ඔබ ගැන කුතුහලය දනවන දේවල් හෙළි කරන ශරීර ලක්ෂණ 8 ක්

අපි හැමෝටම අපේ සම්භවය සහ අපි පැවතගෙන එන්නෙ කොහේ ඉඳන්ද කියන එක ගැන කුතුහලයක් තියනවා. 2019 දී විතරක් මිලියන 26 ක පිරිසක් එයාලගෙ ජාන සැකැස්ම හොයාගන්න ඩීඑන්ඒ පරීක්ෂණ සිදුකරලා තියනවා. සමහර මුතුන් මිත්තන් පැමිණියේ කොහෙන්ද කියලා බලාගන්න වෙනත් ක්‍රම තියෙන්නත් පුලුවන්. ඒ වගේම ඒක ඔයාගෙ ශරීරයේ විවිධ කොටස් දෙස බැලීමෙන් සරලවම සිදුකරගන්නත් පුලුවන්.

ඔන්න ඉතින් අද අපි ඔයාට කියන්නෙ ශරීරයේ විවිධ කොටස්වල වෙනස්කම් මගින් අපි ගැන, අපේ හැකියාවන් ගැන වගේම අපේ පෞරුෂය ගැනත් කියවෙන්නෙ කොහොමද කියලයි.

01. කකුලේ හැඩය ඔයාගෙ ජානමය පරම්පරාව තීරණය කිරීමට උපකාරී වෙනවා.

ප්‍රධාන පාද හැඩ වර්ග 5ක් තිබෙනවා. ඒවා තමයි රෝම, ග්‍රීක, ඊජිප්තු, කෙල්ටික්, සහ ජර්මන් කියන්නෙ. එක් එක් ඇඟිලි වල හැඩය සහ දිග අනුව පාදවල හැඩය එකිනෙකට වෙනස් වෙනවා.

  • ග්‍රීක: දෙවන ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දිගයි.
  • රෝම: මහපට ඇඟිල්ල සහ දෙවන සහ තෙවන ඇඟිලි සාමාන්‍යයෙන් සමාන දිගකින් යුක්ත වන අතර අනෙක් ඇඟිලි 2 කෙටියි.
  • ඊජිප්තු: ඇඟිලි මහපට ඇඟිල්ලෙන් පටන් අරගෙන දිගම සිට කෙටිම දක්වා පිළිවෙළට ගමන් කරනවා.
  • කෙල්ටික්: මහපට ඇඟිල්ල කෙටි සහ පළලයි. දෙවන ඇඟිල්ල දිගු වන අතර අනෙක් ඇඟිලි කුඩා ඇඟිල්ලේ සිට දිග අඩු වෙමින් යනවා.
  • ජර්මානු: මහපට ඇඟිල්ල විශාල වන අතර අනෙක් ඇඟිලි 4 එකම දිගින් යුක්තයි.
02. නාසයේ හැඩයෙන් ඔයාගෙ මුතුන් මිත්තන් කොහි සිට පැමිණියාදැයි හෙළි කරගන්න පුලුවන්.

අපේ නහයත් විවිධ හැඩවලින් වගේම විවිධ ප්‍රමාණවලිනුත් තියනවා. ඒත් අධ්‍යයනයකට අනුව හෙළිවුණේ, අපේ මුතුන් මිත්තන්ගේ පරිසරය අපගේ නාසයේ හැඩයට බලපෑමක් ඇති කරන බවයි. නහයේ අරමුණ ගඳ සුවඳ දැනීම විතරක් නෙවෙයි, එය අප හුස්ම ගන්නා වාතය පෙරීම සහ පාලනය කිරීමත් සිදු කරනවා.

අපේ මුතුන් මිත්තන් ජීවත් වුණේ සිසිල් දේශගුණයක නම්, එයාලා ආශ්වාස කරන සීතල වාතය උණුසුම් කිරීම සඳහා කුඩා නාස්පුඩු සහිත පටු නාසයක් තියන අය බවට පරිණාමය වුණා. ඒ වගේම, උණුසුම්, වඩා තෙත් දේශගුණයක් තුළ ජීවත් වුණු අය, පළල් නාස් පොල්ලක්, සහ වඩාත් විවෘත නාස්පුඩු සහිතව උෂ්ණත්වයෙන් බේරීමට පුලුවන් වෙන විදිහට හැඩගැහුණා.

03. උපතේදීම නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන අයගේ මුහුණේ හැඩයෙන් ඒ බව පේනවා.

අධ්‍යයනයකට අනුව, සෘජුකෝණාස්‍රාකාර මුහුණක්, පුළුල් නළලක් සහ ශක්තිමත් හකු සහිත පුද්ගලයන් විශිෂ්ට නායකයින් බවට පත් වෙන බව හොයාගෙන තියනවා. මේ මුහුණේ හැඩය ඇති පුද්ගලයින් විසින් මෙහෙයවන ලද සමාගම් මූල්‍යමය වශයෙන් සාර්ථක වූ බවත් පර්යේෂකයන් හොයාගත්තා.

