප කරගන්න, දැන් තොල් හරහා ටිෂූ එකක් දමන්න. පාරභාසක පුයර ටිකක් ටිෂූ එක මතට ඉසීමෙන් පැහැය වැඩි කාලයක් පවත්වාගන්න පුළුවන්.  

18. කැඩුණු ලිප්ස්ටික් එකක් නැවත සකස්කර ගන්නේ කොහොමද?

කැඩුණු ලිප්ස්ටික් එකක් නැවත සකස්කර ගන්නා ආකාරය දන්නවා නම් ඉතා පහසුවෙන් එය කරගන්න පුළුවන්. කැඩුණු කෙලවර සහ ආධාරකයේ තිබෙන කොටසේ කෙලවර පාදගන්න. ගිනි කූරක් හෝ ලයිටරයක් භාවිතා කර ප්‍රවේශමෙන් එම කොන් දෙක දිය කරගෙන කැඩුණු දෙකෙළවර මෘදුව තද කරන්න. මිනිත්තු 45ක් පමණ ශීතකරණයේ තබන්න. 

19. ශක්තිමත් සහ නිරෝගී නිය 

පහසුවෙන්ම කැඩෙන දුර්වල නියපොතු තිබෙන කෙනෙකුට නිවසේදීම සකස් කරගත හැකි පිලියමක් තිබෙනවා. නිතිපතා නියමහ සහ නියපොතු පොල් තෙල්වලින් සම්බාහනය කිරීමෙන් තෙතමනය එකතු කර නිය ශක්තිමත් කරන අතර එහි ප්‍රතිඵලය වශයෙන් නියපොතු කැබලි කැඩී යන්නේ නැහැ. ස්වභාවික ප්‍රති-දිලීරකාරකයක් වන පොල් තෙල් මඟින් ඕනෑම දිලීරයකින් නියපොතු ආරක්ෂා කරනවා.

20. නිය ආලේපන පැල්ලම් ඉවත් කිරීම.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැන්දක් සහ බේකින් සෝඩා මේස හැඳි 2ක් උණුසුම් ජලයට එකතු කර මිශ්‍රණයක් සකස් කරගන්න. මෙම මිශ්‍රණය තුලට නියපොතු බහාගෙන විනාඩි 5ක් ඉන්න. රසායනික ද්‍රව්‍ය මඟින් නිය ආලේපන නිසා ඇති වී තිබෙන පැල්ලම් ඉවත් සියල්ලම ඉවත් කරන නිසා අලුත් නිය ආලේපයක් පාවිච්චි කරන්න පුළුවන්.

21. ඉක්මනින්ම නිය ආලේපන වියළා ගැනීමට ආහාර පිසීමට භාවිතා කරන ස්ප්‍රේ.

ඉක්මනින් වියලෙන නිය ස්ප්‍රේ භාවිතා කිරීම කියන්නේ නුහුරු දෙයක් නෙවෙයි. නමුත් මේ ප්‍රතිඵලයම ලබාගැනීමට භාවිතා කළහැකි මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයාගත හැකි ආදේශකයක් තිබෙනවා. ඒ ආහාර පිසීමට භාවිතා කරන ස්ප්‍රේ. නිය පාට කිරීම අවසන් කල පසු, මෙය ස්ප්‍රේ කරන්න. විනාඩි කීපයක් තබා සෝදා හරින්න.

22. වඩා සුමුදු දෙපතුල්.

නින්ද අතරතුර දෙපා සුව කරවන සත්කාර භාවිතා කරන්න. පැළුණු දෙපා වල ඕනෑම පෙපර්මින්ට් මොයිස්චරයිසර් එකක් හෝ වැස්ලීන් ආලේප කර, සැපපහසු කුෂන් මේස් දෙකක් දමාගෙන නිදාගන්න. එපමණයි. මෘදු සුමුදු දෙපා සහිතව උදෑසන අවදි වෙන්න.

23. මනාව නියපොතු හැඩ කළ දෙපා.  

ඇල්කා-සෙල්ට්සර් පෙති භාවිතා කිරීමෙන් මනාව හැඩ කල නිය පෙළක් සහිත පාද ලබා ගත හැකියි. ඔව්, ඔයා හරි. මේ විසඳුමෙන් පරිපූර්ණ දෙපා ලබාගන්න පුළුවන්. මේවාට තමයි උපක්‍රම කියන්නේ! මේ පෙතිවල සිට්‍රික් අම්ලය සහ බේකින් සෝඩා අන්තර්ගත වෙනවා. උණුසුම් ජලයට පෙති යොදා දෙපා පොඟවාගන්න. මෙම රසායනික ද්‍රව්‍ය ජලය සමඟ ප්‍රතික්‍රියා කර සම මෘදු කිරීමට උදව් කරනවා.

24. සුවඳ විලවුන් නිවැරදිව භාවිතා කිරීම.

සුවඳ විලවුන් නිෂ්පාදන ආයතන තම සුවඳ විලවුන් මුළු ශරීරයටම ස්ප්‍රේ කිරීමට නිර්දේශ කළත්, ඇත්තටම එය අවශ්‍ය නැහැ. මෙම ඡායාරුපයෙන් පෙන්වන්නේ උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම් ශරීරයේ සුවඳ විලවුන් ගැල්විය යුතු ස්ථානයි.

Leave a Reply

Your email address will not be published.