ඔබේ හිසකෙස් විනාශ කරන දිනපතා කරන පුරුදු 7 ක්

ඔයා පාවිච්චි කරන ෂැම්පූ එක කොච්චර මිල අධික වුණත්, ඔයාගෙ කොණ්ඩෙට ඒකෙන් හොඳම ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැත්නම් වැඩක් වෙන්නෙ නෑ නේද? එහෙම වුණොත් ඔයාගෙ හිසකෙස් ආරක්ෂණ පුරුදු ගැන ආයෙත් අවධානය දෙන්න වෙනවා. වැරදි හෙයාර් බෑන්ඩ් භාවිතා කිරීම හෝ තුවායකින් කොණ්ඩය ඔතා ගැනීම වගේ දේවල් නිසා ඔයාගෙ කොණ්ඩයට හානි සිදුවෙන්න පුලුවන්. දිගු කාලයක් මේ පුරුදු පවත්වගෙන ගියොත් එමගින් හිසකෙස්වලට ලොකු හානියක් වෙන්න ඉඩ තියනවා. කෙටි කාලීනව මේවාගේ එතරම් හානිදායක බවක් පේන්න නොතිබුණත්, දිගු කාලීනව හිසකෙස්වලට ගොඩක් හානි ඇතිකරනවා.

ඉතින් අපි අද ඔයාට කියන්න යන්නෙ ඔයා නොදැනුවත්වම කරන දේවල් නිසා ඔයාගෙ කොණ්ඩයට හානි වෙන්නෙ කොහොමද කියලයි.

01. ලොම් සහිත ඇඳුම් ඇඳීම.

සීතල කාලගුණය තුළ ඔයාව උණුසුම්ව තැබීමට, ලොම් කබා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් මේ කබා නිර්මාණය කරලා තියන ලොම් රෙදි මගින් ඔයාගෙ හිසකෙස් වලට හානි කරන්න පුලුවන්. ලොම් මගින් ස්ථිතික විදුලිය ගොඩනඟා හිසකෙස් එයට අලවාගන්නවා. අන්තිමට හිසකෙස් කැඩී යනවා. වැසි දිනවලදී ඔයාගෙ හිසකෙස් තෙත් වූ විට, එය වඩාත් දුර්වල වන අතර පහසුවෙන් කැඩී යනවා.

02. ටූනා ආහාරයට ගැනීම.

ටූනා කියන්නෙ හරිම පෝෂ්‍යදායි ආහාරයක්. ඒත් ටූනාවල රසදිය ඉහළ ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ විෂ සහිත බැර ලෝහය මගින් බරපතල සෞඛ්‍ය ගැටළු කිහිපයක් ඇති කරනවා. රසදිය පරිභෝජනය හදිසියේ ඇති වන හිසකෙස් හැලීමකට හේතුවන බව අධ්‍යයනයකින් හෙළි වෙලා තියනවා.

03. හිසකෙස් වියළීමට තුවායක් හෝ හෙයා ඩ්‍රයර් එකක් භාවිත කිරීම.

අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නෙ නෑවට පස්සේ අපේ හිසකෙස් තුවායකින් ඔතාගෙන ඉන්නනේ. ඒත් කපු තුවා මගින් හිසකෙස් සිනිඳු කරලා කැඩීම වැඩි කරනවා. තුවාය කොණ්ඩයට වඩා රළු හා වියලි නිසා, හිසකෙස් අග පැලීමටත් හේතු වෙනවා. හෙයා ඩ්‍රයර් එක නිතිපතා භාවිතා කිරීමෙන් හිසකෙස් අස්ථාවර වීම හා අඳුරු වීම සිදු වෙනවා. කොණ්ඩය නිවැරදිව වියළීමට නම්, ඩ්‍රයර් එක ඔයාගෙ කොණ්ඩයෙන් අඟල් 6 ක් පමණ ඈතින් තබා ගන්න.

