ඔබ ඔබ ගැනම ආරක්ශිත නැති බව පෙන්වන දේවල් 8 ක්

මිනිසුන් විදිහට අපට දියුණු මනසක් ලැබිලා තියනවා. ඉතින් ඒක හරියට හසුරවන්න අපි දැනගන්න ඕන. තමන්ට තමන් ගැන ආරක්ෂාකාරී හැඟීමක් ඇතිකරගන්න අපි පුරුදු වෙන එක හොඳයි. අපට ආත්ම ගරුත්වයක් තියනවා. ඒ නිසා අපි අපේ ආත්ම විශ්වාසය සහ ආත්ම ගරුත්වය ආරක්ෂා එන විදිහට වැඩ කරන එක වැදගත්.

අපි විශ්වාස කරන්නේ පුද්ගලයෙකුට මානසික සෞඛ්‍යය ගොඩක් වැදගත් බවයි. කිසියම් කරදරයක් ඇති වෙන්න කලින් එය ජය ගැනීම සඳහා අඩු විශ්වාසයේ සලකුණු 8 ක් ඉගෙනගෙන ඉන්න එක වැදගත් වෙන්නෙ ඒ නිසයි.

01. ඔයා ඕනෑවට වඩා ධනාත්මකයි.

ධනාත්මකව සිටීම ගොඩාක් හොඳ දෙයක් වුණත්, සමහර විට මිනිසුන් එයාලගෙ හැඟීම් එයාලගෙ හිනාව පිටිපස්සේ සඟවගන්න උත්සාහ කරනවා. ඉතින් කෙනෙක් ඕනෑවට වඩා සතුටින් ඉන්නවා වගේ පෙන්වනවා නම් හෝ ඕනෑවට වඩා ධනාත්මක විදිහට ඉන්න උත්සාහ කරනවා නම් ඒ කෙනා ඇත්තටම ඉන්නෙ එයා ගැනම අනාරක්ෂිත හැඟීමක කියලා කියන්න පුලුවන්.

02. ඔයාට හැම අවස්ථාවකදීම පරිපූර්ණ ප්‍රතිඵලයක් අවශ්‍යයි.

පරිපූර්ණත්වය අඩු ආත්ම අභිමානයේ ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්. තමන් කිසිම දේකින් සෑහීමට පත් වෙන්නෙ නෑ කියලා තමන්ටම දැනෙනවා නම් ඒකත් තමන් ගැනම තියන අනාරක්ෂිත බවේ ප්‍රතිඵලයක්.

උදාහරණයක් විදිහට, අඩු ආත්ම අභිමානයක් තියන කෙනෙක් එයාගෙ කාමරය ප්‍රමාණවත් තරම් පිරිසිදු නොවීම සහ අමුත්තන් සෑහීමකට පත් නොවනු ඇතැයි කනස්සල්ලට පත් වෙනවා. ඒ නිසා එයා කාමරේ පිරිසිදු කරන්න විනාඩි 30 ක් වැය කරනවා වෙනුවට, පැය ගානක් මහන්සි වෙලා කිසිම අඩුපාඩුවක් නෑ කියලා හිතෙනකම් කාමරේ අස් කරනවා.

03. අනිත් අයගෙ ප්‍රතිචාර පිළිගන්න බෑ

ඔයා අනාරක්ෂිත හැඟීමකින් ඉන්න කෙනෙක් නම්, කෙනෙක් ඔයා කරපු වැඩක් ගැන ප්‍රතිචාර දක්වනකොට ඔයා හිතන්නෙ ඔයා කරපු වැඩේ ගැන නෙවෙයි, පෞද්ගලිකවම ඔයා ගැන විතරයි ඔයා හිතන්නෙ. මේකෙ ප්‍රතිඵලයක් විදිහට, ඔයාට අනිත් කෙනාගෙ ප්‍රතිචාර සහ අදහස් පිළිගැනීම ඉතා දුෂ්කර වෙනවා. ඊලඟ වතාවෙ කවුරුහරි ඔයා කරපු දෙයක් ගැන අදහස් දක්වනකොට, ඒක ඊටත් වඩා සාර්ථකව කරන්නෙ කොහොමද, එයා කියන වැදගත් දේවල් මොනවද කියන එක ගැන අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න. කෙනෙක් ඔයාට ප්‍රශංසා කරනකොට ඔයාගෙ කුසලතා ප්‍රතික්ෂේප නොකිරීමට වග බලා ගන්න.

