ඔබේ සමේ සිදුරු විශාල කරන අප අතින් වන වැරදි 8 ක්

අතිරික්ත තෙල්, මැරුණු සමේ සෛල, සහ බැක්ටීරියා මඟින් සමේ සිදුරු අවහිර වීම නිසා ඒවා විශාල වී පෙනෙනවා. මුහුණට සත්කාර කිරීම ඉතාම තීරණාත්මකයි, නමුත් සමහර වෙලාවට එයට ඇබ්බැහි වෙනවා. අනවශ්‍ය ලෙස වැඩියෙන් සත්කාර කිරීම මෙන්ම සමහර දිනපතා රූපලාවන්‍ය සත්කාර සහ පුරුදු යනාදිය වෙනත් භාහිර සාධකවලට වඩා සමේ සිදුරුවලට හානි කරනවා. 

මෙහි සඳහන් වන්නේ මෙවැන්නක් වීමට හේතුවන වැරදි පුරුදු පිළිබඳවයි.

01. නිතරම තෙත පොවන කඩදාසි භාවිතය (බ්ලොටින් පේපර්ස්) 

තෙල් අවශෝෂණය කරන කඩදාසි අපේ ශරීරය අධික ලෙස අතිරික්ත තෙල් සහ දහඩිය පිට කරන උෂ්ණ අධික දින සඳහා හොඳ තේරීමක් වෙන්න පුළුවන්. නමුත් මේවා නිතර නිතර භාවිතා කිරීමෙන් සමට හොඳකට වඩා වෙන්නේ නරකක්. ඇත්තටම, සමට තුනී තෙල් ස්ථරයක් අවශ්‍යයි. එය නිතරම ඉවත් කිරීමෙන් වන්නේ සමට වැඩියෙන් ඒවා නිපදවීමට බල කිරීමයි. මෙමඟින් සමෙහි සිදුරු අවහිර වී විශාල වෙනවා. 

02. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සහ කුරුලෑ බලෙන්ම ඉවත් කිරීම. 

කුරුලෑ පුපුරවා හැරීම ඇත්තටම තෘප්තිමත් දෙයක් වුණත්, එය ආරක්ෂාකාරීව කල යුතුයි. සම මත බැක්ටීරියා පවතින අතර කුරුලෑ පුපුරවා හැරීමෙන් ඇති වන තුවාලයෙන් ඒවාට ඇතුළු විය හැකියි. ඉවත් වීමට තවම ලෑස්ති නැති කුරුලෑවක් බලෙන්ම පිපිරවීමෙන්, බැක්ටීරියාවලට සමේ අභ්‍යන්තර ස්ථර කරා ඇතුළු වීමට අවස්ථාව ලැබෙනවා. මෙමඟින් සමේ තත්වය තවත් බරපතල වන අතර සමේ සිදුරු විශාල වීම සහ කැළැල් ඇතිවෙනවා.

03. අනවශ්‍ය ලෙස වැඩියෙන් ව්‍යාස්තරණය

මෙමඟින් සමේ සිදුරු අවහිර කරගෙන සිටින අපද්‍රව්‍ය, සමේ මැරුණු සෛල, අතිරික්ත තෙල් ඉවත් වෙනවා. මෙම සරල ක්‍රමය අනුගමනය කිරීමෙන් සමේ සිදුරු කුඩාවට පෙනේවි. මෙය සතියකට 1-2 වරක් සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. අනවශ්‍ය ලෙස වැඩියෙන් ව්‍යාස්තරණය කිරීමෙන් සම වියළී සිදුරු විවෘත වී, ස්වභාවික තෙල් ස්ථරය නැති නිසා පිටතින් දුහුවිලි අවශෝෂණය කරනවා. මෙමඟින් සමේ සිදුරු විශාලව පෙනෙනවා.

ඒ වගේම, දිනකට දෙවතාවකට වැඩි වතාවක් මුහුණ සේදීමෙන්ද ස්වාභවික තෙල් ස්ථරය ඉවත් වෙනවා.  දුහුවිලි සහ අපද්‍රව්‍ය වලට සම සංවේදී වන නිසා ඉදිමුම් සහ ඇක්නි ඇති වෙන්න ඉඩ තියෙනවා.  

