ඔබේ සම රේඩියන්ට් වගේ දිලිසෙන ඉතාම වටිනා ස්වාභාවික සත්කාර 7 ක්

තරුණ කාලෙදි හොඳ සමක් පවත්වා ගන්නවා නම් ඔයාට වයසට යනකොටත් ඒ සම ආරක්ෂා කරගන්න පුලුවන්. ඒකට හොඳ සම රැකවරණ දින චර්යාවක් වගේම හොඳ නිෂ්පාදන තෝරගන්න එකත් ගොඩාක් වැදගත් වෙනවා. කැරට්, මීපැණි, සහ කුරුඳු වගේ ඔයාගෙ කුස්සියේ තියන දේවල් වලිනුත් වැඩි වියදමක් නැතුවම ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියද? ඔව්, පුදුමාකාර ප්‍රතිඵල ලබාගන්න නම් ලොකු මුදලක් වියදම් කරන්නම ඕනෙ නෑ.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ දෛනික සම රැකවරණ ක්‍රියාවලියට එකතු කරගන්න පුලුවන්, ගෙදරදි පහසුවෙන්ම හොයාගත හැකි ඉතා ප්‍රයෝජනවත් ස්වාභාවික අමුද්‍රව්‍ය 7ක් ගැනයි.

01. මී පැණි

මී පැණි මිනිස් සම මත ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති කිරීම සඳහා ප්‍රසිද්ධයි. විශේෂයෙන් කුරුලෑ හෝ සමේ රෝග වලින් පීඩා විඳින අයට මී පැණි කියන්නෙ හොඳම බෙහෙතක්. ස්වභාවික බැක්ටීරියා වලට ඔවුන්ගේ කාර්යය කිරීමට හැකි වීම සඳහා මුහුණට භාවිතා කරන මී පැණි පැස්ටරීකරණය නොකළ සහ හැකි තරම් පිරිසිදු වීම ගොඩක් වැදගත්. මී පැණි භාවිතා කිරීමට පෙර, ඔයා පරාග වලට අසාත්මිකතා නොදක්වන බව සහතික කර ගැනීමට අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කරන්න.

02. වැල්මී

දද සහ කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා වැල්මී මුල් නිස්සාරණය භාවිතා කරනවා. වැල්මීවලත් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ බහුලයි. හානිකර පාරජම්බුල කිරණවලට එරෙහිව සම ආරක්ෂා කරමින් හයිපර්පිග්මන්ටේෂන් අඩු කිරීම සහ වයසට යාමේ ක්‍රියාවලියේ වේගය අඩු කරන්නත් වැල්මී උදව් වෙනවා. ඒ වගේම සමේ කැසීම සහ වෙනත් ආසාදනවලට මුහුණ දුන් අයටත් ගොඩක් සුදුසුයි. ඔයාගෙ සාමාන්‍ය හිරු ආවරණ ආලේප කිරීමට පෙර විටමින් C සමඟ වැල්මී ආලේප කරන්න. නැත්නම් කෝමාරිකා ජෙල් සමඟ මිශ්‍ර කර ආලේප කරන්නත් පුලුවන්. වැල්මී වලින් ආසාත්මිකතා ඇති නොවෙන තරම් නිසා මුහුණට ආලේප කරන්න බය වෙන්න ඕන නෑ.

03. කුරුඳු

කුරුඳුවල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා ඔයාගෙ සමේ සෛල ආරක්ෂා කරන්න උදව් වෙනවා. කුරුඳු සාරයට කොලජන් වැඩි කිරීමේ හැකියාව තියන බව අධ්‍යයන මගින් හෙලි වෙලා තියනවා. ෆේස් මාස්ක් එකක් විදිහට කුරුඳු භාවිත කරනවා නම්, කුරුඳු කුඩුවලට මී පැණි ටිකක් මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගන්න.

ඒත් ඔයා කුරුඳුවලට ආසාත්මිකතාවයක් දක්වන කෙනෙක් නම් ප්‍රවේසම් වෙන්න. කුරුඳු කුඩුවලට වඩා කුරුඳු සාරය භාවිතා කරනවා නම් ඔයාගෙ සමට වඩාත් හොඳ බව මතක තියාගන්න.

04. කැරට්

කැරට් පොටෑසියම් වලින් පොහොසත් වන අතර වියළි සමට තෙතමනය ලබා දෙන්නත් උදව් වෙනවා. ඒවායේ තියන විටමින් A මගින් ඔයාගෙ මුහුණේ එකතු වී ඇති අතිරික්ත තෙල් සහ සියලු විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. මීට අමතරව, ඒවායේ තිබෙන බීටා-කැරොටින් UV කිරණවලින් සම ආරක්ෂා කරන අතර වයසට යාමේ මුල් අවධිය සමඟ සටන් කිරීමට ඔයාට උපකාර කරනවා. එය කෝමාරිකා ජෙල් සමඟ මිශ්‍ර කර හෝ මී පැණි තේ හැන්දක් සහ කිරි තේ හැන්දක් එකතු කර මාස්ක් එකක් හදාගෙන භාවිතා කරන්න පුලුවන්.

