ඔබේ හිසකෙස් දිගු හා ඝනකම් කර ගැනීමට ටිප්ස් 11ක්

අපේ පෙනුම තීව්‍ර කරන්න පුළුවන් දෙයක් තමා හිසකෙස් කියල කියන්නේ. කාන්තාවන් බොහෝ කැමති ඔවුන්ගේ හිසකෙස් දිගින් වැඩි වෙන තරමට වගේම ඝනකමින් වැඩි වෙන තරමට. ඔවුන් බොහෝ දේවල කරනවා ඔවුන්ගේ හිසකෙස් ලස්සන කර ගන්න. හිසකෙස් දිනකට මිලිමීටර් 0.3 ත් 0.5 ත් අතර, මසකට සෙ.මී. 1 සිට 1.5 දක්වා සහ වසරකට සෙන්ටිමීටර 12 සිට 15 දක්වා වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. ශරීරයේ වේගයෙන්ම වර්ධනය වන දෙවන පටකය වෙන්නේත් මේ හිසකෙස්ම තමයි. නමුත් අපි බොහෝ දෙනාට හිසකෙස් වල දෝෂයක් නම් අනිවාර්‍යයෙන්ම තිබෙනවා. මේ නිසාම අද අපි ඔබට අරගෙන ආවේ හිසකෙස් දිගින් සහ ඝනකමින් වැඩි කර ගත හැකි ක්‍රම කිහිපයක් ගැන. ඔබට මෙය බොහෝ වැදගත් වේවි කියවලම බලන්නකෝ.

01. කතුර සමඟ මිතුරු වන්න.

ඔබ ඔබේ කොණ්ඩය දිගු කර ගැනීමට සිහින දකිනවා නම් ඔබට කොණ්ඩයට කතුර ලන් කරනවා කියන එකත් සිහිනයක් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔබට ඔබේ කොණ්ඩය වවා ගැනීමට අවශ්‍ය නම් ඔබේ කොණ්ඩය නිසි ලෙස කප්පාදු කිරීම අවශ්‍යම දෙයක්. ඔබේ කැඩුණු, බෙදුණු කෙළවරින් මිදීම පමණක් නොව, ඔබේ හිසකෙස් වල සෞඛ්‍යය පවත්වා ගැනීමටත් මෙය ඔබට උපකාරී වෙනවා. ඔබේ පැලුනු කොණ්ඩය නිසා ඔබේ කොණ්ඩයම විනාශ වී යාමට හැකියාවක් පවතින නිසා සැමවිටම ඔබේ කොණ්ඩය කප්පාදු කීරීම ගැන සැලකිලිමත් වන්න.

02. කන්ඩිෂනර් භාවිතා කරන්න.

‌බොහෝ දෙනා විවිධ මත පල කරනවා මේ කන්ඩිෂ්නර් ඔබේ හිසකෙස් මත තබා ගත යුතු කාලය පිළිබදව. නමුත් ඇත්තෙන්ම මෙය නම් ඇත්තක් නෙමේ කන්ඩිෂනර් ඔබේ හිසකෙස් මත තබා ගත යුතු කාලයක් නෑ. මෙය ඔබේ හිසකෙස් වලට එසැනින් ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ වගේම මෙය ඔබේ හිසකෙස් වලට සිදු වෙන හානි වලින් ආ‍රක්ෂා කරනවා. ඒ වගේම ඔබ මතක තබා ගත යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමා සියලුම හිසකෙස් වර්ගවල යහපත් සෞඛ්‍යය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය වෙනවා මේ කන්ඩිෂනර්. මේ නිසා ඔබ කන්ඩිෂනර් භාවිතා කිරීම සිදු කරන්න අමතක කරන්න එපා.

03. මැජික් අමුද්‍රව්‍ය වලින් උදව් ලබා ගන්න.

ළූණු සහ සුදුළූණු යුෂ, ගූස්බෙරි, ෂිකාකායි, ඇපල් සයිඩර් විනාකිරි සහ පොල් කිරි හිසකෙස් වලට පෝෂණය ලබා දෙන අමුද්‍රවයය ලෙස හදුන්වන්න පුළුවන්. හිසකෙස් වර්ධනය වැඩි දියුණු කිරීමට මෙය උපකාරී වෙනවා. ඔබේ හිස්කබලේ සහ හිසකෙස්වල සමස්ත සෞඛ්‍යයටද මෙය බොහෝ සහාය වෙනවා.

දැනගත යුතු උපක්‍රමයක්:

තම්බා ගත් බියර් ඔබේ සාමාන්‍ය ෂැම්පූ එකට එක් කර ඔබේ හිසකෙස් වලට යොදා සෝදා හරින්න. සතියකට දෙවරක් හෝ තුන් වරක් මෙය සිදු කරන්න. වෙනස ඔබට දැනේවි.

