ඔබ නාන විට මුලින්ම සෝදන ශරීර කොටස අනුව ඔබේ පෞරුෂත්වය

බොහෝ දෙනෙක් දවස පටන් ගන්නේ උදෑසනින්ම ස්නානය කිරීමෙන් අනතුරුවයි. කොහොම නමුත්, ස්නානය කරන ආකාරය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස වෙනවා. විශේෂයෙන් නිරීක්ෂණය කර නැතත්, ස්නානය කරන විට එක්තරා ශරීර කොටසකින් ආරම්භ කිරීමට අපි හැමෝම පුරුදු වී සිටිනවා. මෙය තීරණය කරන්නේ අපගේ ශරීරය වන අතර එමඟින් අපගේ පෞරුෂය පිළිබඳව කියවෙනවා.

මෙහි සඳහන් වන්නේ ස්නානය කරන විට මුලින්ම පිරිසිදු කරන සිරුරේ කොටස සහ මනසේ ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාවය පිලිබඳ විස්තරයි.

01. මුහුණ 

මුලින්ම පිරිසිදු කරන්නේ මුහුණ නම්, ඔයා මූලිකව සුවඳ, දෘෂ්ටිය, රසය, ස්පර්ශය සහ ශ්‍රවනය යන ඉන්ද්‍රියන් කෙරෙහි නැඹුරු වෙනවා. එනම් ඔයාව  තේරුම් ගන්නා ආකාරය පිළිබඳව සැලකිලිමත් වන අතර, අන් අයගේ අවධානය යොමු වන දෙය එනම් මුහුණ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙනවා.     

ඔයා නිතරම අන් අය තමන් ගැන කුමක් සිතනවා ඇතිද කියා සිතමින් කනස්සලු වන අතර සමහර වෙලාවට ආතතියට සහ ලැජ්ජාවට පත් වෙනවා. තමන් පිළිබඳව වැරදි දේවල් අනෙක් මිනිසුන්ගෙන් ඇසීමට ලැබීම මොවුන්ට ඉතාම දුෂ්කරයි.

02. දෑත් සහ දෙපා 

ඔයා මුලින්ම අවධානය ලබා දෙන්නේ දෙපා වලට නම්, ඔයාට තමන් නිහතමානී සහ පොළොවේ පයගසා සිටින පුද්ගලයෙකු කියා කිව හැකියි. කොහොම වුණත් මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක්ද තියෙනවා. දෑත් සහ දෙපා යනු ශක්තියේ සහ අධිෂ්ඨාන ශක්තියේ සංකේතයකි. මුලින්ම ඒවා පිරිසිදු කිරීමෙන් පෙන්නුම කරන්නේ තම තෝරාගැනීම් පෙන්නුම් කිරීමට බියක් නොදක්වන බවයි. ඔයා දෙයකට එක්කෝ ආදරය කරනවා නැතිනම් වෛර කරනවා.

මුලින්ම කිහිලි පිරිසිදු කරනවා නම්, ඔයා සමාජ ජාලවල විශ්වාස කළ හැකි ප්‍රසිද්ධ කෙනෙකු වීමේ සම්භාවිතාවය ඉහලයි. එමෙන්ම මහන්සි වී වැඩ කිරීමට ද බිය වන්නේ නැහැ.

03. පුද්ගලික ප්‍රදේශ 

ඔයා සමහරවිට ලැජ්ජාශීලි කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට තමන්ව අන්තර්වර්තිකයෙක් ලෙස එනම් ආත්ම පෞරුෂය අවම කෙනෙක් ලෙස හැඳින්විය හැකියි. සමාජ කණ්ඩායම් වලදී වැඩි අවධානයක් හිමි නොවුණද, ඔයා මේ මිහි තලයේ සිටින වඩාත්ම අව්‍යාජ පුද්ගලයා බව සමීපතමයින් කියාවි. ස්ථාවරත්වය පවත්වා ගැනීමට ගොඩක් මහන්සි වුවත් නිතරම උත්සාහය අත් හරිනවා, නමුත් තමන් ආශ්‍රය කරන සමීපතමයින්ට සැප පහසුව සැලසිය හැකියි.

