ඔබේ සම තරුණව තබා ගැනීමට මේ පියවර 5 අනුව මේකප් ඉවත් කරන්න

විද්‍යාවට අනුව මේකප් කර ඇති විට කාන්තාවන්ගේ පෙනුම තීව්‍ර වී පෙනෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන ආලේප කිරීමට වැඩි වෙලාවක් ගත වන බව සිතීමට අපි පුරුදු වී ඉන්නවා. අපට අමතක වන දෙය නම් මේකප් පිරිසිදු කිරීමත් ඒ තරම් සරල කාරණයක් නොවන බව. මෙය බරපතල ලෙස සැලකිල්ලට ගෙන සිදු කල යුතු පිළිවෙතකි.   

සමට හානියක් නොවන පරිදි මේකප් එක ඉවත් කරගන්නා ආකාරය පහත දැක්වෙනවා. අපිව විශ්වාස කරන්න, නිකන්ම මුහුණ සේදීම ප්‍රමාණවත් වන්නේ නැහැ. 

පියවර 1: ඉවත් කිරීමට පෙර 

මේකප් එක ඉවත් කිරීම ආරම්භ වන්නේ එම ක්‍රියාවලියට අවශ්‍ය දේවල් සූදානම් කිරීමෙන් පසුවයි. මුලින්ම, මුහුණ පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලේන්සර්ස් කට්ටලයක් මිලදී ගත යුතුයි. තෙල් සහිත සමක් තිබෙන කෙනෙක් නම් තෙල් රහිත නිෂ්පාදන ද, වියලි සමක් තිබෙන කෙනෙක් නම් මොයිස්චරයිසින් බලපෑම සහිත නිෂ්පාදනද මිලදී ගත යුතුයි. ඒ වගේම ඇස් සඳහා වෙනම ක්ලේන්සර් එකක් මිලට ගන්න. පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි හිසකෙස් පිටුපසට කරගන්න. විශේෂ තෙත් පිස්නයකින් සම පිරිසිදු කරගැනීම වඩා හොඳයි.

පියවර 2: ඇස්වල මේකප් ඉවත් කිරීම

ජල වාරක රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරනවා නම් තෙල්- පදනම් කරගත් පිරිසිදුකාරක වලට යොමු විය හැකි අතර වෙනත් ඕනෑම පිරිසිදුකාරකයක් භාවිතා කිරීම හොඳයි. කපු පෑඩ් එකක් නිෂ්පාදනයේ හොඳින් තෙත් කර, ඇස්වල තබා තද කරන්න. තත්පර 10-20ක් ඉන්න. දැන් අතුල්ලන්නේ නැතිව ඇස මතට මෘදුව පෑඩ් එක ගෙන යන්න. ඇස වටා සම ඉතාම සියුමලියි. 

පෑඩ් එක එහෙට මෙහෙට චලනය කරන්න එපා. බාහිර සහ අභ්‍යන්තර පැතිවලින් චලනය කරන විට එක් දිශාවකට පමණක් ගෙන යන්න. දැන් පෑඩ් එකේ පිරිසිදු පැත්ත ගෙන ඇහි පිල්ලම් කරා පහලට ගෙන යන්න. 

පියවර 3: තොල්වල මේකප් ඉවත් කිරීම 

ඊළඟට, මුහුණ පුරාම ලිප්ස්ටික් පැතිරීමට ඉඩ නොදී තොල්වල මේකප් ඉවත් කිරීම වැදගත්. සාමාන්‍ය පෙට්‍රෝලියම් ජෙලි මේ සඳහා හොඳ වුවත් විශේෂ නිෂ්පාදන ද භාවිතා කල හැකියි. එය තොල්වල ආලේප කර, මිනිත්තු 5ක් තබා, කපු පෑඩ් එකකින් පිස දමන්න. තොල්වලට හානි විය හැකි බැවින් අනවශ්‍ය ලෙස තදින් පිරිමදින්න එපා. 

පියවර 4: මුහුණේ මේකප් ඉවත් කිරීම 

මයිසෙලර් වතුරෙන් ආරම්භ කරන්න පුළුවන්. කපු පෑඩ් එකක් නිෂ්පාදනයෙන් තෙත් කර මුහුණ පිස දමන්න. හනු වලට පහල සහ කන් දෙකට පිටුපස ප්‍රදේශය අමතක කරන්න එපා. රූපලාවන්‍ය නිෂ්පාදන යොදන බැවින් හිසකෙස් රේඛාව පිරිසිදු කිරීමට වග බලාගන්න. ඉන් පසු, මේකප් ඉවත් කරවනය යොදා මුහුණ සහ බෙල්ල ප්‍රදේශවල වෘත්තාකාර චලනවලින් ආලේප කරගන්න.

මුහුණ ජලයෙන් සෝදා හැර වියලි තුවායකින් තෙතමාත්තු කරන්න. බැක්ටීරියා ව්‍යාප්තිය අවම කරගැනීමට කඩදාසි තුවායක් භාවිතා කරන්න. සම පිරිමදින්න එපා, සරලව ජලයෙන් පොඟවා ගන්න.

පියවර 5: මේකප් ඉවත් කිරීමෙන් පසු 

මේකප් ඉවත් කිරීමෙන් අනතුරුව සම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙම ක්‍රියාවලියේ අවසන් පියවර මෙයයි. මුහුණ මෘදුව සම්බාහනය කර ප්‍රත්‍යස්ථාතාවය සහ රුධිර ගමනාගමනය වර්ධනය කරගන්න. සම වියළීමට ඉඩ නොදී අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published.