ඔබේ සිරුරේ සමහර හිසකෙස් විකාර සහගත ලෙස දිගු වීමට හේතුව

මේක අපෙන් බොහෝ දෙනෙක් අත්විඳලා තියන සිදුවීමක්. නිකමට බෙල්ල හෝ නිකට අල්ලලා බලපු වෙලාවක අසාමාන්‍ය විදිහට දිගු වුණු කෙස් ගහක් ඔයාටත් අහු වෙලා ඇති. ඉතින් අපිට හිතෙන්නෙ මේ කෙස් ගහ එක රෑකින් මෙච්චර දිග වුණේ කොහොමද කියලයි. ඔයාටත් මේක සිදුවී ඇත්නම් සහ ඔයාගෙ සමෙන් පිටතට වැඩෙන විකෘති හිසකෙස් තියන පෘථිවි ග්‍රහලෝකයේ එකම පුද්ගලයා ඔයා කියලා මෙච්චර කල් හිතාගෙන හිටියා නම් ඔයා වැරදියි.

මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවුණු අය ඕනතරම් ඉන්න නිසා, අන්තිමේදි අපි හිතුවා මේ අසාමාන්‍ය කෙස්ගස් එන්නෙ කෙහෙන්ද කියලා හොයලා බලන්න ඕන කියලා

#1

අපගෙන් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම ලැබිලා තියනවා. ඇත්තටම අපේ ශරීරයේ දකින්න ලැබෙන මේ අහඹු දිගු සිහින් හිසකෙස් වලට කියන විශේෂ නමක් නෑ. කොහොම වුණත්, මේ සංසිද්ධිය පැහැදිලි කරන න්‍යායන් තිබෙනවා. චර්ම රෝග විශේෂඥයින් කියන්නෙ අසාමාන්‍ය ලෙස දිගු තනි හිසකෙස් ඇතිවීමට හේතුව හෝමෝන සහ ජානමය සාධක නිසා බවයි.

#2

කෙස් ගස ක්‍රියාකාරීව වර්ධනය වෙමින් තියනකොට අහඹු ලෙස විකෘති වුණු කේෂ මූල එම හිසකෙස් ඇනගන් අවධියේ දිගු කාලයක් රැඳී සිටීමට ඉඩ සලසනවා. එහි ප්‍රතිඵලයක් විදිහට නේ තනිවුණු කේෂ මූලයට දිගු කෙස් ගහක් විදිහට වැවෙන්න වැඩි කාලයක් ගතවෙනවා. නිකට හෝ T-කලාපය වගේ විවිධ ස්ථානවල සිදුවන හෝර්මෝන වෙනස්වීමුත් මේ හිසකෙස් අසාමාන්‍යතා වැඩිදියුණු කරන්න පුලුවන්. මේ හිසකෙස් ඔයාට කරදරයක් නම්, එම අනවශ්‍ය රෝමය ඉවත් කිරීම සඳහා, ඔයා සාමාන්‍යයෙන් කරනවා වගේම කෙස් ගස කරකවා උගුල්ලා දමන්න කියලයි චර්ම රෝග විශේෂඥයින් යෝජනා කරන්නෙ.

#3

මේ වගේ අසාමාන්‍ය දිගු රෝමයක් හදිසියේම දකින්න ලැබුණම, අපිට හිතෙන්නෙ ඒක එක රැයකින් මෙහෙම අසාමාන්‍ය විදිහට වර්ධනය වුනාද කියලයි. මේ හිසකෙස් ඉතා සිහින් සහ අපේ සමේ වර්ණයට සමීප වන අතර අපේ “සාමාන්‍ය” හිසකෙස් එක්ක සසඳනකොට ඒවා හොයාගන්නත් අමාරුයි. ඒ නිසා තමයි මේ හිසකෙස් සොයා ගන්න සමහර විට අපට බොහෝ කාලයක් ගත වෙන්නෙ. ඒවා පේන්නෙ නැති වුණත් දිගටම වර්ධනය වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published.