04. හිසකෙස් ආවරණ සහ තෙල් මඟින් සතිපතා පෝෂණය ලබාගන්න. 

හිසකෙස්වල තෙල් ආලේප කිරීම හෝ ආවරණ භාවිතා කිරීම ආගම සිහිකරනවා වගේ සතිපතා නොකඩවා කරන්න ඕනි. කොණ්ඩය වර්ධනයට කරගන්න නම් මේක ගොඩක් වැදගත් වෙනවා. එමඟින් කොණ්ඩයට අත්‍යවශ්‍ය මේද රඳවා තියාගන්න උදවු වෙනවා වගේම සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් ලැබෙනවා. කොණ්ඩයේ තෙල් ගැල්වීමට ඔයාට පුංචි ඉඟියක් දෙන්නම්. තෙත හිසකෙස්වල තෙල් ගල්වන්න 

මේ ක්‍රමය ලේසියෙන්ම සහ සම්පූර්ණයෙන්ම හිසකෙස් වලින් තෙල් අයින් කරගන්න උදව් වෙනවා.

ස්පා එකකින් සත්කාර කරගැනීමත් මෙයට කදිම විසදුමක්. ඒත් මානසික ආතතිය දුරු කරන අනර්ඝ හෙයාර් පැක් එකක් ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන්. ලෙමන්, මී පැණි,ඔලිව් ඔයිල්, ළූණු යුෂ හා අලිගැට පේර වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා  හිසකෙස් ආවරණයක් සකස් කරගන්න ඔයාට පුළුවන්.

05. කපු කොට්ට උරය ඉවත් කර සිල්ක් එකක් පාවිච්චි කරන්න.

හිසකෙස් වර්ධනයට පාවිච්චි කරන කොට්ට උරයත් බලපානවා. කොන්දට වර්ධනය වේගවත් කරගන්න, කපු කොට්ට උරය වෙනුවට සේද හෝ සැටින් පාවිච්චි කරන්න. ඊට හේතුව කපු වලට වඩා සිල්ක් සහ සැටින් වල සිනිඳු භාවය හිසකෙස්වලට උචිත වීමයි.

සිල්ක් හෝ සැටින් යන දෙවර්ගයම ඝර්ෂණයක් ඇති කරන්නේ නැති නිසා කොණ්ඩ ගැටගැසීම අවම වෙනවා. මේ විදියට, කිසකෙස් කදී යාමත් අවම වෙනවා.

06. හිසකෙස් සේදීමෙන් අනතුරුව වියළාගත යුතු ආකාරය 

ඔයාගේ තුවාය මොනතරම් සිනිදු වුනත් එමගින් සියුම් තෙත් හිසකෙස් වලට හානි වෙනවා. ගොඩක් වෙලාවට කාන්තාවන් හිසකෙස් සේදීමෙන් අනතුරුව තුවයෙන් හිසකෙස් ඔතාගෙන ඉන්නවා. එමගින් හිසකෙස් තුවායේ ඇති තන්තුවල පැටලී  කොණ්ඩයට හානි වෙනවා.

ඔයාගේ අරමුණ කොණ්ඩයේ දිග වැඩි කරගන්න නම්, හිසකෙස් වියලන යන්ත්‍ර, හිස කෙස් කෙලින් කිරීමට යොදාගන්නා ස්ට්‍රෙට්නෙර් සහ කැරලි කිරීමට යොදාගන්නා කර්ලර් වගේ තාපන මෙවලම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. ඕනෑම වර්ගයක තාප මෙවලමක් කොණ්ඩයට හානිදායකයි. ස්වාභාවිකව 60% ක් වියළීමෙන් අනතුරුව හිසකෙස් වියලන යන්ත්‍ර යක් පාවිච්චි කළාට කමක් නැහැ. ඒ වුණත් මෙය පාවිච්චි කරන විට හිසකෙස් ආරක්ෂා කරන ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න ඕනි.

07. කෙස් කලඹට විවේකයක් ලබා දෙන්න 

දවස පුරාම කාර්යබහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් අපි ගෙදරින් පිටත් වෙනකොට නිතරම හිසකෙස් ආලේපන පාවිච්චි කරනවා. මෙවැනි ආලේපන හේතුවෙන් හිසකෙස්වලට විශාල වශයෙන් හානි සිදු වෙනවා. හිස කෙස්වල වර්ධනය ඉක්මන්  කරගැනීමට අවශ්‍ය නම් ගොඩක් තදට හිසකෙස් ගැටගහන්න එපා. 

