ඔබේ ශරීරය ස්වාභාවිකව විශ ඉවත් කර පිරිසිදු කරන ආහාර 10 ක්

බොහෝ අය ජීවත් වන්නේ වේගවත් ලෝකයක, හැම වෙලාවේම නිරෝගී ආහාර වේලක් ගන්න පවා ප්‍රමාණවත් කාලයක් නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නොදැනුවත්වම ශරීරයට විශාල හානියක් වන ආහාර වලින් පුරවා ගන්න නිසා අවයව පීඩනයට ලක්වෙනවා. මෙම ආහාර රටාව නිසා දැනට කිසිම ගැටළුවක් ඇති නොවුණත් අනිවාර්යයෙන්ම අනාගතයේදී ප්‍රතිවිපාක පැමිණෙනු ඇත.

දෛනික ආහාර වේලට පහසුවෙන් ඇතුළත් කළ හැකි සෞඛ්‍ය සම්පන්න ආහාර ලැයිස්තුවක් පහත දැක්වෙන අතර එමඟින්  දිනපතා නිරාවරණය වන විෂ වලින් ශරීරය විෂහරණය කර පිරිසිදු කරයි. දැනටමත් මේ ලැයිස්තුවේ කෑම වර්ග කීයක් ඔයාගේ මෙනු එකේ තියෙනවද?

10. බීට්රූට්

බෙහෙවින් ප්‍රයෝජනවත් මුලක් වන මෙය යකඩ, කැල්සියම් සහ බීටයින් නම් ප්‍රතිඔක්සිකාරක වර්ගයක්, විශේෂ රතු පාට ලබා දෙන වර්ණකය අඩංගු වෙනවා. බීටයින්, සෛල ව්‍යුහය වැඩි දියුණු කරන අතර අක්මාවේ සෛල අලුත්වැඩියා කර ප්‍රතිජනනය කරනවා. අක්මාව ශරීරයේ ප්‍රධාන විෂහරණ මධ්‍යස්ථානයයි. අක්මාව මගින් ඔයා නිරාවරණය වන සියලුම විෂ වලින් ශරීරය ආරක්ෂා කරන නිසා ස්වාභාවික විෂබීජ නාශක එළවළු ආහාරයට එකතු කිරීම මේ ක්‍රියාවලියට බොහෝ උපකාරී වෙනවා.

ඉඟිය: සියලු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කර ගැනීම සඳහා පොත්ත සමග බීට්රූට් එකක් හුමාලයෙන් හෝ වතුරෙන් තම්බා ගන්න. පිළිස්සීම සහ බැදීම ද අමතර ආහාර පිළියෙළ කිරීම සඳහා රසවත් විකල්ප වෙනවා. සෞඛ්‍ය සම්පන්න ස්මූදි එකක් සඳහා අමු බීට් භාවිතා කිරීම ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. සලාදයක් හදා ගන්න නම් ඒවා අමුවෙන් කැබලිවලට කපාගත යුතුයි.

09. ළූණු සහ සුදුළූණු

අක්මාවේ ශක්තිමත්ම ප්‍රතිඔක්සිකාරකවලින් එකක් වන ග්ලූටතයෝන් නිපදවීමට උපකාරී වන ෆ්ලේවනොයිඩ් මේ දෙකෙහිම  අඩංගු වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියෙන් විෂ අපද්‍රව්‍ය පෙරන විෂහරණ එන්සයිම නිපදවීමට ඒවා අක්මාව උත්තේජනය කරනවා. ඊට අමතරව, ඒවා මේ ආකාරයට වෙහෙස මහන්සි වී වැඩ කරන අක්මාව මත පැටවී ඇති බර ලිහිල් කරන අතර එයට බලවත් ප්‍රතිබැක්ටීරීය, ප්‍රති-පරපෝෂිත හා ප්‍රතිශක්තිකරණ ගුණ පවතී.

ඉඟිය: ඕනෑම විෂහරණ ආහාර වේලකට මේ අමුද්‍රව්‍ය 2 ඇතුළත් විය යුතුයි. අමු හෝ බැදපු සුදුළූණු, සලාදයකට හොඳ එකතු කිරීමක් වෙනවා. පොෂ්‍යදායි පැතලි බිස්කට්වල තැවරූ ගෙදර සෑදූ බැදපු සුදුළූණු, ඔයාගේ කාර්යබහුල දවස සඳහා හොඳ කරන විෂහරණය කරන සරල කෑමක්.

