ඔබ කවදාවත් සූර්යයා නොදැක සිටියොත් සිදුවිය හැකි දේවල් 8 ක්

සුර්යයා යනු අපට ලැබුණු දීමනාවක් ලෙස සිතීමට අප පුරුදු වී ඉන්නවා. වලාකුළු සහිත හෝ වැසි දිනක වුවත්, එය අප සමඟම කොහේ හෝ සිටින බව අපි දන්නවා, ඒ වගේම ඉක්මනින්ම අපට එය දැකගත හැකියි. ඒත් ඉර මොන තරම් අපේ ශරීරවලට වැදගත් වනවාද කියා දන්නවද? 

මෙහි දැක්වෙන්නේ නිරන්තර හිරු එලිය ලැබුනේ නැතිනම් අපට සිදු විය හැකි දේ පිලිබඳ පුරෝකථනය කීපයකි. කියවලම බලන්නකෝ ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි.

08. හදවතේ සෞඛ්‍ය අවදානමට ලක් වේ. 

හිරු එලිය නොමැති විට, අපගේ ශරීරයට විටමින් D නිෂ්පාදනය කල නොහැකි වෙනවා. මෙම විටමින් එක හදවත් රෝග වලින් ආරක්ෂා වීමේදී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. ඒ වගේම පාරජම්බුල කිරණ රුධිර පීඩනය ක්‍රමවත් කරවනවා. මේ නිසා සූර්යයා නැතිව හෘද වාහිනී ආබාධවලට ගොදුරු වීමට සිදු වෙනවා.

07. දරුවෙකු ලැබීමේ අවස්ථාව අවම වේ. 

හිරු එලිය නොමැති වූ විට, කාන්තාවකගේ ශරීරයේ වැඩිපුර මෙලටොනින් වැඩිපුර තිබිය හැකියි. මෙම හෝමෝනය මඟින් සාරවත් බව මැඩපවත්වන නිසා දරුවෙකු ගැබ් ගැනීමේ හැකියාව අවම වෙනවා. ඒ වගේම, හිරු එලියට අවමව නිරාවරණය වන කාන්තාවන් නිරාවරණය වන අයට වඩා කලින් ආර්තවාභාවයට පත් වෙනවා. 

පිරිමි පාර්ශවයද හිරු එලිය අවම වීමෙන් පීඩා විඳිනවා: මෙය සෘජුවම ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට බලපානවා. 

06. නුපුරුදු ස්නායු

දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට හිරු එලිය නොලැබුණු විට, වැඩිහිටියන් වූ විට මධ්‍යම ස්නායු පද්ධතියේ හටගන්නා රෝගී තත්වයක් වන බහු ජරඨතාව වර්ධනය වීමේ අවධානම වැඩි වන බව විශ්වාසයයි. 

05. වේදනා සහ කැක්කුම් සියල්ල 

හිරු එලිය නැති වුවහොත්, ශරීරය පුරාම වැඩිපුර වේදනා විඳීමට ලෑස්ති වී සිටින්න. ශරීරයේ මාංශ පේශි උණුසුම් කිරීම සහ ආතරයිටිස් වැනි ඉදිමුම් තත්වයක් නිසා ඇති වන වේදනා අවම කරගැනීමට හිරු එලිය උදව් කරනවා.

04. ප්‍රීතිමත් හැඟීම් ඇති නොවේ.

සුර්යයා නැති වුවහොත් ශරීරයේ සතුට දැනීමේ හෝමෝනය වන සෙරටොනින් අවම වෙනවා. ඔයාව සතුටට පත් කරගත හැකි වෙනත් ක්‍රම තිබුණත්, මේ සඳහා පහසුම සහ වඩාත්ම ස්වභාවික ක්‍රමය, නිතිපතා ලැබෙන හිරු එළිය සහ ඒ සමඟ සංයෝජනය වූ ව්‍යායාමයි.  

03. ප්‍රතිශක්තිය අවම වීම.

අවම හිරු එලිය යනු අවම සුදු රුධිරාණුයි. මේවා අවම වන විට ආසදනයකට විරුද්ධව සටන් කිරීම දුෂ්කර වෙනවා. 

02. වැඩිපුර කුහර. 

ඉර නැති වුවහොත් අපගේ දත් පවා පීඩාවට පත් වෙනවා. හිරු එලියට අවම වශයෙන් ලැබෙන මිනිසුන්ට දත් කුහර වැනි දත් ආශ්‍රිත රෝග වැඩියෙන් වර්ධනය වෙනවා. 

01. සදාකාලික winter blues තත්වය. 

හිරු එලිය නැතිව, සාමාන්‍යයෙන් winter blues නමින් හැඳින්වෙන, සෘතුමය බලපෑම් ආබාධ (SAD) සමඟ සදාකාලිකවම සිරවී සිටීමට සිදු වේවි. මෙය හිරු එලිය අවම වීම නිසා ඇති වන විශේෂ විශාද තත්වයකි. කෘත්‍රිම ආලෝකයට සම්පූර්ණයෙන්ම ස්වභාවික ආලෝකයට ආදේශකයක් විය නොහැකියි. 
හිරු එලිය අපගේ ශරීරයට ඉතාම ප්‍රයෝජනවත් වුවත්, මතක තබාගන්න අනවශ්‍ය ලෙස වැඩිපුර හිරු එලිය ශරීරයට හොඳ නැහැ. පාරජම්බුල කිරණ මඟින් අව්වට පිලිස්සීම් සහ සම ආශ්‍රිත රෝග වගේම පිළිකා ද ඇති විය හැකියි. සෑම දෙයක්ම හොඳ වන්නේ මධ්‍යස්ථව පවතී විටයි.

Leave a Reply

Your email address will not be published.