ඔබ නිදා සිටියදී ඔබේ ශරීරයට සිදු වන සිත්ගන්නා සුළු දේවල් 9 ක්

නින්ද කියන්නේ අපි හැමෝටම ගොඩාක් වැදගත් දෙයක්. අපේ ශරීරයේ බොහෝ දේවල් සිදු වෙනවා මේ නින්ද අතරතුරේදී. පැය කීපයක් පුරාවට මෝෆියස් අතට පත්වී සිහිය සහ මනස ක්‍රියා විරහිත වීමෙන් අනතුරුව අපගේ ශරීරයට සිදුවන වඩාත්ම කුතුහලය දනවන දේවල් 9ක් අද අපි අරගෙන ආවා. කියවලම බලන්නකෝ. ඔබ මෙම ලිපිය කියවද්දී පුදුම වෙනවා නම් නොඅනුමානයි.

01. මාංශ පේශි අංශභාග තත්වයට පත් වෙනවා. 

REM (ශ්‍රීඝ‍්‍ර අක්ෂි චලනය) තත්වයට ඇතුළු වූ පසු, එනම් සියල්ලන්ගේම ගැඹුරුම නින්ද, ගාත්‍රවල මාංශ පේශි සම්පූර්ණයෙන්ම අංශභාග තත්වයට පත් වන අතර තාවකාලිකව චලනය කිරීමට නොහැකි වෙනවා.

අවදි වීමෙන් අනතුරුවද මෙම අංශභාග තත්වය තත්පර හෝ මිනිත්තු කීපයක් හෝ පැවතීම යනු නින්ද ආශ්‍රිත ආබාධයක් තිබෙනවා. මෙම බිය උපදවන තත්වය අත්දැකීමට සිදු වන්නේ නිද්‍රාලුව පුද්ගලයින් අවදි වීමෙන් පසු දෑස් විවෘත කළ පසුවයි.

02. දෑස් උපරිම වේගයෙන් චලනය වේ.

නින්දේ සෑම අවධියකදීම අපගේ ශරීරය සහ මොලය නිරෝගිව සහ සන්සුන්ව පවත්වාගත හැකි නිශ්චිත අරමුණක් සපුරාලනවා.නින්දක අවධි 5ක් ඇත; සියල්ලම පෙර අවධියට වඩා ගැඹුරු වන අතර, අවධි 5ම සම්පූර්ණ කල විට චක්‍රයක් මෙන් නැවත සිදු වෙනවා. අවසාන අවධිය (REM) වඩා ක්‍රියාකාරී වන අතර නින්දට වැටී මිනිත්තු 60ක් හෝ 90කට පමණ පසුව ආරම්භ වේ. මෙම අවධියේදී දෑස් උපරිම වේගයෙන් පිටුපසට සහ ඉදිරියට චලනය වෙනවා. මෙය ඔයාටත් නොදැනෙන ආකරයට සිදු වන්නේ මනස සිහිනය කෙරෙහි යොමුව පවතින නිසයි.

03. වර්ධක හෝමෝනය ශ්‍රාවය වේ.

HGH හෙවත් මිනිසුන්ගේ වර්ධක හෝමෝනය, අස්ථි, මාංශ පේශි සහ පටක පුනර්ජනනයට වගකිව යුතුයි. නින්දේ පසු වන විට, ශරීරය පුරාම මෙම හෝමෝනය ක්‍රියාත්මක වෙනවා. එමඟින් තුවාල සුව වීම සහ සෛල අලුත් වීම සිදු වෙනවා. තරුණ කාලයේදී මෙය වර්ධනය සඳහා අනුග්‍රහය ලබාදෙන අතරම ශරීරයට විවිධ බලපෑම් ඇති කරවනවා. මේ නිසා, නිදා ගන්නා විට උස යනවා කියා කෙනෙකුට කියන්න පුළුවන්.  

04. උගුර පටු වීම.

නිදා සිටින විට, උගුර රඳවාගෙන සිටින පේශි විවෘතව තබාගන්නා අතර අවදියෙන් සිටින විට උගුරේ ප්‍රමාණය අඩු වෙනවා. නින්දෙන් අධික ලෙස ගෙරවීමට හේතුව මෙයයි. මේ සඳහා බලපාන නාසයට බාධා ඇතිවීම වැනි තවත් බොහෝ කරුණු තිබුණත්, උගුර තද වීම මඟින් සමහර අය නින්දේදී කරදරකාරී ශබ්ද ඇතිවෙනවා.

05. දත්මිටි කෑම හෙවත් දත් එකට ඇතිල්ලීම.

