ඔබ දන්නේ නැතුවම වැරදියට කරන දෛනික දේවල් 10 ක්

අපි හැමෝටම අපේම පුරුදු සහ අපි විසින් කාලයත් එක්ක වර්ධනය කරගත් දෛනික චර්යාවන් තියනවා. නමුත්, ඇත්තටම, අපි කරන දේ වැරදි කියලා අපිවත් දන්නෙ නැති බොහෝ දෛනික චාරිත්‍රත් තියනවා.

අපි අද මේ පොදු ක්‍රියාකාරකම් ලැයිස්තුව සහ ඒවා නිවැරදි කරන්නේ කොහොමද යන්න ඔයාලට කියල දෙනවා. මේක ඔයාගෙ සෞඛ්‍යයට ගොඩක් වැදගත් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

01. කෝපි පානය

කෝපි වලින් ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදවු කරනවා, මොළයේ ශක්තිය ඉහළ නංවනවා, ජීර්ණය වැඩි දියුණු කරනවා වගේ ගොඩාක් ධනාත්මක බලපෑම් තියනවා. වැඩි රසායනික ද්‍රව්‍ය සහ අඩු පෝෂ්‍ය පදාර්ථ ඇති ක්ෂණික කෝපි වලට වඩා ස්වභාවික කෝපි ගොඩක් හොඳයි. සෞඛ්‍ය සම්පන්න අස්ථි වලට උදව් වන කැල්සියම් වගේ පෝෂ්‍ය පදාර්ථ කිරිවල අඩංගු වන නිසා, කෝපිවලට කිරි ටිකක් එකතු කරන එක තවත් හොඳයි.

තදින් බැදපු කෝපි වල, බාගෙට බැදපු කෝපි වලට වඩා අඩු කැෆේන් ප්‍රමාණයක් අඩංගු වෙනවා.

02. දත් මැදීම

ඔයා හැමදාම විනාඩි 2ක් දිනකට දෙවරක් දත් මදින්න. ආහාර ගැනීමෙන් පස්සෙ කෙලින්ම දත් මදින්න හොඳ නැහැ. ආහාර ගැනීමෙන් පස්සෙ පැයක් ඉන්න ඕනෙ. ඔයා ආම්ලික ආහාර ගන්නවා නම් මේක ඉතා වැදගත් වෙනවා. මොකද ඒ අම්ල ඔයාගෙ දත්වල එනමලය ඉවත් කිරීමට හේතු වෙන්න පුලුවන්.

03. මයික්‍රෝවේව් ආහාර

ආහාර නැවත රත් කරන විට, ඒ සියල්ල පිඟානේ මැද ගොඩ ගහන්න එපා. ඒ වෙනුවට, මැද සිදුරක් සහිතව පිඟානෙ වටේට ආහාර තියන්න. මේකෙන් ආහාරය ඒකාකාරව උණුසුම් කරන්න උදවු කරනවා.

04. ස්නානය කිරීම

අපි බොහෝ වෙලාවට උණුසුම් වතුර ස්නානය කරන්න කැමතියි. ඒත් නිතර ස්නානය කිරීම අපේ සෞඛ්‍යයට නරක වෙන්න පුලුවන්. ඒකෙන් නරක බැක්ටීරියා වගේම හොඳ බැක්ටීරියාත් සේදිලා යනවා. ඒ විතරක් නෙවෙයි, eczema වගේ සමේ රෝග තත්වයන්ටත් හේතු වෙනවා.

ඇත්තටම, සීතල වතුරින් ස්නානය කිරීම ඔයාගෙ ප්‍රතිශක්තිකරණ, වසා ගැටිති, ආහාර දිරවීමේ සහ සංසරණ පද්ධති කෙරෙහි ධනාත්මක බලපෑම් ඇති කරනවා වගේම බර අඩු කර ගන්නත් උදවු වෙනවා.

