ඔබේ හිසකෙස් ලිහිල්ව තබාගෙන නින්දට යාම නොකළ යුතු හේතූන්

අපේ සමට වගේම හිසකෙස්වලටත් සුන්දර නින්දක් අවශ්‍ය වෙනවා. නින්දට යාමට පෙර අපගේ සම නිසි ලෙස රැකබලා ගැනීමට අපි ලොකු වෙලාවක් ගත කරනවා. ඒ වගේම අපේ හිසකෙස් සඳහාත් ඒ අවධානය යොමු කරන්න ඕන. කොණ්ඩෙ කඩාගෙන නිදාගැනීමෙන් කොණ්ඩෙට ගොඩක් හානි සිදුවෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ කොණ්ඩෙ කඩාගෙන නිදාගැනීමෙන් ඔයාගෙ කොණ්ඩෙට වගේම සම්පූර්ණ පෙනුමටත් වෙන්න පුලුවන් අවාසි කිහිපයක් ගැනයි. ඔයත් මේ වැරැද්ද කරන කෙනෙක් නම් අදම ඒකට විසඳුමක් ලබාගන්න.

01. අවදි වෙනකොට හිසකෙස් අවුල් වෙලා තියනවා.

නින්දෙදි ඔයා ඒ මේ අතට පෙරළෙනකොට ඔයාගෙ හිසකෙස් ගැට ගැහෙනවා. මේකට හේතු වෙන්නෙ හිසකෙස් කොට්ට උරය මත ඇතිල්ලෙන විට ඇතිවන ඝර්ෂණයයි. එමගින් ඔයා නැගිටිනකොට කොණ්ඩෙ අවුල් වෙල ගැටගැහිලා තියනවා. දිගින් දිගටම මේ හානිය සිදුවුණොත් අන්තිමේදි ඔයාගෙ හිසකෙස් දුර්වල වෙනවා.

02. මුහුණේ කුරුලෑ ඇති වෙන්න පුලුවන්.

ඔයගෙ සම සංවේදී, කුරුලෑ ඇතිවන සමක් නම්, නිතරම හිසකෙස් මුහුණ ස්පර්ශ කිරීමෙන් වළක්වා ගන්න. ඔයාගෙ හිසකෙස් මත එකතු වෙන මෝස්තර නිෂ්පාදන සහ කන්ඩිෂනර් රාත්‍රියේදී ඔයාගෙ සමේ ගෑවෙන නිසා ඒවා මගින් සමේ සිදුරු අවහිර කරලා කුරුලෑ ඇති වෙන්න ඉඩ තියනවා. දිගු කෙස් තියන අයට පිටේ පවා කුරුලෑ ඇති වෙන්න පුලුවන්. ඒ නිසා නිදා සිටියදී හිසකෙස් මුහුණෙන් ඉවත් කර තබා ගැනීම සමහර සමේ රෝග වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

03. හිසකෙස් වර්ධනය කඩාකප්පල් වෙනවා.

හානියට පත් වුණු හිසකෙස්වල වර්ධනය වෙන වේගය අඩුයි. ඔයා දිගු කෙස් කලඹකට කැමති කෙනෙක් නම් නින්දේදී කොණ්ඩය පරිස්සම් කරගන්න වග බලාගන්න.

04. කොණ්ඩය රැලි සහිත විය හැකියි.

රැලි සහිත හිසකෙස් හීලෑ කිරීමට හැකි හැම මෝස්තර නිෂ්පාදනයක්ම උත්සාහ කළත්, නින්දේදී හිසකෙස් පහතට තැබීම වගේ සරල දෙයක් මගින් හිසකෙස්වල තෙතමනය නැති වෙන්න පුලුවන්. ඔයාගෙ කොණ්ඩෙ රැළි සහිත වෙන්න එක හේතුවක් තමයි ඔයාගෙ කොට්ටය කියන්නෙ. මොකද, කොට්ටය මගින් ඔයාගෙ හිසකෙස්වලට එරෙහිව වැඩි ඝර්ෂණයක් ඇති කරන තරමට කෙස් ගස්වල තියන තෙතමනය වාෂ්ප වෙලා යනවා.

05. කෙස් අග පැලීමට හේතු වෙනවා.

කෙස් අග පැලීම කරදරයක් විතරක් නෙවෙයි. කොණ්ඩෙ අග පැලෙන එක වැඩි වුණොත් ඔයගෙ කෙස් කලඹට අවුල් සහගත සහ අපිරිසිදු පෙනුමක් ලැබෙනවා. නින්දට යාමට පෙර කොණ්ඩය බැඳගෙන ඉන්නෙ නැත්නම්, නින්දේදී කෙස් ගස් පැටලිලා කෙස් අග පැලෙනවා. ඒ වගේම සිල්ක් කොට්ට උරයක් මත නිදාගන්නවා නම් ඔයාගෙ කොණ්ඩෙ අග පැලීම බොහෝ දුරට වළක්වගන්න පුලුවන්.

06. නින්දේ ගුණාත්මක භාවයටත් බලපානවා.

හිසකෙස් පහත් කර නිදා ගැනීමට යාමෙන් රෑට නින්ද නොයන්නත් ඉඩ තියනවා. නැත්නම් උදේට නැගිටිනකොට කැඩුණු කෙස් ගස් ගොඩක් ඇඳ පුරාම දකින්න ලැබෙනවා. නිදාගෙන් ඉන්නකොට, හිසකෙස් මුහුණ මත ඇතිල්ලෙම්න් නින්දට බාධා ඇති කරනවා.. ඒ නිසා නින්දට යන්න කලින් හොඳට කොණ්ඩෙ පීරලා ගැටගහගෙන නිදාගන්න.

බෝනස්: නිදා සිටියදී හිසකෙස් ආරක්ෂා කර ගන්නේ මෙහෙමයි
  • තද පෝනිටේල් එකක් දාගෙන නිදා ගැනීම ඔයාගෙ හිසකෙස් වලට හානිකර විය හැකි අතර, නිදා සිටින අතරතුර ඔයාගෙ හිසකෙස් රැකබලා ගැනීමට පහසු ක්‍රම කිහිපයක් තියනවා.
  • හිසකෙස්, හිස් ආවරණයකින් ඔතන්න. සිල්ක් හෝ සැටින් ස්කාෆ් එකක් මගින් ඔයාගෙ කෙස් අග නිරෝගීව තබා ගන්නා අතර හිසකෙස්වල තෙතමනය ඉවත් කරන්නෙත් නෑ.
  • ස්ක්‍රංචී එකක් පළඳින්න. හිසකෙස් ගැටයකට කරකවා ඉලාස්ටික් එකක් වෙනුවට ස්ක්‍රංචී එකක් භාවිත කරන්න.
  • ලිහිල්ව ගොතන්න. කර්ලින් අයන් එකෙන් ඔයාගෙ කොණ්ඩයට හානි කරනවා. ඒ වෙනුවට නින්දට යන්න කලින් කොණ්ඩය බුරුලට ගොතන්න. මෙමගින් රෑ නින්දෙදි කොණ්ඩෙ ඔයාගෙ මුහුණට වැටෙන එක වළක්වනවා විතරක් නෙවෙයි, උදේට ලස්සන කර්ල් කොණ්ඩෙකුත් ඔයාට ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published.