08. පලා වර්ග 

තද පැහැති පලා වර්ග, හරිතප්‍රද මගින් ආහාර ජීර්ණ පද්ධතියේ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී ශක්තිය නිර්මාණය කරන ආලෝකය පරිභෝජනය කිරීම සඳහා මෙම ශාක වර්ණකය ප්‍රයෝජනවත් වෙනවා. නමුත් මේ හැර, විෂ ද්‍රව්‍ය හා අනෙකුත් නිදහස් ඛණ්ඩක සමඟ සම්බන්ධ වී ඒවා උදාසීන ද්‍රව්‍ය බවට පත් කිරීමේ හැකියාව පවතිනවා. එය අපගේ ශරීරයේ එකතු වන බැර ලෝහ ද පිරිසිදු කරනවා.

ක්ලෝරෝෆිල් වලට ප්‍රති-පිළිස්සුම් ගුණ ඇති අතර ඒවා ශරීරය ක්ෂාර කර ශාරීරික තරලවල පවතින ආම්ලිකතාවයෙන් මිදීමට උපකාරී වෙනවා.

ඉඟිය: නූතන ආහාරවල ආම්ලිකතාවය අධික බැවින් ඔයාගේ මුළුතැන්ගෙය නිවිති, කාලෙ (බොකුටු ගෝවා), නිල් අවරිය සහ වෙනත් කාබනික අඳුරු කොළ පැහැති පලා වර්ගවලින් පිරී ඇති බවට වග බලා ගන්න. ඔයාගේ ස්මූදි s හෝ බීමවලට නිල් අවරිය එක් කරන්න. රසවත් නිවිති සුප් එකක් හදන්න, නැත්නම් ඔයාගේ පීසා කැලේ චිප්ස් හදන්න අවශ්‍ය වෙන කාලෙ ඔලිව් තෙල් සහ කුළුබඩු සමග බැදගන්න.

07. ලෙමන් වතුර

පැඟිරි පලතුරු, විටමින් සී වලින් පිරී ඇති නිසා සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් බැවින් ආහාර ජීර්ණ පද්ධතියට විශිෂ්ට සේවාවක් කරනවා. මෙම ප්‍රබල සංයෝගය අක්මා එන්සයිම සක්‍රීය කර විෂ, ජලයේ ද්‍රාව්‍ය ස්වරූපයක් බවට පරිවර්තනය කරන්න උපකාරී වන අතර එකතැන පල්වෙන බඩවැල් වලට පහර දෙයි. ඒකෙන් අදහස් කරන්නේ ඔයාගේ  ශරීරයේ තියෙන සියලුම අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කර ගත හැකි බවයි.

ඉඟිය: මුහුදු ලුණු ස්වල්පයක් සහ මී පැණි හෝ මේපල් සිරප් ස්වල්පයක් එක් කළ ලෙමන් හෝ දෙහි යුෂ මිශ්‍ර කළ ඇල්මැරුණු වතුර වීදුරුවක් සමඟ ඔයාගේ උදෑසන ආරම්භ කරන්න. මෙම මිශ්‍රණය හිස් බඩ පානය කිරීමෙන් දවස සඳහා ඔබේ ශක්ති මට්ටම ඉහළ නැංවීම, වඩා හොඳ බඩවැල් චලනයන් සහ සම පැහැපත් කර ගන්න හැකි වෙනවා.

06. බීජ හා ඇට වර්ග

ඔයාට ප්‍රධාන ආහාර වේල් වලට අමතරව සුලු කෑම කන්නේ නැතුව ඉන්නම බැරි නම්, ඒවා සෞඛ්‍ය සම්පන්න ඒවා බවට වග බලා ගන්න. හැම වෙලාවේම ආමන්ඩ්, වොල්නට්, හණ ඇට හෝ සූරියකාන්ත බීජ වැනි ඇට වර්ග සහ බීජ මල්ලක් ළඟ තියා ගන්න.