04. ඔයාගෙ ජයග්‍රහණ බෙදා ගැනීම ඔයාට වැදගත් වෙනවා.

සමාජ ජාල වල සහය ඇතිව අපේ ජීවිතයේ සුබවාදී පැත්ත අනෙක් අය එක්ක බෙදාගන්න අපිට අවස්ථාව ලැබිලා තියනවා. හැබැයි, මතක තබා ගන්න, කෙනෙක් තම ජීවිතයේ යහපත් දේ නිතරම ප්‍රදර්ශනය කරනවා කියලා ඔයාට දකින්න ලැබුණොත්, ඒකත් එයාට එයා ගැන තියන අනාරක්ෂිත බවේ සලකුණක්.

අනිත් අය එක්ක හොඳ දේවල් බෙදා ගත්තට කමක් නෑ. හැබැයි ඒකෙන් ඔයාගෙ ආත්ම-වටිනාකම ගැන හැඟීම් ඉහළ නැංවිය යුතු නෑ. ඇත්තටම අපේ පවුලේ අය සහ යාලුවන් අපට ආදරය කරන්නෙ අපි අමෙයාලට පෙන්නන්න හදන හොඳ පැත්ත ගැන හිතලා නම් නෙවෙයි.

05. ඔයාට බැහැ කියන්න බැහැ.

ඔයාට ඔයාගෙ වියදමින් වෙන කෙනෙකුට උදව් කරන හැම අවස්ථාවකම, ඔයාට අවශ්‍ය දේ වැදගත් නොවන බව ඔයාගෙ මනස හිතනවා. ඔයා අනවශ්‍ය විදිහට අනිත් අයට උදව් කරන එක නතර කළොත් ඔයාගෙ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොමද කියලා හිතලා බලන්න. එතකොට මිනිසුන් ඔයාට සහ ඔයාගෙ සීමාවන්ට ගරු කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාට හොඳ ආත්ම-වටිනාකමක් ලැබෙනවා.

06. ඔයාට හැම දෙයක් ගැනම සහතික වෙන්න ඕන.

සමහර පුද්ගලයන්ට කෙටි කාලීන කනස්සල්ල පාලනය කරගන්න බෑ. ඒ නිසා එයාලා නිතරම අනුන්ගෙන් අනුමැතිය සහ සහාය ඉල්ලා සිටිනවා. සමහර විට ඒකෙන් ඔයාට කනස්සල්ලෙන් මිදෙන්න පුලුවන්. හැබැයි, දිගු කාලීනව, ඒක ඔයාටම දේවල් හැසිරවිය නොහැකි බවට සංඥා කරනවා. උදාහරණයක් විදිහට, කෙනෙක් අලතින් ඇඳුම් මිලදී ගෙන එයාව පේන්නෙ කොහොමද කියලා අනිත් අයගෙන් අහන්න ඒ ෆොටෝ සෝෂල් මීඩියාවල පළ කරනවා නම් ඒකෙන් පේන්නෙ ඒ කෙනාගෙ අඩු ආත්ම අභිමානයයි.

07. ඔයා බොහෝ විට ව්‍යසනකාරී සිතුවිලිවලට යොමු වෙනවා.

දේවල් ගැන ඕනෑවට වඩා සිතන සහ නරකම අවස්ථාවන් ගැන අතාර්කිකව කනස්සල්ලට පත්වෙන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා. එයා හැම දේ ගැනම ඕනෑවට වඩා හිතනවා. ඒ නිසා කවුරුහරි දෙයක් කිව්වම මුලින්ම වෙන්න පුලුවන් හොඳම අවස්ථා ගැන හිතන්න පුරුදු වෙන්න.

08. ඔයා අන් අයට දොස් පැවරීමට නැඹුරු වෙනවා.

විවේචනාත්මක වීම වැදගත් බව අපි විශ්වාස කරනවා. හැබැයි ඔයාට වඩා හොඳ හැඟීමක් ඇති කර ගැනීමට විවේචන භාවිත කරන්න එපා. නිතරම අනිත් අයට දොස් කියන එකත් තමන්ට තමන් ගැන තියෙන්නෙ අනාරක්ෂිත හැඟීමක් කියලා අනිත් අයට ඔප්පු කරනවා.

Leave a Reply

Your email address will not be published.