04. සම වියළීමට හැරීම 

සම වියළීමට ලක්වූ විට රැලි ඇතිවී වයස්ගත පෙනුමක් ලැබෙනවා. ඒ වගේම සමේ සිදුරු පැතැලි වී විශාල වී පෙනෙනවා. මේ නිසා එය සමේ සිදුරුවලට වගේම හානි වෙනවා වගේම වයස්ගත පෙනුමක් ලැබෙනවා. වාසනාවට, මෙය වළක්වා ගන්න පුළුවන්. ශක්තිජනක ජලය සහ සමේ වර්ගයට ගැලපෙන මොයිස්චරයිසර් එකක් තෝරාගෙන දිනපතාම මුහුණේ ආලේප කරන්න.

05. සමේ සිදුරු අවහිර වන නිෂ්පාදන භාවිතය 

සමහර සම සත්කාර නිෂ්පාදන වඩා ප්‍රසිද්ධ වුවත්, මුහුණට භාවිතා කිරීම සුදුසු නැහැ. කොකෝවා බටර්, පොල්තෙල් සහ ලැනොලින් ක්‍රීම් වලට සමේ සිදුරු අවහිර කිරීමේ හැකියාව පවතිනවා. ඒවා සමේ තෙතමනය පවත්වාගැනීමට සුදුසු වුවත්, එමඟින් කැළැල් ඇතිවිය හැකි අතර සමේ සිදුරු තුල අපද්‍රව්‍ය තබාගන්නවා. මෙවැනි කුරුලෑ වලට සමේ සිදුරු ඇදීමේ හැකියාව තියෙනවා. මේ නිසා මුහුණේ ආලේප කිරීමට හොඳ ක්‍රීම් එකක් ගෙන ශරීරයේ ආලේප කිරීමට මෙම තෙල් භාවිතා කරන්න.

06. නැවත නැවත මේකප් කිරීම (රීටච් කිරීම) 

දවල් කාලයේදී ස්වාභාවිකවම මේකප් එක ක්‍රමයෙන් පහවී යනවා. මදක් මේකප් එක හදාගැනීම වරදක් නෙවෙයි, නමුත් මේක කරන්න ඕනි හරිම උනන්දුවෙන්. නිතරම සමට පුයර දමා සෙමින් තට්ටු කරන විට සම මඟින් තෙල් නිෂ්පාදනය වෙනවා. මෙමඟින් තෙල්, අපද්‍රව්‍ය සහ මේකප් ස්ථරයක් ඇති වෙනවා. මෙම නොනවතින පිරිමැදීමෙන් සමට හානි වන අතර ඇක්නි ඇතිවන බව විශ්වාසයි.

07. හානිකර ආහාර ගැනීම 

කිරි ආහාර, මධ්‍යසාර, පිරිපහදු කළ සීනි අධික, අධික ලෙස කුළුබඩු යෙදූ හෝ බදින ලද ආහාර, සැමට අහිතකරයි. එමඟින් ශරීරයේ ප්‍රදාහය වර්ධනය කර ඇක්නිවලට නැඹුරු සමක් ලැබෙනවා. ඇක්නි වලින් මේද්‍යෝවාහී ග්‍රන්ථි දුර්වල වන අතර හිසකෙස් කුඩා කුහර ද විවෘත වන නිසා සමේ සිදුරු විශාල වී පෙනෙනවා. සමේ තත්වය වර්ධනය කරගැනීම සඳහා අපූරු විසඳුමක් ලෙස හොඳ ආහාර සැලැස්මක් අනුගමනය කිරීම දැක්විය හැකියි.   

08. හිරු එළියෙන් ආරාක්ෂා වීමට නිෂ්පාදන ආලේප නොකිරීම

 හිරු එලියට නිරාවරණය වීම මිනිස් සමට විවිධ ආකාරවලින් අහිතකරව බලපානවා. සම ඝනකම් කර, කොලජන්, ඉලාස්ටින් සහ ජලය එයින් ඉවත් කර, පටක හැකිළීමට හේතු වෙනවා. එමඟින් සමේ සිරුදුවල කොන් ඇදීමට ලක්වී එල්ලා වැටෙනවා. මේ නිසා හිරු ආරක්ෂණ ක්‍රීම් ආලේප කිරීම අත්‍යවශ්‍යයි!

Leave a Reply

Your email address will not be published.