හිසකෙස් වර්ධනය අහිතකර ලෙස බලපාන ප්‍රධාන බාධාවක් ලෙස නිරන්තරයෙන්ම විෂබීජ වලට නිරාවරණය වීම දැක්විය හැකියි. මේ තත්වය වළක්වා ගැනීමට කලින් කලට ප්‍රතිවිෂබීජහරණ සත්කාරය ලබා දෙන්න ඕනි. සමට පමණක් නොව හිසකෙස්වලටත් ඉර එළියෙන් හානි වන බැවින් නිවසින් පිටත් වෙන අවස්ථාවන්වලදී හිසකෙස් ආවරණය කරගැනීමට හිස් වැස්මක් එසේ නැත්නම් අව් ආවරණ ආලේපන භාවිතා කරන්න. 

08. ඔයාගේ ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් වෙන්න

සමහර ආහාර කොණ්ඩය වර්ධනය සඳහා උදවු වන බව පර්යේෂණ මඟින් තහවුරු වෙලා තියෙනවා. එයට අනුව කොණ්ඩය වර්ධනයට බයෝටීන් සහ විටමින් H බහුලව අන්තර්ගත වන කෑම වර්ග වඩා සුදුසුයි. ඒවායේ මේද හා කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා මෙන්ම ඇමයිනෝ අම්ල නිසා ශරීරයේ ප්‍රෝටීන් මට්ටම ඉහල යනවා. 

චීස්, කිරි, බිත්තර, වට්ටක්කා, සෑම ධාන්‍ය වර්ගයක්ම, සැමන්, ඌරු මස්, පීකුදු සහ අලිගැටපේර යන ආහාරවල බයෝටීන් විශාල වශයෙන් අන්තර්ගත වෙනවා.

09. අනවශ්‍ය ලෙස කොණ්ඩය සෝදන්න එපා 

හිසකෙස් අපිරිසිදු නොවිය යුතුයි මෙන්ම නිරන්තරයෙන්ම කොණ්ඩය සේදීමත් සුදුසු වෙන්නේ නැහැ. මෙහි තේරුම නිතරම  කොණ්ඩය සේදීම හේතුවෙන් කොණ්ඩයේ අත්‍යවශ්‍ය ස්වභාවික තෙල් ද ඉවත් වී සෞඛ්‍ය සම්පන්න භාවය නැති වී යාමයි. 

හිසකෙස් සෝදන විට මෘදු ලෙස සැහැල්ලුවෙන් සම්බාහනය කර පහලට පීරන්න.

10. පොල් තෙල් සහ ලූණු යුෂ මිශ්‍ර කරන්න  

ලූණු යුෂ සතුව පවතින හිසකෙස් වර්ධනය හැකියාව හේතුවෙන් alopecia areata සත්කාරයට උදවු වෙනවා. මෙයින් කොණ්ඩයේ වර්ධන චක්‍රය නියාමන කරන අතරම අවැසි පෝෂණයත් සපයනවා. මෙයට පොල් තෙල් මිශ්‍ර කර ආලේප කිරීම  තවත් හොඳයි. 

කොණ්ඩයේ පොල් තෙල් ගැල්වීම මඟින් ස්වභාවික තෙල් ස්වභාවය රඳවා ගත හැකි අතරම හිස් කබලේ වියළි ගතිය නැති කරගන්න පුළුවන්. පොල්තෙල් වල ලෝරික් අම්ලය සහ විටමින් C ලොකු ප්‍රමාණයක් අන්තර්ගත වී තියෙනවා. පොල්තෙල් වලට ආදේශක විදියට ආමන්ඩ් හෝ අබ තෙල් පාවිච්චි කරන්න පුළුවන්.

11. ඉවසීමෙන් ඉන්න. 

එක් රාත්‍රියකින් දිගු සවිමත් කේශ කලාපයක් ලබාගත නොහැකියි. සාමාන්‍යයෙන් හිස කෙස් වර්ධනය වෙන්නේ මාසයකට අඟල් කාලක් හෝ බාගයක්. මේ පිළිබඳව නිරන්තරයෙන්ම සිතීම හේතුවෙන් කනස්සලු වීම නිසා ඍණාත්මක ප්‍රතිඵල ලැබීමට පුළුවන්.

අපි මෙහි සඳහන් කරලා තියෙන කේශ සත්කාර නිවැරදිව අකුරටම පිළිපැද්දත් අගලකට වඩා කොණ්ඩය දිගු නොවන බැවින් ඉවසීමෙන් ඉන්න. ඉක්මනින්ම ප්‍රතිඵල නොලැබෙන නිසා හිසකෙස් සත්කාර මගදී නවත්වන්න එපා. කල් ගත වන විට ගොඩක් අමාරු වුණත් ඔයාට හීන දකින දිගු, ශක්තිමත්, සෞඛ්‍යය සම්පන්න සහ පෘෂ්ඨිමත් කේශ කලාපය ඔයාට ලබාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published.