04. ඇදෙනසුළු හෙයා බෑන්ඩ් වලින් කොණ්ඩය ගැට ගැසීම.

හිසකෙස් තදින් ඇදලා දාන කොණ්ඩා මෝස්තර, ඒ කියන්නෙ පොනිටේල් හා උඩට කරලා කොණ්ඩට ගැට ගැසීම වගේ මෝස්තර නිසා ඔයාගෙ කොණ්ඩයට හානි වෙනවා. ඇදෙනසුළු හෙයා බෑන්ඩ් එකේ ඇඹරීම් නිසා ඔයාගෙ හිසකෙස් මත පීඩනයක් ඇතිවෙනවා. එමගින් හිසකෙස් කැඩී බිඳී යාමට හේතු වෙනවා. ඔයා කොණ්ඩය පොනිටේල් දාන්න කැමති කෙනෙක් නම්, රෙදිවලින් ආවරණය වූ රබර් පටියක් තෝරා ගන්න.

05. හිසකෙස් මුලට කන්ඩිෂනර් යෙදීම.

හිසකෙස් මෘදු හා පෝෂණයෙන් තියාගන්න නම් කන්ඩිෂනර් අත්‍යවශ්‍යම වෙනවා. ඒත් එය වැරදි ආකාරයෙන් භාවිතා කරන විට හිසකෙස්වලට අවුල් සහගත පෙනුමක් ලබාදෙනවා. හිසකෙස්වල මුලට කන්ඩිෂනර් යොදනකොට, කෙස් මුල්වල ලිස්සන ගතියක් ඇති වෙනවා. එ වගේම හිස්කබලේ හිස්හොරි ඇති කරන්නත් හේතු වෙනවා. ඔයාගෙ හිසකෙස් මෘදු හා දිලිසෙන ලෙස තබා ගැනීමට නම්, කෙස්වල දිගට හා කෙළවරට විතරක් කන්ඩිෂනර් යොදන්න.

06. වියළි ෂැම්පූ භාවිතා කිරීම.

ඩ්‍රයි ෂැම්පු හෙවත් වියළි ෂැම්පූ කියන්නෙ අන්තිමටම කෙස් ආරක්ෂා කරගන්න භාවිත කරන නිෂ්පාදනයක්. එමගින් ඔයාගෙ හිසකෙස්වලට නැවුම් පෙනුමක් ලබා දෙනවා. ඒත් නිතරම වියළි ෂැම්පු භාවිතා කිරීමෙන් හිස්කබලේ කැසීම, වියලි බව හා සුදුමැලි බවක් ඇති වෙන්න පුලුවන්. වියළි ෂැම්පූ මගින් ඇත්තටම කොණ්ඩය පිරිසිදු කරන්නෙ නැති නිසා, අවසානයේදී හිස් හොරි ඇතිවීමට පවා හේතු වෙනවා.

07. අව් කණ්ණාඩි හිස මත තැබීම.

අව් කණ්ණාඩිය ඔලුවෙ දාන්නෙ ඒක නැති වෙන එක වළක්වන්නයි. ඒත් ඔයා ඒක හැම වෙලාවෙම කරනකොට එමගින් ඔයාගෙ හිසකෙස් සිහින් වෙන්න පටන් ගන්නවා. කණ්ණාඩි වල තද ගතිය නිසා හිස්කබලට රුධිර ප්‍රවාහය අඩු වෙලා හිසකෙස් වර්ධනය අඩු වෙනවා. ඔයා කණ්ණාඩිවල තියන ලෝහ වලට ආසාත්මිකතා දක්වනවා නම් ඒකත් හිසකෙස් සිහින් වීමට හේතු වෙනවා.

ඔයත් මේ වැරදි කරලා තියනවද? එහෙමත් නැත්නම් තාමත් කරනවද? පුලුවන් තරම් ඉක්මනින් මේ වැරදි පුරුදුවලින් ඈත් වෙන්න.

Leave a Reply

Your email address will not be published.