04. ඔයාට තියන පෞරුෂ ලක්ෂණ මොනවාද කියලා ඔයාගෙ ඇස්වලින් කියවෙනවා.

අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ඇහිබැම ඉඩට ඉස්සිලා වගේ පේන ලොකු ඇස් තියන අය එකඟතාවයකට එන අය බව සහ විශාල තොල් සහ නාසයක් තියන අය සමාජීය වශයෙන් හොඳ විශ්වාසදායක අය බවයි.

05. ඇඟිලි වලින් ඔයාගෙ මලල ක්‍රීඩා හැකියාව පෙන්නුම් කරනවා.

වෙදැඟිල්ලට වඩා කෙටි මාපටැඟිල්ලක් තියන අය මලල ක්‍රීඩා කිරීමට වැඩිපුර ඉඩ ඇති බව අධ්‍යයනයකින් හෙළි වුණා. මොකද එයාලා ගර්භාෂය තුළ ටෙස්ටොස්ටෙරෝන් වැඩි ප්‍රමාණයකට නිරාවරණය වූ නිසයි. අඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් තියන පුද්ගලයින් වඩා හොඳ වාචික මතකයන් ඇති අය බවත් හඳුනගෙන තියනවා.

06. බුරියේ හැඩයෙන් ඔයා පිහිනුම් ක්‍රීඩකයෙකු හෝ ධාවකයෙකු බව හෙළි වෙනවා.

බුරිය කියන්නෙ අපේ ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානයේ ලකුණයි.
අධ්‍යයනයකට අනුව බුරිය පහළින් තියන අය හොඳ පිහිනුම් ක්‍රීඩකයන් විය හැකි බවත්, බුරිය ඉහළින් තියන අය දක්ෂ ධාවකයන් බවට පත් වන බවත් හෙළිවෙලා තියනවා.

07. අත් මගින් අපේ පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරනවා.

පුළුල්ව පැතිරුණු ඇඟිලි තියන අය ස්වාධීන සහ හුදකලා වික්‍රමාන්විතයන් සොයන අය බව ඇඟවෙනවා.
ඇමරිකානු ඇකඩමි ඔෆ් හෑන්ඩ් ඇනලිසිස් හි අධ්‍යක්ෂට අනුව, එක් එක් ඇඟිල්ල විවිධ ලක්ෂණ සමඟ සම්බන්ධයි. ශක්තිමත්ම ඇඟිල්ල මගින් ඔයාට වැදගත් දේවල් මොනවාද කියලා හෙළි කළ හැකි බව ඇය පැවසුවා.
අපේ ශක්තිමත්ම ඇඟිල්ල වන්නේ, අපි දෑත් සමතලා කරනකොට, අනෙකුත් ඇඟිලි කිසිවක් වෙතට නැමීමක් සිදු නොවන ඇඟිල්ලයි.

  • මාපටැඟිල්ල සාර්ථක වීමට අපේ උනන්දුව පෙන්වනවා.
  • දබර ඇඟිල්ලට බලය සහ අධිකාරිය පෙන්විය හැකියි.
  • මැද ඇඟිල්ල වගකීම, ආරක්ෂාව සහ වර්ධනයේ සලකුණක්.
  • නිර්මාණශීලිත්වය සහ ස්වයං ප්‍රකාශනය අපට වැදගත් දැයි වෙදැඟිලලෙන් පෙන්වනවා.
  • සුළැඟිල්ල සන්නිවේදනය පෙන්නුම් කරනවා.
08. ඇහි බැමේ දිගින් අපේ පෞරුෂ ලක්ෂණ ගැන කියවෙනවා.

මුහුණේ ලක්ෂණ කියවීමේ ප්‍රවීණයෙකුට අනුව, ඇහි බැම මගින් අපේ ආත්ම විශ්වාසය, ප්‍රත්‍යක්ෂ බව, අභිප්‍රේරණය සහ වෙනත් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා.

  • කෙටි ඇහි බැම මගින් ඒ පුද්ගලයා ආතතිය සමඟ හොඳින් කටයුතු නොකරන බව ඇඟවෙනවා.
  • දිගු ඇහිබැම, ආතතිය සමඟ හොඳින් කටයුතු කරන බවට සහ තරඟකාරී විය හැකි බවට ලකුණක්.
  • සිහින් හෝ අඩු ඇහිබැමිවලින් කියන්නෙ වඩාත් සුපරීක්ෂාකාරී සහ තමන් ගැනම සැක කළ හැකි පුද්ගලයෙක් බවයි.
  • ඝන ඇහි බැම මගින් පෙන්වන්නේ ඒ පුද්ගලයා ක්‍රියාශීලී වීමට ප්‍රිය කරන බවයි.

Leave a Reply

Your email address will not be published.