ඔබ කරනා හොර වැඩ 13 ක් හේතූවෙන් හිස් හොරි ඇති වන අයුරු

සමහර විට හිස් හොරි ඉවත් කරන්න උත්සාහ කරනකොට, ඔයා ඒක වඩාත් නරක අතට හැරෙන දෙයක් කරනවා වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට, ඔයා නාන්නෙ ඉතාම කලාතිරකින් වෙන්නත් පුලුවන්, නැත්නම් ඔයා දිනපතාම නානවා වෙන්නත් පුලුවන්. ඇත්තටම මේකෙන් වෙන්නෙ ඔයා නොදැනුවත්වම ඔයාගෙ හිස්කබලේ හිස් හොරි ඇතිවෙන එකයි. හිස් හොරි ඇතිවෙන එක වළක්වන්න නම් ඔයා කොණ්ඩෙ පීරන විදිහ පවා වෙනස් කරන්න වෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ හිස් හොරි ඇතිවීම වළක්වගන්න ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන උපදෙස් 13ක්. බලන්නකො මේ වගේ වැරදි ඔයත් නොදැනුවත්ව හරි කරනවද කියලා.

01. හිසකෙස් ඉතා කලාතුරකින් හෝ නිතර නිතර ෂැම්පු කිරීම.

ඔයා ඔයාගෙ හිසකෙස් කලාතුරකින් සෝදා ගන්නා විට, ඔයාගෙ හිස්කබල මත සේබම් ගොඩනැගෙනවා. ඒවා දහඩිය එක්ක එකතු වෙලා ඝන වෙලා කැබලි බවට පත් වෙනවා. ඒ වගේම හැමදාම ශැම්පු භාවිතා කරන්නත් හොඳ නෑ. එතකොට ඔයාගෙ හිස්කබලෙන් පෝෂණය සහ ශක්තිමත් වීමට අවශ්‍ය සියලුම සගන්ධ තෙල් ඉවත් වෙලා, හිස්කබල වියළෙනවා. මේ ගැටළු මඟහරවා ගැනීම සඳහා, විශේෂඥයන් කියන්නෙ දින 2 හෝ 3 කට වරක් කොණ්ඩෙ ෂැම්පු කරන්න කියලයි.

02. කන්ඩිෂනර් භාවිතා නොකිරීම.

ඔයා ඔයාගෙ හිසකෙස් ෂැම්පු කරනකොට, අපිරිසිදු සහ අනෙකුත් අපද්‍රව්‍ය විතරක් නෙවෙයි, හිස්කබලේ තියන ස්වාභාවික සේබම් පවා ඉවත් වෙනවා. එම සේබම් නැවත පිරවිය යුතු අතර කන්ඩිෂනර්වලින් කරන්නේ මෙයයි. කන්ඩිෂනර් මගින් ඔයාගෙ හිසකෙස්වලට විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ එකතු කරනවා. ඒවා ඔයාගෙ හිසකෙස් වල දීප්තිය සහ පරිමාව වැඩි කර අධික වියළි බව වළක්වනවා

03. හිසකෙස්වල ස්වභාවික දිලීරයට සංවේදිතාවක් තිබීම.

හිස්සොරි ඇති වෙන්නෙ කුරුලෑ ගැටළු ඇති කරන මැලසීසියා කියන දිලීරය අධික ලෙස වැඩීමෙන්. අපි හැමෝගෙම සම මත මේ දිලීරය තියනවා. හැබැයි ඒක සමේ තෙල් මගින් පෝෂණය වන නිසා සමහර අයට අනෙක් අයට වඩා තෙල් සහිත හිස්කබලක් ඇතිවෙනවා.

04. ඔලුව නිසි ලෙස නොසේදීම

හිස්කබලේ කුණු දූවිලි සහ තෙල් ස්‍රාවය  වැඩිපුර ඇති විට, මැලසීසියා දිලීරය අධික ලෙස වර්ධනය වෙලා හිස් හොරි හෝ දරුණු හිස් හොරි වර්ගයක් වන seborrheic dermatitis පවා ඇති වෙන්න පුලුවන්.

