ඔබේ ශරීරය රැක බලාගැනීමට ඉතාම ප්‍රයෝජනවත් උපක්‍රම 10 ක්

සෑම ගැහැණු ළමයෙක්ටම ඕනම කරන දෙයක් තමයි ලස්සන සහ ආකර්ෂණීය බව කියන්නෙ. නමුත් ඔබ ආසම පෙනුම ලබාගැනීමට මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමට අවශ්‍ය නැත. හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නිවසේම ඇති දේවල් ඕන තරම් තිබේ. යුවතිය අපි ඔබට ඒවා ගැන පහැදිලි කිරීමටයි මේ සූදානම.

01. ඉදිමීම අඩු කිරීම සහ මුහුණට නැවුම් බවක් දෙන ලුණු වතුර

ලුණු ස්වල්පයක් සාන්ද්‍රණය වැඩි වන තුරු ජලයෙහි දිය කර තුවායක් ගෙන එහි පොගවා විනාඩි 10 ක් පමණ ඔබේ මුහුණට ආලේප කරන්න.

02. තෙල් සහ දත්බුරුසුවකින් ඔබේ දෙතොල්වලට සරාගී බවක් ලබා ගැනීමට.

ඕනෑම රූපලාවන්‍ය තෙල් වර්ගයක් මේ සදහා භාවිතා කල හැකිය, පීච් තෙල්, ආමන්ඩ් ඔයිල් හෝ සාමාන්‍ය ලිප් බාම්. ඉන්පසුව සිනිදු දත් බුරුසුවක් ගෙන විනාඩියක් පමන ඔබේ තෝල් මත අතුල්වන්න.

03. සම පැහැපත් කරීමට සහ මොයිස්චරයිස් කරගැනීමට ඔලිව් ඔයිල්.

ඔලිව් ඔයිල් භාවිතා කර ඔබේ මුහුණ සම්බාහනය කිරීමෙන් ඔබේ සම පිරිසිදු, සිනිදු සහ මැට් බවකට පත් වේ. මුලින්ම මුහුණට හොදින් වාශ්ප අල්ලා විනාඩි 7 ක් පමන තෙල් සම්බාහනය කරන්න. මෙහි හොදම ප්‍රතිඵල ලබා ගැනීමට මෙය දින 4-5 කට වරක් සිදු කරන්න.

04. දැවිල්ල අඩු කර කුරුලෑ ඉවත් කරන මී පැණි.

‌විශේෂ දිනයකට හෝ වැදගත්ම රැස්වීමකට යන්න කලින් ඔබේ මුහුණේ ඇති කුරුලෑ ඉවත් කර ගැනීමට පහසු ක්‍රමයක් ඇත. කුරුළෑ මතට මී පැණි ස්වල්පයක් දමා විනාඩි 15 ක් තබා ඉන්පසුව එය උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම ක්‍රමය නිසා කුරුලෑවේ ප්‍රමාණය අඩු වන අතර ඉන්පසුව එය මේකප් මගින් පහසුවෙන් සැගවා දැමිය හැකිය.

05. මුහුණේ දැවිල්ල අඩු කර ගැනීමට අක්ෂි බිංදු.

ඉහතදී කතාකල කුරුළෑ වලින් බේරීමට තවත් පහසු ක්‍රමයක් තමයි අක්ෂි බිංදු භාවිතා කිරීම. රතු පැහැයෙන් අඩු කරන අක්ෂි බිංදු වල කපු පෑඩ් පොගවා විනාඩි 5 ක් ශීතකරණයේ තබන්න. පසුව මෙම කපු පෑඩ් ගෙන දැවිල්ල තැන් වලට තබා තද කරන්න.

06. ගෙදරම හදන්න පුලුවන් මේකප් එක.

මෙය සාදන්නේ වීදුරු භාජනයක් තුළට ඔලිව් තෙල් සහ ජලය 3:1 අනුපාතයට දමා මිශ්‍ර කර හොදින් සොලවා ගන්න. පසුව එය භාවිතා කල හැකිය.

07. හිසකෙස් ඉවත් කිරීමට බේකින් සෝඩා.

මෙම නිවසේ සෑදිය හැකි බොඩි ස්ක්‍රබ් එක සෑදීමට ඉතාම පහසුයි. කුඩා භාජනයක් ගෙන බේකින් සෝඩා මේස හැන්දක්, ඕට් මීල් මේස හැන්දක් සහ වතුර මේස හැන්දක් දමා තලපයක ස්වරූපයක් එන තුරු මිශ්‍ර කරගන්න. පසුව එය සමෙහි ආලේප කර විනාඩි 5 ක් පමණ තබා උණු වතුරෙන් සෝදා හරින්න.

08. ඇස් යට අදුරු කව වලට සහ ඉරි වලට බේකිං සෝඩා.

උණු ජලය හෝ තේ කෝප්පයකට බේකින් සෝඩා තේ හැන්දක් දමා කලවම් කර එම මිශ්‍රණයේ කපු පෑඩ් පොගවා ඇස් යට ප්‍රදේශයේ ආලේප කරන්න. ඉන්පසුව මිනිත්තු 10-15 රෑදී සිටින්න. පසුව මොයිචරයිස් කර සෝදා හරින්න. මෙය නැවත නැවත දිනපතා සිදු කර ප්‍රතිඵල අත්විදින්න.

09. නීරෝගී දිලිසෙන කෙස් කළබක් සදහා කෙසෙල්.

මෙය සකස් කිරීමට ඔබට කෙසෙල් ගෙඩියක්, බිත්තරයක්, මී පැනි මේස හැන්දක් සහ කලු බියර වීදුරු බාගයක් අවශ්‍යවේ. කුඩා භාජනයක් ගෙන සියලුම දේවල් එයට දමා සිනිදු වන තුරු කලවම් කරන්න. පසුව සෑදූ මිශ්‍රණය ඔබේ හිසකෙස් වලට පැය කිහිපයක් යොදා තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට වරක් මෙය සිදු කර ප්‍රතිඵල ලබා ගන්න.

10. ඇහිබැමි වර්ධනය සදහා පොල් සහ ලැවෙන්ඩර් ඔයිල්.

ලැවෙන්ඩර් තෙල් බිංදු 4 ක් පොල්තෙල් තේ හැදි බාගයක් සමග මිශ්‍ර කරන්න. කපු පෑඩ් හෝ පුලුන් භාවිතා කර මිශ්‍රණය පිල්ලම් වල මුල් දක්වා යන පරිදි යොදන්න. සතියකට තුන්වතාවක් මෙය කර ඝනක්ම් දිග ඇහිබැමක් ලබා ගන්න. නැවතත් මෙවැනි වටිනා ලිපියක් සමගින් හමුවන තුරු ඔබට සුභ දවසක්.

Leave a Reply

Your email address will not be published.