ඔබේ සමට හොද පෙනුමක් ලබා දෙන ආහාර වර්ග 11 ක්

ප්‍රමාණවත් තරම් එළවලු සහ පලතුරු ආහාරයට ගැනීම, සමස්ත සෞඛ්‍යයට වගේම සමෙහි පෙනුමටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. පලතුරු කියන්නේ කොහොමත් බොහෝ රසවත් ආහාරයක් හින්ද ඔබට ආහාරයට ගන්න එක එච්චර අමාරු දේකුත් නෙමෙනේ. සමහර පලතුරු විශේෂයෙන්ම සමට හොඳ බව ඔයා සමහර විට දැනගෙන ඉන්න ඇති, දැන් නැති උනත් කමක් නෑ අද ඔන්න ඔයා ඒවා ගැන දැනගන්න තමා යන්නේ.  අභ්‍යන්තරයේ පවතින දීප්තිමත් බව පිටතට පෙන්නුම් කරන සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගන්න කවුද අකමැති? ඒ නිසා මෙහි සඳහන් ආහාර 11 ඔයාගේ ශීතකරණයේ තියාගන්න අමතක කරන්නේ නැතුව.

01. බ්ලූබෙරි 

ප්‍රමාණයෙන් කුඩා වුණත්, මෙම “පුංචි නිල් පාට ඩයිනමෝ” විශාල පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්නවා. ප්‍රතිඔක්සිකාරක ලබාදෙන මෙම අනර්ඝ මූලාශ්‍රය, තන්තු, විටමින් C සහ A වලින් පොහොසත් වන නිසා මේවා ආහාරයට ගැනීමෙන් ඔයාගේ සමට වටිනා ප්‍රතිඵල ලැබේවි.

02. ඇපල් 

මෙය අළුත් පන්නයේ සුපිරි ආහාරයක් නොවුණත්, හොඳ හේතුවක් නිසා විශ්වාසනීය ඇපල් කියන්නේ තවමත් සමට ඉතාම වටිනා ආහාරයක්. රතු ඇපල් මඟින් සමෙහි ප්‍රත්‍යාස්ථතාව ප්‍රවර්ධනය කරන වැඩිම කොලජන් අන්තර්ගතය පවතින නිසා තරුණ සමක් ලබාගැනීමට එය ප්‍රයෝජනවත් වෙනවා.  

03. කොමඩු  

වසන්ත කාලය ආරම්භ වනවාත් එක්කම අපි නැවුම් කොමඩු කන්න බලාගෙන ඉන්නවා. රසවත්, නැවුම්, ප්‍රබෝධවත් කරන මෙම පලතුරෙහි 90%කම ජලය අන්තර්ගත වන නිසා මෙය සම අභ්‍යන්තරයේ සිට පිටත දක්වා සජල කරවනවා.

04. කෙසෙල් 

සමෙහි තෙතමනය පාලනය කිරීම සඳහා විශේෂයෙන් දායක වන පොටෑසියම් ලබාදෙන හොඳම ප්‍රභවයක් ලෙස මෙය හැඳින්විය හැකියි. සම බොහෝ සෙයින් වියළී තිබීම කියන්නේ පොටෑසියම් ඌණතාවය පෙන්නුම් කරන ලක්ෂණයක්. මේ නිසා ඔයාගේ ආහාර වේලට කෙසෙල් එකතු කරගන්න.    

05. අන්නාසි 

අවුරුදු ගණනාවක් පුරාවට ලෝකයේ පවතින නොයෙකුත් සංස්කෘතීන්වල ඖෂධීය ශාඛයක් ලෙස අන්නාසි යොදාගෙන තිබෙනවා. ඊට හේතුව සමෙහි ඉදිමීම සහ දැවිල්ලට විරුද්ධව සටන් කරන බ්රෝමලීන් නමැති එන්සයිමය අන්තර්ගත වන එකම පලතුර එය වීමයි.

06. ස්ට්‍රෝබෙරි 

අනිවාර්යයෙන්ම ආහාර රුචිය වැඩි කරවනවා, කාටද පුළුවන් හොඳින් ඉදුණු ස්ට්‍රෝබෙරි වලින් පිරවූ භාජනයක් මඟ හරින්න? කාදමන්න, අනිවාර්යයෙන්ම සම ඔයාට ස්තුති කරාවි. මේ රතු පැහැති සුරඟනන් තුල පාරජම්බුල කිරණ හේතුවෙන් සමට සිදුවන හානිවලට සහ සමෙහි රැලි වලට විරුද්ධව සටන් කරන ellagic අම්ලය විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. 

07. ගස්ලබු 

ප්‍රයෝගිකව ගස්ලබු මඟින් පැපයින් එන්සයිමය සහ විටමින් A පුපුරවා හරිනවා. පැපයින් එන්සයිමය, අක්‍රීය ප්‍රෝටීන කඩා දැමීමට මෙන්ම සමෙහි මැරුණු සෛල ඉවත් කිරීමටත් උදව් වෙනවා.  

08. කිවි 

පිට පොත්ත සහ මදයෙහි රසවත් බව යන දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. එනම් එහි පොත්ත මඟින් එහි රසය තීරණය කල නොහැකියි. නිල වශයෙන්  සමෙහි උද්දීප්ත භාවයට සහ දීප්තියට අවශ්‍ය ප්‍රධානම සංඝටකය වන විටමින් C වැඩිපුරම අන්තර්ගත වන පලතුර මෙයයි. 

09. දෙළුම් 

බ්ලූබෙරිවලට මෙන් දෙළුම් වලටද “සුපිරි ආහාර” නමැති කිරුල ලැබෙනවා. තවත් පෝෂ්‍යදායි බලාගාරයක් වන මේවා තුල සමේ නව සෛල පුනර්ජනනයට සහයෝගය ලබාදෙන ප්‍රභල වයස්ගත නොවීමේ සංයෝග අන්තර්ගත වනවා.

10. චෙරි 

රසවත් ආහාරයක් වනවාට අමතරව චෙරි වල අනෙකුත් පලතුරුවලට වඩා ඉහල ප්‍රතිඔක්සිකාරක සාන්ද්‍රණයක් පවතින නිසා, නිදහස් රැඩිකල වලට විරුද්ධව සටන් කිරීමට උදව් කරනවා. එමඟින් වයස්ගත වීමේ ක්‍රියාවලිය මන්දගාමී වෙනවා.  

11. අර්තාපල් 

අත් යට අඳුරු වී ඇත්නම් ඒවා ඉවත් කරගැනීමට අර්තාපල් පෙති කපා එම ප්‍රදේශවල විනාඩි 10ක් පමණ අතුල්ලන්න. ඉන්පසු ඇල් ජලයෙන් සෝදා හරින්න. අර්තාපල්වලට මද ආම්ලික ගුණාංග පවතින අතර ස්වභාවික විරන්ජකයක් ලෙස ක්‍රියා කරනවා.

Leave a Reply

Your email address will not be published.