ඔබේ සම නරක තත්වයේ ඇති අවස්තාවක ස්වභාවිකව උපකාර කිරීමට ක්‍රම 8 ක්

අපේ සම හැමදාම හානිකර සාධක ගොඩකට නිරාවරණය වෙනවා. හිරු කිරණ සහ දූවිලි වගේ දේවල් නිසා සමට වියපත් පෙනුමක් ලැබෙනවා. මිල අධික රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා විශාල මුදලක් වැය කරනවා වෙනුවට, කුරුලෑ, අධි වර්ණක සහ අනෙකුත් සමේ ගැටලුවලට එරෙහිව සටන් කිරීමට ස්වභාවික ප්‍රතිකර්ම භාවිතා කරන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ සමට දීප්තිමත් සහ නැවුම් පෙනුමක් ලබා ගන්න පුලුවන් ස්වභාවික ක්‍රම 8ක් ගැනයි.

01. ඔබේ සම තද කර ගැනීමට ස්කින් අයිසිං කියන පැරණි ක්‍රමය උත්සාහ කරන්න.

මේ ක්‍රමය දිගු කලක් තිස්සේ ආසියානු කාන්තාවන් සඳහා රූපලාවන්‍ය පුරුද්දක් බවට පත් වෙලා තියන දෙයක්. මූලික වශයෙන්, මේකෙන් කෙරෙන්නෙ අයිස් කැටයක් භාවිත කරමින් මිනිත්තු කිහිපයක් සඳහා ගොඩාක් සීතල උෂ්ණත්වයකට සම නිරාවරණය කිරීමයි. මෙමගින්, ඔයාට මුහුණේ ඉදිමීම අඩු කර, සම තද කර, සම දීප්තිමත් සහ නැවුම් කරගන්න පුලුවන්. සීතලට සමේ සිදුරු ප්‍රමාණය අඩු කළ හැකි නිසා එමඟින් සම සිනිඳු වෙනවා.

ඉඟිය: අයිස්, සම පිළිස්සීමට හේතු විය හැකි නිසා ඔයාගෙ සම අයිස්වලට අධික ලෙස නිරාවරණය නොකිරීමට ප්‍රවේශම් වන්න.

02. ගෙදර හැදූ කෝපි ස්ක්‍රබ් එකකින් සමට සලකන්න.

මධ්‍යස්ථව කෝපි පානය කිරීම මගින් නිසැකවම ශරීරයේ ශක්තිය සහ පරිවෘත්තීය ඉහළ නංවන්න පුලුවන්. ඒ වගේම කැෆේන් වල තියන ප්‍රතිඔක්සිකාරක බාහිරව සමට යොදනකොටත් විශේෂ ප්‍රතිලාභ ලැබෙනවා. කෝපිවලට මී පැණි, පොල්තෙල්, හෝ කිරි වගේ වෙනත් අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ගෙදරදිම ස්ක්‍රබ් එකක් හදාගන්න පුලුවන්. මේ පේස්ට් එක මගින් සමේ මැරුණු සෛල ඉවත් කර, කුරුලෑ සහ අඳුරු පැල්ලම් අඩු කර, ඔයාගෙ මුහුණ සිනිඳු සහ දෝෂ රහිත කරනවා.

03. රුධිර ප්‍රවාහය වැඩිදියුණු කිරීමට කුරුඳු භාවිතා කරන්න.

කුරුඳු කියන්නෙ ගොඩක් ආහාරවලට නැතුවම බැරි කුළුබඩුවක් වගේම සම රැකවරණයේදිත් භාවිතා කළ යුතුම අමුද්‍රව්‍යයක් එහි ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග තිබෙන නිසා කුරුලෑ සහ වයසට යෑමේ සලකුණු වලට එරෙහිව සටන් කිරීමේදී ගොඩාක් ප්‍රයෝජන ලබාවෙනවා. රුධිර ප්‍රවාහය වැඩි කිරීම සඳහාත් කුරුඳු උදව් වෙනවා. මී පැණි, කුරුඳු සහ යෝගට් වලින් හදපු පේස්ට් එකකින් සමට ප්‍රතිකාර කිරීමෙන් සම දීප්තිමත් සහ වඩාත් වර්ණවත් කරගන්න පුලුවන්.

ඉඟිය: කුරුඳු වලට අතුරු ආබාධ ඇති විය හැක. සමහර පුද්ගලයන් කුරුඳු වලට අධි සංවේදී වෙන්න පුලුවන් නිසා පළමු වරට කුරුඳු මුහුණට ආලේප කරනකොට ඉතාම කුඩා ප්‍රමාණයක් විතරක් ගන්න. කුරුඳු පේස්ට් ඉතා ස්වල්පයක් සම මත යෙදුවම සම රතු වීම හෝ කැසීමක් ඇතිවුණොත් වහාම එය සෝදා හරින්න.

