ඔබේ හිසකෙස් ඝනකම්ව දිගු කිරීමට මිල කල නොහැකි ක්‍රම 10 ක්

ඔබ දන්නවාද ලෝකයේ දිගම කොණ්ඩයේ දිග කොපමණද කියා. ලෝකයේ දිගම කොණ්ඩයේ දිග මීටර් 5.627ක්. ඔබත් දිග පෝෂදායි කෙස් කළඹකට හීන මවමින් ඒ සදහා වෙහෙසෙන කෙනෙක් නම් ඔබට වැටහෙනවා ඇති කොණ්ඩය දිගට වගේම පෝෂදායීව වර්ධනය කර ගැනීමට තිබෙන අපහසුව. ඔබටත් ඔබේ කොණ්ඩය දිගට වවා ගැනීමට අවශ්‍ය නම් ඔබ ඔබේ කොණ්ඩයට විවිධ සත්කාර කල යුතු වෙනවා. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ කොණ්ඩයත් දිගට සුන්දරව වවා ගැනීමට උපකාරී වන අපූරු හැක්ස් කිහිපයක්. මේ දේවල් ඔබට ගෙදරදීම කිසිම වියදමක් නැතිව කර ගැනීමට පුළුවන් දේවල් කිහිපයක්. ඉතින් කියවලම බලන්නකෝ ඔබටත් මෙය බොහෝ වැදගත් වෙනවා නම් නොඅනුමානයි. 

01. විටමින් බී -12 භාවිතා කරන්න.

විටමින් බී 12 භාවිතා කිරීමෙන් ඔබට ඔබේ කෙස් කළඹ වර්ධනය කර ගැනීම සදහා පමණක් නෙමේ වියළි, ​​සිහින් සහ බිඳෙනසුලු හිසකෙස් සදහාද යොදාගත හැකී. කැසීම සහ හිසේ කැක්කුම වැනි දෑ ඇති වීම සිදු වෙනවා හිස්කබලට විටමින් බී -12 ඌනතාවය ඇති වූ විට. මේ නිසා විටමින් බී 12 ඔබ අතිරේකයක් ලෙස ලබා ගැනීම වඩාත් උචිතයි. නමුත් මීට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා. 

02. ඔබේ හිස්කබල සම්බාහනය කරන්න.

රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වන දෙයක් ලෙස හිස සම්බාහනය ගත හැකී. මෙහිදී සිදු වන්නේ රුධිරය කෙස් වලට මැනවින් ගලා එමයි. මේ නිසා එහි වර්ධනයද උත්තේජනය වීම සිදු වෙනවා. ඔබ ඔබේ හිස සම්බාහනය කිරීමේදී මෘදු චලනයන් සමඟ සෑම පැත්තකින්ම ඔබේ ඇඟිලි තුඩු වලින් හිස සම්බාහනය කිරීම සිදු කරන්න. මෙය ඔබට ඔබ හිසකෙස් සෝදන අවස්ථාවක උනත් සිදු කල හැකී. 

03. ඔබේ හිසකෙස් නිවැරදිව වියළන්න

ඔබ ඔබේ හිසකෙස් සේදීමෙන් පසුව ඔබේ හිසකෙස් තුවායකින් ඔතා ගෙන සිටිනවාද ? එසේනම් ඔබ එය නැවැත්විය යුතුයි. ඒ වගේම ඔබේ හිසකෙස් ඇතිල්ලීමද මෙහිදී සිදු කරන්න එපා. මීට හේතුව වන්නේ ඔබේ කොණ්ඩය වඩාත් බිඳෙනසුලු කිරීමට මීට හැකියාවක් පවතී. ඔබ කල යුත්තේ ඔබේ කොණ්ඩයේ තෙත තුවායකින් මිරිකා ගැනීමයි. මෙයද මෘදු ලෙස සිදු කරන්න අමතක කරන්න එපා. 

04. සිල්ක් කොට්ට මත නිදාගන්න.

ඔබ නිදාගැනීමට භාවිතා කරන කොට්ටය සැමවිටම සිල්ක් එකක් වන බවට සහතික වන්න. මීට හේතුව වන්නේ හිසකෙස් සහ කොට්ටය අතර ආකර්ෂණය සිල්ක් කොට්ටයක් මත අවම වීමයි. මෙහිදී හිසකෙස් වලට සිදු වන හානිය ඉතාමත් අවම වේ. 

05. ඔබේ ponytail එක වෙනස් කරන්න.

ඔබ දිනපතාම ඔබේ කොණ්ඩයට පෝනි ටේල් එකක් දාගෙන සිටින පුද්ගලයෙක් නම් ඔබ එහි පිහිටීම වෙනස් කිරීම සිදු කරන්න. මෙහිදී ඔබ ඔබේ කෙස් කළඹ තදින් තද කරනවා නම් එය බුරුලට දැමීම සිදු කරන්න. ඔබ කොණ්ඩය නිරන්තරයෙන් එකම ස්ථානයෙන් ඇද දමන විට එහි කොණ්ඩය බුරුල් වීමට ඉඩ ඇත. එහි මුල් වලටද හානි සිදු විය හැකිය. ඔබ තද කොණ්ඩා මෝස්තර වලට කැමති නම් වරින් වර එය බුරුල් කර නිදහසක් ලබා දෙන්න. 

