ඔබ දිනපතා ඉඟුරු තේ පානය කළහොත් ඔබේ ශරීරයට සිදුවන දේ

ඉඟුරු කියන්නෙ ආහාර රසවත් කරන්න විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යයටත් ගොඩක් ප්‍රතිලාභ ලබාදෙන බෙහෙතක් කියලා ඔයා දන්නවාද? සාමාන්‍යයෙන් ඉඟුරු ආසියාවේ නිෂ්පාදනය කර එක් මූලයකින් අස්වැන්න ලැබෙන්න මාස 10 ක් දක්වා ගත වෙනවා. විශේෂඥයින් කියන්නෙ දිනපතාම වැඩි වැඩියෙන් ඉඟුරු, විශේෂයෙන් උණුසුම් තේ ආකාරයෙන්, ලබා ගැනීම අපේ සෞඛ්‍යයට ගොඩාක් ප්‍රයෝජන ලබා දෙන බවයි.

මෙම ප්‍රතිලාභවලින් සමහරක් සොයාගත් අතර වචනය ප්‍රචාරය කිරීමට අවශ්‍යයි.

01. හදවත් රෝග වලින් ඔයාව ආරක්ෂා කරනවා.

ඉඟුරු කියන්නෙ පර්යේෂකයන් අතර හෘද රෝග වැළැක්වීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධ බෙහෙතක්. නරක කොලෙස්ටරෝල් අඩු කිරීම, හොඳ කොලෙස්ටරෝල් වැඩි කිරීම සහ රුධිර පීඩනය අඩු කිරීමටත් ඉඟුරු ප්‍රයෝජනවත් වෙනවා.

02. බර පාලනය කිරීමට උදවු වෙනවා.

හැම තත්පර 5කට වරක් ආහාර ගැනීමට ඇති ආශාව නිසා බර පාලනය කර කරගන්න අමාරුයි නේද? ඉඟුරු තේ පානය කිරීම ඔයාට බර අඩු කරගන්න ලොකු උදව්වක් ලබාදෙනවා. ඉඟුරුවලින් කුසගින්න වගේන ආහාර ගැනීමත් අඩු කළ හැකි බව අධ්‍යයන මගින් හොයාගෙන තියනවා.

03. රුධිර සීනි පාලනය කිරීමට උදවු වෙනවා.

දෙවන වර්ගයේ දියවැඩියාව තියන අයට සති 12ක් දිනපතා ඉඟුරු පරිභෝජනයෙන් දියවැඩියා සංකූලතා අවම කර ගත හැකි බව පර්යේෂණයන් හොයාගෙන තියනවා. හැබැයි ඊට කලින් ඔයාගෙ වෛද්‍යවරයා හමුවෙලා උපදෙස් ලබාගන්න එක වැදගත් වෙනවා.

04. දණහිසේ වේදනාව සමනය කරනවා.

මාස 6ක් ඉඟුරු අනුභව කලොත් හෝ පානය කලොත්, දණහිස් ආතරයිටිස් ඇති අයගේ වේදනාව ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන්.

05. පිළිකා වළක්වනවා.

ආමාශයික, අග්න්‍යාශයික, අක්මා සහ මහා බඩවැලේ පිළිකා වගේ පිළිකා වර්ග කිහිපයක් වැළැක්වීමට ඉඟුරුවලට බලය ඇති බවට ප්‍රබල සාක්‍ෂි තිබෙනවා.

06. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරනවා.

දින 21 ක් එකදිගට ඉඟුරු ආහාරවලට එකතු කරගත්තොත්, ආසාදන හා රෝග අඩුවීමට හේතු විය හැකි, ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව වැඩිදියුණු කරගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.