ඔබ දිනකට දෙවරකට වඩා හෝ වැඩි ගණනක් ස්නානය කිරීමෙන් ඔබට සිදුවන දේ

අපි හැමෝම හිතන්නෙ දිනපතා ස්නානය කරලා පිරිසිදුව ඉන්න එක හොඳයි කියලයි. සමහර අය දවසට දෙසැරයකුත් නානවා. තවත් අය පැය ගනණක් නානවා. ඇත්තටම මේක අපේ ශරීරයේ සෞඛ්‍යයට මොන වගේ බලපෑමක්ද ඇති කරන්නෙ? මේ ගැන ඔයා හිතලා තියනවද? ස්නානය කිරීමට වැඩි කාලයක් ගත කිරීම ඔයාගෙ සමට, හිසකෙස්වලට හානි කළ හැකි අතර ඔයාගෙ ප්‍රජනක සෞඛ්‍යයට පවා බලපෑම් ඇති කළ හැකි බව ඔයා දැනගෙන හිටියාද?

ඉතින් අද අපි කතා කරන්නෙ දවසකට කිහිප වතාවක් ස්නානය කිරීමෙන් අපට මුහුණ දෙන්න සිදුවෙන අහිතකර විපාක ගැනයි.

01. ඔයාගෙ හිසකෙස් වඩාත් තෙල් සහිත විය හැකියි.

නාපු ගමන් හිසකෙස් වලින් නැවුම් පෙනුමක් ලැබෙනවා. හැබැයි නිතර නිතර කොණ්ඩෙ ශැම්පු කිරීමෙන් හිස්කබලේ තෙල්ගතිය වැඩි වෙනවා. අපි කොණ්ඩෙට ශැම්පු යොදන හැම අවස්ථාවෙම අපේ හිස්කබල තරමක් වියළි බවට පත් වෙනවා. ඒකට ප්‍රතිචාරයක් විදිහට, හිස්කබලෙන් වැඩිපුර තෙල් නිපදවන්න පටන් ගන්නවා. ඔයාට දිනපතා හිසකෙස් සේදීමේ පුරුද්දක් තියනවා නම්, ඔයාගෙ හිසේ සම අධික ලෙස වියළීම වැළැක්වීමට නිතරම වැඩිපුර තෙල් නිපදවීමට අවශ්‍ය පණිවිඩය ඔයාගෙ හිස්කබලට ලැබෙනවා. මේකෙන් ඔයාගෙ හිසකෙස් ඉක්මනින් තෙල් බවට පත් කරනවා.

02. ඔයාගෙ සම වියළි බවක් දැනෙන්නට පටන් ගත හැකියි.

නිතිපතා ස්නානය කිරීමෙන් පිරිසිදුව ඉන්න පුලුවන් කියලා හිතුණට, ගොඩක් වෙලාවට එමගින් යහපතට වඩා හානියක් සිදුවෙනවා. ෂවර් ජෙල්, සබන් සහ උණු වතුර මගින් ඔයාගෙ සමෙන් සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා සහ සගන්ධ තෙල් ඉවත් කරනවා. මේ තෙල් වර්ග ඔයාගෙ සමට තරුණ හා පැහැපත් බව වැඩි කාලයක් තබා ගැනීමට උපකාර වෙනවා. සමහර චර්ම රෝග විශේෂඥයන් සම කැසීම සහ අධික ලෙස වියළීම වැලැක්වීමට සතියකට 2-3 වතාවක් ස්නානය කිරීම නිර්දේශ කරනවා.

03. ඔයාට වෙනදාට වඩා හිස්හොරි ඇති විය හැකියි.

ගොඩක් ෂැම්පූ ඔයාගෙ හිසකෙස් වලට දිලිසෙන, පිරිපුන් සහ හිස් හොරිවලින් තොර පෙනුමක් ලබා දෙනවා කියලා කියනවා. හැබැයි, ඒවා නිතර භාවිතා කිරීමෙන් මේ ප්‍රතිඵල අනික් පැත්තට ලැබෙන්න පුලුවන්. හිසකෙස් වැඩිපුර සේදීම ඔයාගෙ හිස්කබල කැසීම සහ කෝපයට පත් කරනවා. අන්තිමට හිස් හොරි ඇති වෙන්නත් හේතු වෙනවා. සමහර අවස්ථාවල හිසකෙස් ගැලවී යාමට පවා හේතු වෙනවා.

04. ඔයාගෙ සම වඩාත් සංවේදී විය හැකියි.

දිගු වෙලාවක් උණුසුම් වතුර ස්නානය කිරීම පිරිසිදුව සිටීමට සහ නරක විෂබීජ වළක්වා ගැනීමට සෞඛ්‍ය සම්පන්න මාර්ගයක් වගේ පේනවා. හැබැයි ඔයාගෙ ශරීරය සමහර අපිරිසිදු හා බැක්ටීරියා වලට නිරාවරණය කිරීම මගින් ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර වෛරස් සමඟ වඩාත් ඵලදායී ලෙස සටන් කිරීමට උදවු කරනවා. එතකොට, ගොඩක් වෙලා විට ස්නානය කිරීම මගුන් ඔයාගෙ සමේ හිතකර ක්ෂුද්‍ර ජීවීන්ටත් බාධා කරනවා. එමගින් සම වියළී රතු පැහැයට හැරෙන්න හේතු වෙනවා.

05. ඔයාගෙ හිසකෙස් අවුල් කිරීමට අපහසු විය හැක.

ස්නානය කළ විගසම හිසකෙස් වියලීම මගින් ඔයාට සැලෝන් එකෙන් එළියට ආවා වගේ පෙනුමක් ලබා දෙනවා. හැබැයි මේක එදිනෙදා පුරුද්දක් කර ගත්තොත් නම් ඔයාගෙ කොණ්ඩෙට හොඳ නෑ. හිසකෙස් නිතර සේදීමෙන් එය වියළී, කැඩෙන්න පටන් ගන්නවා. හිසකෙස් දුර්වල වෙලා පහසුවෙන් කැඩිලා ගියාම කොණ්ඩෙ පීරන්න වගේම මෝස්තර කරන්නත් අපහසු වෙනවා.

06. එය ඔයාගෙ ප්‍රජනක සෞඛ්‍යයට බලපෑ හැකියි.

අපේ ශරීරයේ රහස්‍ය ප්‍රදේශවලින් ස්‍රාවය වෙන දේවල් නිසා ඒ ප්‍රදේශ ස්වභාවිකවම පිරිසිදු වෙනවා. ඒවා සේදීමට සුවඳ විලවුන් සබන් සහ ජෙල් භාවිත කිරීමෙන් රහස් ප්‍රදේශවල සෞඛ්‍ය සම්පන්න pH මට්ටමට බලපෑම් ඇතිවෙන්න පුලුවන්. එමගින්, බැක්ටීරියා අසමතුලිතතාවයක්, කෝපයක්, සහ ඔයාගෙ ප්‍රජනක සෞඛ්‍යයට පවා බලපෑම් ඇතිවෙනවා. ඒ නිසා ඔයාගෙ රහස්‍ය කොටස් අවට ප්‍රදේශය සේදීම සඳහා මෘදු, සුවඳින් තොර පිරිසිදුකාරක තෝරා ගැනීම වඩා හොඳයි.

Leave a Reply

Your email address will not be published.