06. ඔබේ හිස්කබලේ සම ගැන සැලකිලිමත් වන්න

අපි  බොහෝ දෙනා සැලකිලිමත් වන්නේ අපගේ මුහුණේ සම පිළිබදව පමණයි. ඒත් ඔබ අමතක කරන්න එපා ඔබේ මුහුණේ සමට වගේම ඔබේ හිස්කබලේ සමටත් එක ලෙසම සැලකිල්ල අවශ්‍ය වන බව. හිසකෙස් නිෂ්පාදන තෝරා ගැනීමේදී ඔබේ සමට ගැලපෙන සංයුතිය මත පදනම්ව හිසකෙස් නිෂ්පාදන තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. ඒ වගේම ඔබ අමතක නොකල යුතු දෙයක් තිබෙනවා ඒ තමා හිස්කබල මොයිස්චරයිසින් කළ යුතු බවත් නිරෝගීව සිටීමට නිසි pH අගය තිබිය යුතු බවත්. 

07. සීතල වතුරෙන් පිළියමක් යෙදීම. 

හිසකෙස් සේදීමෙන් පසු ඔබට සීතල වතුරෙන් ඔබේ හිසකෙස් වලට පිළියමක් යෙදීමට හැකිය. හිසකෙස් ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න කිරීමට මෙය බොහෝ පිටිවහලක් වනු ඇත. මේ විතරක් නෙමේ මෙය ඔබේ කෙස් කළඹ දීප්තිමත් කරාවි. 

08. ඔලිව් තෙල් උත්සාහ කරන්න.

හිසකෙස් හොඳින් පෝෂණය කිරීම සිදු කරන දෙයක් තමා ඔලිව් තෙල් කියල කියන්නේ. ඔලිව් තෙල් ප්‍රතිඔක්සිකාරක සහ විටමින් ඊ වලින් පොහොසත් වෙනවා. හිසකෙස් වර්ධනයට වගේම දිලිසෙන වගේම මෘදු කෙස් කළඹක් ලබා ගැනීමට ඔලිව් තෙල් යනු හොදම ද්‍රවයයක්. ඔබ කල යුත්තේ තෙල් 1/4 කෝප්පයක් ගෙන  හිස්කබලට හා හිසකෙස් වලට දැමීමයි. පසුව මිනිත්තු කිහිපයක් ඔබේ හිස සම්බාහනය කිරීම සිදු කරන්න. තෝප්පියකින් ඔබේ හිස අවරණය කර විනාඩි 15-30 අතර කාලයක් තබා ෂැම්පු වලින් සෝදා හරින්න. පොල් තෙල්, කාස්ටර් තෙල්, ගම්මිරිස් සහ ඉඟුරු සමඟ ඔලිව් තෙල් මිශ්‍ර කරද ඔබට මෙය භාවිතයට ගන්න පුළුවන්. 

09. හිසකෙස් මොයිස්චරයිස් කරන්න. 

ඔබට හිසකෙස් මොයිස්චරයිස් කිරීම තුළින් හිසකෙස් හොදින් වර්ධනය කර ගත හැකී වගේම එහි බාහිර පෙනුම වැඩි දියුණු කර ගත හැකිය. මේ සදහා ඔබට යොදා ගත හැකී බිත්තර කහ මදය. මෙහි ලෙසිතින් අන්තර්ගත වෙනවා. හිසකෙස් මොයිස්චරයිසින් කිරීමට මෙය ඔබට සහාය වෙනවා. ඔබ මෙහිදී බිත්තර 2ක් සහ ලෙමන් යුෂ බින්දු කිහිපයක් භාවිතා කරන්න. පසුව සුදුළුනු සමග ඒවා මිශ්‍ර කර, හිසකෙස් වලට ආලේප කර, තොප්පියකින් ආවරණය කර විනාඩි 30ක් පමණ සිටින්න. අවසානයේ සීතල ජලය යොදා ගෙන පිළියමක් යොදන්න. 

10. ඔබේ ආහාර වේල නිරීක්ෂණය කරන්න.

මේ සියල්ල සිදු කලත් ඔබේ හිසකෙස් නිරෝගී වීමට නම් ඔබත් නිරෝගී විය යුතුයි. මේ නිසා ඔබේ සෞඛ්‍යය ගැන ඔබ බොහෝ සිතා බැලිය යුතුයි. ප්‍රෝටීන් (මාළු, මස්, බෝංචි වැනි) සහ විටමින් ඒ සහ සී (කැරට්, පැඟිරි පලතුරු සහ වට්ටක්කා වැනි දේ) අඩංගු දෑ ඔබේ ආහාරය බොහෝ එක් කර ගැනීම සිදු කරන්න. මීට හේතුව ඔබ ප්‍රයෝජනවත් මූලද්‍රවයය සහ ඛනිජ ලවණ ආහාරයට ගත යුතු වීමයි.ඒ අතරම ඔබ නිතරම  සජලීයව සිටිය යුතුය. 

හිසකෙස් වැඩීම සදහා ඔබ භාවිතා කරන තවත් ක්‍රම තිබේද ? අපත් සමග එය බෙදා ගැනීමට අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published.