05. කෙෆීර්

යීස්ට් සහ බැක්ටීරියා වල ඉහළ අන්තර්ගතය නිසා, කෙෆීර් ඔයාගෙ වියලි සමට හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම ඔයාගෙ විඩාපත් සමට ජවයක් ලබා දීමටත් කෙෆීර් උදව් වෙනවා. එය කොලජන් සහ හයුලූරොනික් අම්ලය නිෂ්පාදනය වැඩිදියුණු කරනවා. ඒ නිසා වයස්ගත වීමේ සලකුණු සහ ආතති සලකුණු ඉවත් කරනවා. සමේ pH අගය සමතුලිත කරන්නත් කෙෆීර්වලට පුලුවන්. ෆේස් මාස්ක් එකක් හදාගැනීමට, පිපිඤ්ඤා යුෂවලට කෙෆීර් මිශ්‍ර කර විනාඩි 20ක් මුහුණේ ආලේප කරන්න.

06. බ්ලූබෙරි

විටමින් C සහ K වලින් පොහොසත් වීම නිසා තුවාල සහ කැපුම් ඉක්මනින් සුව කිරීමට බ්ලූබෙරි උපකාර කරනවා. ඒකෙන් කියන්නෙ ඔයා කෙලින්ම බ්ලූබෙරි සමේ ආලේප කරන්න් ඕන කියලා නෙවෙයි. ඒ වෙනුවට, හොඳට බ්ලූබෙරි කන්න. මාස්ක් එකක් හදාගන්න ඕන නම්, රස නොකළ යෝගට් ටිකක් බ්ලූබෙරිවලට එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. එමගින් ඔයාගෙ සම නැවුම් කරනවා. කොලජන් නිෂ්පාදනය ඉහළ නංවනවා. සම අකලට වයසට යාම වළක්වනවා.

ඒ වගේම, හොඳින් බ්ලූබෙරි ආහාරයට ගැනීමෙන් ඔයාගෙ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර, එමගින් ඔයාගෙ සමේ තත්ත්වය වැඩිදියුණු වෙනවා.

07. සඳුන්

ගොඩක් සුවඳ ද්‍රව්‍යවලට අලංකාර සුවඳක් එකතු කරන අමුද්‍රව්‍යයක් වන සඳුන් ඔයාගෙ සමටත් ගොඩක් හොඳයි. එය කැළැල්, දැවිල්ල, රැළි, සහ සමේ රෝග සඳහා පවා අඩුකරගන්න උපකාර කරනවා. සඳුන් දැව වර්ග 6ක් තිබෙන අතර ඔයාට එය කුඩු, තෙල්, සබන්, හෝ මල් වතුර වගේ විවිධ ආකාරවලින් භාවිත කරන්න පුලුවන්.

සඳුන් කුඩු මේස හැඳි 2ක් රෝස වතුර මේස හැඳි 1ක් සමඟ මිශ්‍ර කර පිරිසිදු කර වියලාගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10-15 ක් තබා සෝදා ඉවත් කරන්න.

බෝනස්: ඔයාගෙ මුහුණට ආලේප කිරීමෙන් වැළකිය යුතු දේ

බිත්තර සුදු මද: බිත්තර සුදුමද මුහුණේ ආලේප නොකිරීමට හේතු ගොඩක් තියනවා. සුදුමද මගින් ඉයාට අසාත්මික ප්‍රතික්‍රියාවක්, සැල්මොනෙල්ලා ආසාදනයක් හෝ සාමාන්‍ය සමේ කෝපයක් ඇති වෙන්න පුලුවන්. ඒ වගේම, ඔයාට දැනටමත් කුඩා කැපුමක් හෝ තුවාලයක් තියනවා නම්, බිත්තර සුදු මදය ආලේප කිරීමෙන් තවත් ආසාදනයක් ඇති වෙන්න් ඉඩ තියනවා.

ලෙමන් යුෂ: ලෙමන් මගින් ඔයාගෙ සමට ගොඩක් ප්‍රතිලාභ තියනවා. හැබැයි අතුරු ආබාධත් ගොඩක් වැඩියි. සමේ කෝපය තමයි මේ අතරින් ප්‍රධානම අතුරු ආබාධය වෙන්නෙ. ඒ වගේම අව්වට පිළිස්සීම් ඇති වෙන්නත් පුලුවන්. ලෙමන් යුෂ යෙදූ පසු මුහුණ හිරු එළියට නිරාවරණය කිරීමෙන් වළකින්න.

ඇපල් සයිඩර් විනාකිරි: ගොඩක් අය ගෙදරදි කරන ස්වභාවික සත්කාරවලට මේ අමුද්‍රව්‍ය භාවිතා කරනවා. ඒත් ඒක ගොඩක් ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕන දෙයක්. ඇපල් සයිඩර් විනාකිරි මගින් සමේ විඛාදනය වගේ අහිතකර විපාක ඇතිවෙන්න පුලුවන්. නිතර නිතර ඇපල් සයිඩර් විනාකිරි භාවිත කලොත් මුහුණ මත පිළිස්සුම් ඇති වෙන්න ඉඩ තියනවා.

සීනි කැට: වෙළඳසැලෙන් මිලදී ගන්නා සීනි කැට ඔයාගෙ සමට දරුණු ප්‍රතිඵල අත් කරදෙන්න ඉඩ තියනවා. සමේ කැළැල් ඇති කිරීම වගේම තුවාල ඇති කරන්නත් සීනි කැටවලට පුලුවන්. මේ කියන්නෙ කඩෙන් ගන්න සීනි සහිත ෆේස් ස්ක්‍රබ් ගැන නෙවෙයි. ගෙදර හදාගත් සීනි ස්ක්‍රබ් ගැනයි.

Leave a Reply

Your email address will not be published.