04. පපුව 

ස්නානය කරන විට මුලින්ම පපුව ස්ක්‍රබ් කරනවා නම්, තම සම පිළිබඳව විශ්වාසයෙන් සහ සුවපහසුවෙන් කටයුතු කිරීමේ සම්භාවිතාවය ඉහලයි. ප්‍රායෝගික වන අතර ඉතාම අවංකයි. ඉතා අධිෂ්ඨානශීලී වන අතර ආකූලතා බලපෑම් කරන්නේ ඉතාම කලාතුරකින්. නිදහසේ සිටීමට කැමති නිසා මිනිසුන්ගෙන් ප්‍රශංසා හිමි වෙනවා. 

05. හිසකෙස් 

මෙවැනි පුද්ගලයින් විනයට සහ පිළිවෙලට කැමතියි. ශරීරයේ වැදගත්ම කොටසක් වන මෙමඟින් සාමාන්‍යයෙන් ශක්තිය පෙන්නුම් කරන අතර මුලින්ම හිස සේදීමෙන් ඔයාට සෑම දෙයක් ගැනම සෘජු අදහසක් සහ ප්‍රයෝගික වීම පිළිබඳව විශ්වාස කරනවා. නිවැරදි කාල කළමනාකරණය සහ වෙලාවට වැඩ කිරීම පිළිබඳව ප්‍රසිද්ධයි. යහළුවන් ඇති කරගැනීමේදී මුදල් වලට ඉහලින් බුද්ධිය තබනවා. 

06. උරහිස් සහ බෙල්ල 

උත්සාහවන්ත වැඩිපුර වැඩ කරන පුද්ගලයින් මුලින්ම පිරිසිදු කරන්නේ උරහිස් සහ බෙල්ල ප්‍රදේශයයි. උරහිස් මඟින් භාරය පෙන්නුම් කරන අතර නිතරම ඔයාට සියලුම දේ පරිපූර්ණත්වයෙන් සිදු කර උරහිස් මත පැටවී ඇති භාරයෙන් නිදහස් වීමේ වුවමනාව තියෙනවා. ධනාත්මක පුද්ගලයෙක් වන අතර බලවත් උත්සාහයෙන් තම අදහස ඉෂ්ට කරගන්නා අතර අන් අයගෙන්ද එයම බලාපොරොත්තු වෙනවා. ඉතා තරඟකාරී වන අතර අන් අයට වඩා නිතරම පියවරක් ඉදිරියෙන් ඉන්න කැමතියි.

07. කොන්ද 

කෙනෙකුගේ කොන්ද මඟින් සිහිය පිළිබඳව අදහසක් ලබා දෙනවා. කොන්ද ලෙස ගත් විට එයට කශේරුකාව සහ ස්නායු පද්ධතිය අයත් වන නිසා මොලයේ ක්‍රියාකාරීත්වය සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. මෙමඟින් ඔයාගේ තියෙන වෙනස්ම ස්වභාවය පිළිබඳව කියැවෙනවා. නිතරම ප්‍රවේශමෙන් ක්‍රියා කරන අතර ලේසියෙන් මිනිසුන් විශ්වාස කරන්නේ නැහැ. 

යමක් පිළිබඳව ගැඹුරටම හාරා ඇවිස්සීම සහ ප්‍රවේශමෙන් තීරණ ගැනීමේ පුරුද්දක් පවතිනවා. අනෙක් අය ඔයාව ඉවත් කර දැමුවත් තනිවම සිටීමෙන්, තමන් සමඟම කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා විනේදයෙන් කල්ගත කරනවා. 

මතක තබාගන්න: මෙම පරීක්ෂණය හුදෙක් විනෝදය සඳහාම පමණයි, මෙය ප්‍රවීණ මතයක් ලෙස සලකන්න බැහැ.

Leave a Reply

Your email address will not be published.