මෙම සිද්ධිය bruxism ලෙස හඳුන්වනවා. සෑම දෙනෙකුටම මෙසේ වන්නේ නැහැ, නමුත් සමහර අයට උදෑසන අවදි වූ පසු තදබල ලෙස හකු රිදුම් දෙනවා, මෙයට හේතුව රාත්‍රිය පුරාවට දත්මිටි කෑමයි. මෙම තත්වයට හේතුව හනුවේ ඇති අස්ථානගතවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන රූප විද්‍යාත්මක මූලාරම්භයකි. මෙය මානසික තත්වයක් ද විය හැකියි- දවස පුරාම ඇති වන මානසික ආතතිය මුදාහරින ක්‍රමය වෙන්න පුළුවන්. කෙසේ වුවත්, අධ්‍යනවලට තවමත් සමහර අය මෙම තත්වය කවදාවත්ම අත්දැක නැති වීමට සහ අනෙක් අය දත් කැඩීමට සහ හිරි වැටුණු හකු ඇති වීමට හේතුව සොයාගෙන නැහැ.

06. නිරායාසයෙන්ම ලිංගික වශයෙන් ඇවිස්සීමක් අත්දැකීම. 

මෙය නින්ද අතර පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම ඇති වෙනවා. මෙයට හේතුව, නින්ද අතරතුර ඇස් අධික වේගයෙන් චලනය වීම නිසා මොලයේ උපරිම ක්‍රියාකාරිත්වයට එළඹීමයි, මෙහි අර්ථය මොලයට වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය බවයි, ඒ සඳහා රුධිරය වේගයෙන් ප්‍රවාහ විය යුතුයි. පසුව සඳහන් කල ආකාරයට වැඩි කිරීමෙන් වඩා රහස්‍ ඇතුළු ශරීරයේ සෑම අවයවයකටම බලපානවා, මෙහි ප්‍රතිඵලය වන්නේ ලිංගික හෝමෝන සක්‍රීය වේ.

07. මොලය එකතුවූ තොරතුරු බැහැර කර කතා සාදයි. 

සිහින නිර්මාණය වන ආකාරය තවමත් විද්‍යාත්මකව අභිරහසකි. දිනපතා ජීවිතය සහ සිතෙහි අප්‍රකටව පවත්නා ගැඹුරු දේවල් උපයෝගී කරගෙන මොලය මඟින් සිහින නිර්මාණය කරන බව අපි අද දන්නවා. මෑත අත්දැකීම් සහ වසර කීපයක් තිස්සේ ගබඩා වී ඇති මතක, කම්පන සහ හැඟීම් වැනි තොරතුරු සමඟ සංයෝජනය වී අභිරහස් සහ සමහර විට නිරර්ථක සිහින නිර්මාණය වෙනවා. නමුත් අපේ මනස රාත්‍රියේදී සමහර ස්ථානවලට ගමන් කරන්නේ ඇයි? නිශ්චිත මතක, පාට, සිදුවීම් සහ පුද්ගලයින් තෝරාගන්නේ කෙසේද? යන ගැටලුවලට හේතු සොයාගෙන නැහැ. විද්‍යාවේ විශිෂ්ට වර්ධනය වීම් තිබුනත්, තවමත් සිහින කියන්නේ විසඳීමට තිබෙන ප්‍රහේලිකාවකි.

08. එක්වරම පිපිරුම් හඬ ඇසීම. 

මෙම සින්ඩ්‍රෝමය විරල තත්වයක් වුවත්, එය සිදු විය හැකියි. මෙය ඔයාට වුණොත්, නින්දෙන් අවදි කරවීමට සමත් අධික පිපිරුම් ශබ්දයක් ඇසේවි. එමඟින් අධික ලෙස බියට පත් වීම සහ ආතතියට පත් වන අතර ඇත්ත ලෝකයේ ඒ ආකාරයට පිපිරුමක් සිදු වී නැහැ. මේ තත්වයෙන් පෙලෙන පුද්ගලයින්ට තමන්ගේ ඔලුව පිපිරී ඇති බවක්, එසේ නැත්නම් වෙඩි තැබීමක් වැනි අධික ශබ්දයක් ඇසුණා මෙන් දැනෙනවා. මෙමඟින් කිසිඳු ශාරීරික වේදනාවක් ඇති වන්නේ නැහැ, නමුත් බරපතල මානසික ගැටළු ඇති විය හැකියි.  

09. මොළය තමන් විසින්ම නැවත ගබඩා කර විෂහරණය කරනවා. 

රොචෙස්ටර් විශ්ව විද්‍යාලයීය පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට නින්ද අතරතුර, දවස පුරා එකතු වී ඇති අපද්‍රව්‍ය මොළය විසින් පිරිසිදු කරනවා. නින්ද අතරතුර මෙලෙස ක්‍රියාත්මක වන යාන්ත්‍රණය ග්ලිම්ෆටික් පද්ධතිය ලෙස හඳුන්වන අතර, මෙය ක්‍රියාත්මක කල විට අනවශ්‍ය තොරතුරු ඉවත් කර දැමීමට මොළයට ඉඩ ලැබෙනවා. ඒ වගේම වැදගත් ලෙස සැලකෙන දේවල් ඒකරාශී කර සම්බන්ධතා අළුත් කරවනවා. 

Leave a Reply

Your email address will not be published.