නිතිපතා ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් අක්මාව වටා ඇති මේද තැන්පතු ඉවත් කර ගත හැකියි.

වොල්නට්, ඇමෝනියා විෂහරණය කිරීමට අක්මාවට උපකාරී වන arginine අම්ලය ඉහළ මට්ටමක තියා ගන්නවා. මොළය වඩා හොඳින් ක්‍රියාත්මක වීමට උපකාර කිරීම සඳහා ඒවා විශිෂ්ටයි.

හණ බීජ ඔයාගේ මනෝභාවය වැඩි කරනවා. හොඳින් ඇඹරූ විට බඩවැලේ ඇති විෂ ද්‍රව්‍ය පිටතට ගැනීමට උපකාරී වෙනවා. තවත් විශිෂ්ට දෙයක් වන්නේ, හණ තන්තු ආහාර රුචිය මැඩපවත්වන අතර බර අඩු කර ගන්නත් උපකාරී වෙනවා.

සූරියකාන්ත බීජ මගින් මැග්නීසියම් ඛනිජය ලබා දෙන අතර එය රුධිර පීඩන මට්ටම සාමාන්‍ය මට්ටමක තබා ගැනීමටත්, ස්ථාවර හෘද ස්පන්දනයක් පවත්වා ගැනීමටත්, lipolysis ක්‍රියාවලිය (ශරීරය සිය ගබඩාවලින් මේදය මුදා හරින ක්‍රියාවලිය) වැඩි කරයි.

05. යෝගට්

යෝගට් ප්‍රෝබයෝටික් වලින් පිරී ඇති අතර, මාර්ගයේ තියෙන ස්වාභාවික තන්තු ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා සපයනවා, ආහාර දිරවීමට සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි කරයි. මූලික වශයෙන්, යෝගට් ඔබේ බඩවැල් තුළට  ගෙන එන හොඳ බැක්ටීරියා ආහාර දිරවීම ආරම්භ කිරීමට සහ විෂ ඉවත් කිරීමට උපකාරී වෙනවා.

ඉඟිය: “මේදය රහිත” හෝ “අඩු මේද” යෝගට් වල සීනි විශාල ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ඒවා ආහාරයට ගන්න එපා. සජීවී හෝ ක්‍රියාකාරී රෝපිත යෝගට් තෝරන්න.

04. Dandelion හෝ හරිත තේ

Dandelion මගින් ඔයාගේ රුධිර ප්‍රවාහයෙන් විෂ හා අපද්‍රව්‍ය වික්‍රියනය කිරීමෙන් සහ පෙරීමෙන් අක්මාවට උදව් කරනවා. එකම ශාකයකින් නිර්මාණය කළත් ග්‍රීන් ටී, බ්ලැක් සහ ඌලොන් තේ වලට සාපේක්ෂව ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වෙනවා. ග්‍රීන් ටී වල අඩංගු කැෆීන් මෙම ශක්තිජනක පානයට මූත්‍රවර්ධක බලපෑමක් ලබා දෙන අතර එමඟින් ජලය රඳවා තබා ගැනීමට ප්‍රතිරෝධය දැක්වීමෙන් ඉදිමීම සමනය කිරීමට උපකාරී වෙනවා.

ඉඟිය: ඔබේ වත්තෙන් හෝ ඊළඟ කඳු නැගීමේ ගමනේදී දහස්පෙතිය ටිකක් කඩා ගන්න. සීතල දිනවලදී ඔබව උණුසුම් හා සෞඛ්‍ය සම්පන්නව තියා ගන්න පුළුවන් සරල හා විෂහරණ තේ එකක් හදා ගන්න.