05. හිසකෙස් පීරීම

ඔයත් කොණ්ඩ ගස් වැඩිපුර පැටලී ඇති නිසා කොණ්ඩෙ යට ඉඳන් පීරන්නට පුරුදු වෙලා ඉන්නවද? ඒත් ඒක වැරදියි. හිස්කබලේ සිට පීරන්න පටන් ගන්න. ඔයාගෙ හිසකෙස් හරහා ස්වාභාවික තෙල් බෙදාහරින අතර එමගින් කොණ්ඩෙ පිළිවෙලට තියාඅන්න උදව් වෙනවා.

06. ශීත කාලගුණය තුළ උණුසුම්ව සිටීම

මිනිස්සු හිතන විදියට 45%-50% තාපය හිස හරහා නැති වී යනවා. ඒත් සත්‍යය නම් ඒක ඇත්ත වශයෙන්ම 7%ක් පමණයි. ඒ නිසා ඒ වෙනුවට ඔයාගෙ මුළු සිරුරම උණුසුම්ව තබා ගන්න අවධානය යොමු කරන්න.

07. සම රැකවරණය

ගොඩක් අය තමන්ගේම සම රැකවරණ චර්යාවන් වර්ධනය කර ගන්නවා. ඒත් අපි සෑම උදෑසනකම කළ යුතු ප්‍රධාන පියවර 3ක් තියනවා. පළමුව, එක රැයකින් ගොඩගැසුණු කුණු ඉවත් කරන්න පිරිසිදුකාරකයක් භාවිතා කරන්න. දෙවනුව, මොයිස්චරයිසර් මගින් සම සජලනය කරන්න. අවසාන වශයෙන්, කාලගුණය කුමක් වුවත්, හිරු එළියෙන් ඔයාගෙ සම ආරක්ෂා කිරීමට ඔයා දිනපතා භාවිත කරන සන්ස්ක්‍රීන් එක ආලේප කරන්න.

08. අවදි වීම

අපගෙන් බොහෝ දෙනෙක් අවදි වීමට එලාම් කිහිපයක් තියනවා. හැබැයි මේ විදිහට දිගින් දිගටම එලාම් එක වැදෙන එකෙන් හානිකර තත්ව ඇතිවෙන්න පුලුවන්. පළමු එලාම් එකේදිම අවදි වෙන එක සෞඛ්‍ය සම්පන්නයි.

09. දහඩිය දැමීම වැළැක්වීම

ඇත්තටම ඩියෝඩ්‍රන්ට් හෝ ඇන්ටි-පේ‍්‍රස්පිරන්ට් ගැල්විය යුත්තේ නින්දට ඇඳට යාමට පෙරයි. එහෙම නැතුව උදේට නෙවෙයි. රෑට අපට දහඩිය දමන්නෙ අඩුවෙන්. ඒනිසා ඔයාගෙ දහඩිය නාලිකා වඩාත් කාර්යක්ෂමව දහඩිය නාල අවහිර කරමින් ක්‍රියාකාරී අමුද්‍රව්‍ය වඩා හොඳින් අවශෝෂණය කර ගැනීමට හොඳම කාලය තමයි රාත්‍රී කාලය කියන්නෙ. ඒ වගේම හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සම හොඳින් වියළා ආලේපන ගැල්වීමට මතක තබා ගන්න.

10. ටොයිලට් පේපර්ස් ගබඩා කිරීම

වෙලාවකට ටොයිලට් පේපර්ස් කියන්නෙත් ලොකු අවුලක් ඇතිකරන්න පුලුවන් දෙයක්. මොකද ඒවා ඉක්මනින් ලිහෙනවා. හැබැයි මේක නවත්වන්න ලේසි ක්‍රමයක් තියනවා. රෝලේ අන්තිම කෙළවරත් හොඳින් නවා එය ටැප් එකට තද කරන්න. එතකොට ටැප් එකේ තියන තෙත ගතිය මගින් ටොයිලට් පේපර්ස් රෝලේ සීල් එකක් හැදෙනවා. එමගින් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ටොයිලට් පේපර්ස් ඉරාගන්න පුලුවන්.