05. නිසි ලෙස කොණ්ඩය නොපීරීම

නිසි පරිදි කොණ්ඩෙ පීරීම මගින් හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කර සමේ මැරුණු සෛල ඉවත් කරනවා. පීරීමෙන්, හිස්කබලේ තියන අපිරිසිදුකමත් ඉවත් වෙනවා. ඒ නිසා හිස්සොරි ඇතිවීමට හේතුව අවම කර ගැනීමට නිතිපතා, දිනකට දෙවරක් හිස පීරන්න. හැබැයි ඊට වඩා පීරන්න යන්න එපා. ඒ වගේම හිස්කබලට හානි කළ හැකි සහ ඉදිමීම් ඇති කළ හැකි රළු පනාවලින් පීරීමෙන් වළකින්න.

06. හිස්හොරි සඳහා විශේෂ ෂැම්පු එකක් භාවිතා නොකිරීම

වෙළඳපොලේ තියන සාමාන්‍ය ෂැම්පූ ඒවායේ අඩංගු ඩිටර්ජන්ට් නිසා හිස්හොරි තියන හිස්කබලට හානිකරයි. ඒ නිසා හිස් හොරිවලට විශේෂයෙන් සාදන ලද ෂැම්පු එකක් භාවිත කරන්න.

07. නිතරම කොණ්ඩයට මෝස්තර කිරීම.

වැක්ස්, මූස්, ජෙල්, හෝ හෙයා ස්ප්‍රේ හිසකෙස්වලින් නිසි ලෙස ඉවත් නොකළහොත්, ඒවා කාලයත් සමඟ කෙස්වල එකතුවෙලා ඔයාගෙ හිසකෙස් තෙල් සහිත සහ අපිරිසිදු කරනවා. කාලයක් යනකොට ඔයාගෙ හිස්කබල කෝපයට හා වියලි බවට පත් වෙලා කැසීමක් ඇති වෙන්න පුලුවන්. ඒ වගේම, මේ නිෂ්පාදනවල තියන තාපය සහ රසායනික ද්‍රව්‍ය ඔයාගෙ හිසකෙස් දුර්වල කරන අතර හිසකෙස් පහසුවෙන් කැඩෙන්න හේතු වෙනවා. ඒ නිසා ඔයා තෝරගන්න නිෂ්පාදන ගැන සැලකිලිමත් වෙන්න.

08. ඔයාට ඕනෑවට වඩා ආතතිය තිබීම

අපි ආතතියට පත් වුණාම, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දුක් විඳින්න සිදුවෙනවා. එමගින් තෙල් සහ දිලීර, මැලසීසියා වර්ධනය වැඩි දියුණු වෙනවා. නිශ්චිත කාල සීමාවක් තුළ ඔයාට හිස් හොරි ඇති වන බව ඔයාට දකින්න ලැබුණොත්, එම කාලය තුළ සිදු වූ සිදුවීම් සහ ඒවා ඔයාගෙ හිසකෙස් සෞඛ්‍යයට බලපෑ ආකාරය ගැන හිතන්න. ඔයාගෙ ආතති සහගත සිතිවිලි ඉවත් කර ගැනීමට දිගු දුරක් ඇවිදින්න. යෝග කරන්න. උණුසුම් වතුරෙන් ස්නානය කරන්න. මෙමගින් ඔයාට ලිහිල් වීමට උපකාරී වෙනවා.

09. ඕනෑවට වඩා සීනි සහිත දේවල් කෑම.

සීනි ඔයාගෙ ශරීරයේ හෝමෝනවල අසමතුලිතතාවයක් ඇති කිරීමෙන් හිසකෙස් සෞඛ්‍යයට බලපෑම් කරනවා. සීනි මගින් රුධිරයේ සීනි මට්ටම වැඩි කරන නිසා ග්‍රන්ථි වැඩිපුර තෙල් නිපදවීමට පටන් ගන්නවා. ඔයාගෙ ආහාර වේලෙහි රසකැවිලි බොහොමයක් අඩංගු වෙනවා නම් ඔයාට ඉක්මනින් තෙල් සහිත හිසකෙස් ඇති වෙන්නෙ ඒ නිසයි.