03. ඉඟුරු

ඉඟුරු කියන්නේ ඉදිමීම අඩු කරන, බඩවැල් නිසි ලෙස ක්‍රියා කරවන, අපද්‍රව්‍ය හා හානිදායක විෂ වලින් නිදහස් කරවන පොදු අමුද්‍රව්‍යයක්. පරපෝෂිත මියයෑම හා සම්බන්ධ ගෑස්‌ හා ඔක්කාර තත්ත්ව සඳහා හොඳ ඖෂධයක් වෙනවා.  එය ආමාශයේ අම්ල නිෂ්පාදනයට උපකාරී වන අතර පරපෝෂිතයන් මරා ශරීරය ආසාදන වලින් ආරක්ෂා කරනවා. එමඟින් ආහාර ජීර්ණ යුෂ ගලා යාමට සලස්වන අතර ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමට උපකාරී වෙනවා. පරිවෘත්තීය වැඩි දියුණු  වන අතර දවස පුරා අක්මාවේ ක්‍රියාකාරිත්වයට සහාය වෙනවා.

ඉඟිය: ඉඟුරු භාවිතා කළ හැකි ක්‍රම දහස් ගණනක් තියෙනවා. මී පැණි සහ ලෙමන් සමඟ ඉඟුරු තේ උත්සාහ කරලා බලන්න. නැත්නම් ස්මූදි , සලාද, සුප් හෝ ඔබ පිසින හෝ පුළුස්සන වෙනත් ඕනෑම ආහාරයකට එක් කරන්න!

02. කැරට්

ග්ලූටතයෝන් වලින් පොහොසත් එළවළුවක් වන කැරට් වඩාත් ප්‍රබල විෂහරණ එළවළු වලින් එකක් වෙනවා. ඒවා බීටා-කැරොටින් සහ විටමින් ඒ වලින් පිරී ඇත. කැරට්වලින් හෘද වාහිනීවලට විශාල ප්‍රතිලාභ ඇති අතර සමස්ත ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

ඉඟිය: ඔබේ ශරීරය විෂහරණය කරන එක් ක්‍රමයක් තමයි දිනකට හෝ දෙකකට සැකස් කළ ආහාර වලින් ඈත්ව සිටීම. කැරට් සහ අනෙකුත් අමු එළවළු ආහාරයට ගැනීම සහ නැවුම් එළවළු යුෂ දිනකට කිහිප වතාවක් පානය කිරීම මගින් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා. මේකට හරිත තේ හෝ dandelion තේ එකතු කරන්නත් පුළුවන්.

01. පිපිඤ්ඤා

පිපිඤ්ඤා, ප්‍රතිලාභවලින් පිරී තිබුණත් ඒවාට ලැබිය යුතු අවධානය ලැබෙන්නේ කලාතුරකින්. එවැනි එක් වාසියක් ලෙස ශරීරය  විෂහරණය කිරීම ගත හැක. ඒ ආහාර ජීර්ණ පද්ධතියට සහය වීම සහ අක්මාව පිරිසිදු කිරීම නිසා . ඒවා අපට සජලීකරණයෙන් සිටීමට සහ ස්වාභාවික මූත්‍රවර්ධකයක් වන අතර එයින් අදහස් කරන්නේ රුධිරයෙන් හා බඩවැල් වලින් විෂ හා අපද්‍රව්‍ය සේදීම සඳහා ශරීරයට වැඩි මුත්‍රා නිපදවීමට උපකාරී වන බවයි.

ඉඟිය: පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ඉදිමීම සහ අපහසු ජලය රඳවා තබා ගැනීම අඩු කරයි, ඒ නිසා එය ලුණු සහිත ආහාර හෝ මත්පැන් පානය කිරීමෙන් පසු රාත්‍රිය ගත කිරීමට හොඳ හේතුවකි.

අමතර: බඩවැල්වල විෂ සහ පරපෝෂිතයන් පිට කර පිරිසිදු කිරීම සඳහා ගෙදරදීම සාදා ගත හැකි බීම  

උණුසුම් ජලය වීදුරුවකට මුහුදු ලුණු තේ හැන්දක එකතු කර ඇපල් යුෂ, ඉඟුරු සහ නැවුම් ලෙමන් යුෂ සමග මිශ්‍ර කරන්න. ශීතකරණයේ තබා ගන්න. ඔබට පිපාසය දැනෙන සෑම විටම වීදුරුවක් හෝ ආහාර වේලක් සමඟ එය පානය කරන්න.

2 Comments on “ඔබේ ශරීරය ස්වාභාවිකව විශ ඉවත් කර පිරිසිදු කරන ආහාර 10 ක්”

Leave a Reply

Your email address will not be published.