ඔබේ රූපය පවත්වාගෙන යාමට අනිවාර්‍යයෙන් අවශ්‍ය වන ක්‍රම 11 ක්

කාන්තාවන්ගේ උපාය කෞශල්‍යයට සීමා මායිම් නැහැ, විශේෂයෙන්ම ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට උත්සහ කරන විට. ඔයා සතුව පවතින මූලික උපකරණ භාවිතා කර, වෙන් කිරීමට කාලයක් නොමැතිව ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට දරන උත්සාහය ඉතාම දුෂ්කරයි. කාන්තාවන්ගේ නව නිෂ්පාදන හැකියාව නිසා මෙම සියලුම බාධා මැඩගෙන අනර්ඝ ප්‍රතිඵල ලබාගැනීමට ගැකි වෙනවා.

සෑම අවස්ථාවක් සඳහාම භාවිතා කල හැකි උපක්‍රම ලැයිස්තුවක් මෙහි තිබෙනවා. එමඟින් කිසියම් අවස්ථාවකදී මුහුණ දීමට සිදු වන ඕනෑම ගැටළුවක් ලේසියෙන්ම විසඳා ගෙන සුන්දරව සහ සුවපහසුව සිටීමට හැකි වෙනවා.. 

01. ටෑන්ක් ටොප් එකක් ඇඳගෙන සිටින විට බ්‍රා එකේ පටි පිටතට පෙනීම වලක්වා ගැනීම. 

උරහිස් දෙකට යටි පැත්තෙන් මැහුම් පටිති සම්බන්ධ කරන්න. මෙමඟින් බ්‍රා එකේ පටි ලිස්සන්නේ නැතිව නිසි තැන පවතිනවා. 

02. ඉවත් කරන දියරය ඉවර වූ විට නියපොතු වල ආලේප කර ඇති වාර්නිෂ් ඉවත් කරගන්නේ කෙසේද?

නියපොතු මත අමතර ස්ථරයක් ලෙස විනිවිද වාර්නිෂ් එක ආලේප කර, එය වියළීමට පෙර පිස දමන්න. නව ස්ථරය සමඟ පැරණි වාර්නිෂ් ස්ථරය ගැලවී යනවා.

03. ඇඳුම්වල පවතින කුඩා රැලි ඉවත් කරගැනීම. 

ටොප් එකේ බොත්තම් අතර සහ කොලර් එකේ දක්නට ලැබෙන රැලි ඉවත් කරගත හැකි සරලම ක්‍රමය හෙයාර් ස්ට්‍රෙට්නර් භාවිතා කිරීමයි

04. අග ගෙවී ගිය සපත්තු ලේස් නැවත සකස් කරගැනීම.

සපත්තු ලේස්වල අග ගෙවී ඇත්නම් එයට අපිළිවෙල පෙනුමක් ලැබෙනවා. ඒවා පහසුවෙන්ම සකස් කරගැනීමට විනිවිද නිය ආලේපන ස්වල්පයක් ආලේප කරන්න. 

05. ඉක්මනින්ම ඇඳුම් වලින් ස්ථිතික ආරෝපණ ඉවත් කරගැනීම.

ඇඳුම්වල කණපිට ප්‍රති-ස්ථිතික තුවායක අතුල්ලන්න. 

06. සපත්තුවලින් වහනය වන අප්‍රසන්න ගන්ධය ඉවත් කිරීම.

එම ප්‍රබල ගන්ධය ඉවත් කිරීමට, බේකින් සෝඩා කුඩා ගෝනි කිහිපයක් සපත්තු තුලට දමා රාත්‍රියක් තබන්න. බේකින් සෝඩා මඟින් අතිරික්ත දියර උරාගන්නා නිසා මෙම ගැටළුව පහසුවෙන්ම විසඳාගත හැකියි. 

07. නයිලෝන් ටයිට් එකේ කුඩා සිදුරක් තව දුරටත් ලොකු වීම නවත්වන්නේ කෙසේද? 

ඔයාගේ නයිලෝන් ටයිට් එකේ හටගෙන ඇති සිදුරේ ප්‍රමාණය තවත් වැඩි වීම වැළක්වීමට, එම ප්‍රදේශයට හෙයාර් ස්ප්‍රේ එක ස්ප්‍රේ කිරීම හෝ විනිවිද නිය වාර්නිෂ් ස්ථරයක් ආලේප කරන්න.

08. ඇඳුම් සහ රෙදි වලින් හොඳ සුවඳක් වහනය වීමට. 

ඇඳුම් අල්මාරියට සගන්ධ සබන් කැබලි යොදන්න. විශේෂයෙන්ම මෙම සබන් කැබලි ලිනන් රෙදි සමඟ තබන්න, ඇඳට යන සෑම වතාවකම විශේෂත්වයක් දැනේවි.

09. වළල්ලක්(බ්‍රේස්ලට් එකක්) පහසුවෙන්ම දමාගන්නා ආකාරය 

කරදරයකින් තොරව වෙනත් කෙනෙකුගේ උපකාරය නැතිව තනිවම වළල්ලක් දමාගන්නේ කොහොමද? ඔයාගේ මැණික් කටුවේ තියෙන වළල්ලේ එක කෙළවරක ඇලවෙන ටේප් එකක් අලවන්න. 

10. පසුපස නැති ඇඳුම්වලට බ්‍රා එකක් අඳින්නේ කොහොමද? 

ඇඳුමටම බ්‍රා කප්ස් තබා මැසීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳිය හැකියි. 

11. පපුවට පිරිපුන් පෙනුමක් ලබා දෙන්නේ කොහොමද?

 සරලයි- පටි නැති බ්‍රා එකක් අඳින්න.

Leave a Reply

Your email address will not be published.