ඔබ ඩීප්‍රෙශන් වලින් පෙලෙන බව දැන ගතහැකි ලක්ෂණ 8 ක්

විෂාදය, ” විසිඑක් වන සියවසේ වසංගතය” ලෙස හඳුන්වනවා. ඇත්තෙන්ම අනෙක් රෝග සඳහා මෙන් මෙයටත් ප්‍රතිකාර කළහැකි බව අධ්‍යයනවලින් පෙන්වා දෙනවා. කොහොම වුණත්, මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ පළමු පියවර වන්නේ ඔයාගේ තත්වය ඇත්තටම විෂාදය ද නැතිනම් වෙනත් දෙයක්ද යන බව තේරුම් ගැනීමයි. ඒ බව හරියටම හඳුනා ගැනීමට අනතුරු හැඟවීමේ සංඥා කීපයක් තිබෙනවා.

මෙහි සඳහන් වන්නේ විෂාදයට පත්වී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු පුද්ගලයෙක් හඳුනාගත හැකි වඩාත්ම පොදු ලක්ෂණ කීපයයි.

01. විඩාපත් සහ මානසිකව වැටුණු හැඟීම 

ඔයාගේ ජීවන රටාවේ ඒ තරම් වෙනසක් සිදු නොවුණත් ශරීරයට ශක්තියක් නැති ගතිය දින කීපයක් අඛණ්ඩව පවතිනවා. අවදි වූ වහාම මහන්සියක් දැනෙනවා.

02. තමන් ජීවත් වීමට තරම් නොවටිනා සහ අයෝග්‍ය කෙනෙකු බව සිතීම 

ඔයා කිසිම වැදගත්කමක් නති නොවටිනා පුද්ගලයෙක් කියා සිතෙන්න පටන් ගන්නවා. ජීවත් විමට තරම් හේතුවක් නොමැති වීම නිසා දිවි නසා ගැනීමේ අදහස් සිතට නැගෙන අතර මරණයට බිය නැති වෙනවා.  

03. අවධානය සහ/හෝ මතක ශක්තිය පිලිබඳ ගැටළු 

වැදගත් දේ අමතක වන අතර ලේසියෙන් නමක් හෝ දුරකථන අංකයක් මතකයට නගාගත නොහැකියි. සිදු වන්නේ කුමක්ද කියා අවධානය යොමු කළ නොහැකි බැවින් වෙනත් කෙනෙකුට සවන් දීමට හෝ පොත්පත් කියවීමට අපහසුයි.

04. නින්ද ආශ්‍රිත ගැටළු උද්ගත වීම 

මෙය අනිද්‍රාව හෝ දීර්ඝ පැය ගණනක් නිදා ගැනීම විය හැකියි. ඇඳේ වැඩි කාලයක් ගත කළද තවත් නිදාගැනීමට ආශා කරනවා. ශරීරයේ දුර්වලකම නිසා මුළු දවසම වුවත් ඇඳේ ගත කරන්න හිතෙනවා. 

05. ශරීරයේ බර වෙනස් වේ 

හදිසියේම බර වැඩි වීම හෝ අඩු වීම වෙන්න පුළුවන්. අති විශාල ආහාර රුචිය හේතුවෙන් මොන තරම් ආහාර ගත්තද නිතරම බඩගින්නක් දැනෙනවා. නැතිනම් බඩගින්න දැනෙන්නෙම නැහැ. 

06. කිසිම දෙයකින් සතුටක් දැනෙන්නේ නැහැ.

තමන් ආදරය කළ දේවල්, ක්‍රියා සහ පුද්ගලයින් පවා තවදුරටත් ජීවිතයට සතුට එක් කරන්නේ නැහැ. නිතරම කම්මැලිකමක්, මහන්සියක් වගේම ජීවිත කාලයටම පැවැති විනෝදාංශ හෝ යහළුවන් හමු වීමට ආශාවක් නැහැ.

07. මනෝභාවය පහලට වැටේ.

නිතරම දුක, කනස්සල්ල, හෝ කෝපය ඇති වන අතර එයට නිසැක හේතුවක් දැක්විය නොහැකියි. 

08. සෞඛ්‍යය පිරිහෙයි.

හදිසියේම සන්ධි සහ කොන්දේ වේදනා සහ කැක්කුම් ඇති වන අතර, ජීරණ ගැටළු ඇති විය හැකියි. මේ කිසිවකට පහසුවෙන් පැහැදිලි කළහැකි හේතුවක් නැහැ (කම්පනය සහ මේදය සහිත දිවා ආහාරය), සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර මඟින් මෙම තත්වය සුපුරුදු පරිදි ඉවත් වෙන්නේ නැහැ. 

මතක තබාගන්න, විෂාදයෙන් පෙළෙනවා නම් ඉහත ලක්ෂණ සියල්ලම අඛණ්ඩව පැවතිය යුතුයි. තමන් හෝ තම පවුලේ සාමාජිකයින් මෙම ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, තමන්ගේ හෝ ඔවුන්ගේ මනසේ තත්වය හඳුනා ගැනීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයෙකු මුණ ගැසීම ඉතාම වටිනවා. 

විෂාදයට කළහැකි ප්‍රතිකාර මොනවාද? එය වලක්වා ගන්නේ කෙසේද?

රෝගියාගේ තත්වය අනුව, ඔහුට හෝ ඇයට සුදුසු ප්‍රතිකාරය කතා කිරීමද නැතිනම් ඖෂධ ලබාදීමද කියා වෛද්‍යවරයා නිර්ණය කරනවා. මෙම ප්‍රතිකාරවලට අමතර ශාරීරික ව්‍යායාම, ආලෝක චිකිත්සාව, සුරතල් සත්ත්ව චිකිත්සාව, විද්‍යුත්- හෝ චුම්බක සමාකරණය, හෝ අනෙකුත් ප්‍රතිකාර අයත් වෙනවා. 

විෂාදය වලක්වාගත හැකි ක්‍රම ඇතුලත් අධ්‍යන විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් එකක දැක්වෙන පරිදි සමහර විශාද ආකාර, විශේෂයෙන් ප්‍රසිද්ධ සෘතුමය විෂාදය (වසරේ සිසිල් සහ අඳුරු කාලවලදී වර්ධනය වන විෂාදය), විටමින් D ලබා ගැනීමෙන් සුව කල හැකියි. කොහොම වුණත්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් තොරව මෙම පෙති ලබාගන්න එපා.    

විෂාදය ඇතිවීමේ අවදානම සහිත රෝගීන් කණ්ඩායමේ සිටින අයට නිතිපතා විශේෂඥ උපදෙස් ලබාගත යුතු බව නිර්දේශයයි. ඕනෑම රෝගයක් මුල් අවදියේදී හඳුනා ගත විට එයට ප්‍රතිකාර කිරීම පහසුයි.
ඔයා හෝ ආදරය කර කෙනෙක් මෙම ලක්ෂණ පෙන්නුම් කරනවාද? සමකර විට විශේෂඥයෙකු හමු වීමට කාලය එළඹී තියෙන්න පුළුවන්. මෙම තත්වය සුළු කොට තකන්න එපා.

Leave a Reply

Your email address will not be published.