10. නිසි ලෙස ආහාර නොගැනීම

සම්පූර්ණ මේද කිරි නිෂ්පාදන සහ සංතෘප්ත මේදය මගින් දැවිල්ල සහ සෙම නිෂ්පාදනය වැඩි කරන බව අධ්‍යයන වලින් පෙන්නුම් කරලා තියනවා. ඒවා පාලනය කිරීමට, සින්ක් සහ B විටමින් බහුල ආහාර අනුභව කිරීමට උත්සාහ කරන්න. කෙසෙල් වල මේ පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ඇති නමුත් සින්ක් වල විශිෂ්ට ප්‍රභවයන් වන බැවින් මුහුදු ආහාර, ඇට වර්ග, අලිගැටපේර හෝ රතු මස් ඔයාගෙ ආහාර වේලට ඇතුළත් කිරීමට අමතක කරන්න එපා.

11. හිස්කබලේ තෙතමනය ප්‍රමාණවත් නොවීම.

ඔයාගෙ හිස්කබලත් ශරීරයේ අනෙක් සමට සමානයි. සම වියළෙනවා වගේම හිස්කබලත් වියළෙනවා. හිස්කබල වියළීමෙන් කැසීම ඇතිවෙනවා. ඒ නිසා එම වියළි ගතිය වැළැක්වීමට හිස්කබලට මොයිස්චරයිසර් යොදන්න. ඔයාට මේකට විශේෂ නිෂ්පාදන මිලදී ගන්න ඕන නෑ. කුස්සියට ගොස් බිත්තර කිහිපයක් ගත්තම ඇති.

ඒවා කඩා බිත්තර කහ මදය වෙන්කර බඳුනකට දාගන්න. එයට යෝගට්, ලෙමන් සහ මී පැණි එකතු කර, සම්පූර්ණ මිශ්‍රණය ඔයාගෙ වියළි කෙස් ආලේප කරලා ෂවර් කැප් එකකින් ආවරණය කරන්න. පසුව එය ෂැම්පු වලින් සෝදා හරින්න. බිත්තර කහ මදය ඔබේ හිසකෙස් ආශා කරන සියලුම ප්‍රෝටීන් සහ විටමින් වලින් පිරී තිබෙනවා. ලෙමන්වල තියන සිට්‍රික් අම්ලයට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති අතර යෝගට් කියන්නෙ ස්වාභාවික මොයිස්චරයිසර් එකක්.

12. හිස්කබල සම්බාහනය නොකිරීම

ඔයා බිත්තර කහ මදය හෝ යෝගට් සහිත හෙයා මාස්ක් එකක් තෝරා ගත්තත්, ඔයාගෙ හිස්කබල මෘදු ලෙස සම්බාහනය කරන්න අමතක කරන්න හොඳ නෑ. සම ඉතා සංවේදී නිසා තදින් මසාජ් කරන්න එපා.

13. SPF ආරක්ෂාව ලබා නොගැනීම

හිරු එළියෙන් ඔයාගෙ හිසකෙස් හා හිස්කබල ආරක්ෂා කිරීමටත් ක්‍රම භාවිතා කරන්න. ඔයාගෙ හිසකෙස් කෙටි නම්, ඔයාගෙ කෙලින්ම හිස්කබල මත හිරු ආවරණ ආලේප කරන්න පුලුවන්. මධ්‍යම හා දිගු කෙස් සඳහා, UV හානිවලින් හිසකෙස් ආරක්ෂා කරන විශේෂ මෝස්තර ක්‍රීම් එකක් තෝරගන්න.

හිස් හොරි තත්වය ගොඩක් දරුණුයි නම් සහ ඒක දරාගත නොහැකි ලෙස කැසීමක් ඇති කරනවා නම්, කරුණාකර වහාම ඔයාගෙ වෛද්‍යවරයා හමුවන්න.

Leave a Reply

Your email address will not be published.