04. ග්‍රීන් ටී පානය කරනවා වෙනුවට බාහිරව භාවිත කරන්නත් උත්සාහ කරන්න.

ග්‍රීන් ටිඔ මගින් අපේ සෞඛ්‍යයට ගොඩක්ක් ප්‍රයෝජන ලබා දෙනවා. ප්‍රති-ගිනි අවුලුවන, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සඳහා ප්‍රසිද්ධ පානයක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. මේ පානය කුරුලෑ සහිත සම සඳහා විශිෂ්ට ප්‍රතිකාරයක්. ග්‍රීන් ටී බෑග් දෙකක් ඇස් උඩ තියාගැනීමෙන් ඇස්වල ඉදිමීම සහ වෙහෙසකර බව අඩු කරගන්න උපකාරී වෙනවා.

ඉඟිය: දේශීය කාබනික ග්‍රීන් ටී කුඩු කියන්නෙ ගෙදර හැදූ ෆේස් මාස්ක් සඳහා විශ්මිත අමුද්‍රව්‍යයක්.

05. බේකිං සෝඩා වලින් ඇස් වටා අඳුරු බව නැති කරගන්න.

ඔයාගෙත් ඇස් වටේ කලු වෙලා නම්, බේකින් සෝඩා ඔයාට හොඳම් විසඳුමක් වේවි. බේකිං සෝඩාවල තියන විරංජන ගුණාංග නිසා එය කිරි සමඟ එකතු කිරීමෙන් අඳුරු පැල්ලම් ඉතා ඉක්මනින් අඩු කරගන්න පුලුවන්. සෝඩියම් වල ප්‍රති-ගිනි අවුලුවන සහ විෂබීජ නාශක ගුණත් අඩංගු නිසා, එය සමේ කෝපය නැති කිරීමට සහ කුෂ්ඨ සඳහා සාදන ක්‍රීම් වල අඩංගු ප්‍රයෝජනවත් අමුද්‍රව්‍යයක් බවට පත් වෙලා තියනවා.

06. සමේ අඳුරු පැල්ලම් සඳහා ස්වභාවික බ්ලීචින් එකක් ලෙස අර්තාපල් යුෂ භාවිතා කරන්න.

අර්තාපල් ඛණිජ ලවණ සහ විටමින් පමණක් නොව කැලරි වලිනුත් පිරුණු අලවර්ගයක්. ගොඩක් අය මේ එළවළුව දිනපතා ආහරයට ගන්නෙ නෑ. කොහොම වුණත්, සම රැකවරණ දින චර්යාවටත් නැතුවම බැරි දෙයක් තමයි අර්තාපල් කියන්නෙ. අර්තාපල් යුෂ ස්වාභාවික විරංජනකාරකයක් නිසා ඒවා මගින් සමේ ඇති කැළැල්, අව්වට පිළිස්සුම් සහ අඳුරු පැල්ලම්වලට ප්‍රතිකාර කර සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

07. චමමයිල් තේ මගින් ශරීරය සන්සුන් කරගෙන සම නිවාගන්න.

ගොඩක් අය ශරීරය සහ ස්නායු සන්සුන් කිරීමට නින්දට පෙර චමමයිල් තේ කෝප්පයක් පානය කරනවා. එමගින් අපේ ස්ම්මටත් සන්සුන් බවක් ලැබෙනවා. චමමයිල් තේ වල තිබෙන ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග නිසා එයින් මුහුණ සේදීම මගින් සම රතුපැහැ ගැන්වීම සහ දැවිල්ල අඩු කිරීමට පුලුවන්. ම්වියළි හෝ කෝපයට පත් සමක් තියන අයට එදිනෙදා මොයිස්චරයිසර් එකක් ලෙසත් චමමයිල් තේ භාවිත කරන්න පුලුවන්.

08. කෙසෙල් ලෙලි සමඟ සම මත ඇති අඩුපාඩු නැති කරගන්න.

ලෝකය පුරාම ඉන්න කාන්තාවන් කෙසෙල් ලෙලි සමේ ආලේප කිරීමෙන් සමේ අඩුපාඩු ගොඩක් අඩුකරගන්න පුලුවන් බව දැනටමත් දන්නවා. එමගින් කුරුලෑ කැළැල් ඉක්මනින් මැකී යන අතර, සම තෙතමනය කර රැලි අඩු කරන්නත් කෙසෙල් ලෙලි උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published.