ඔබ භාවිතයට අකමැති ආලේපන භාවිතා කලහැකි ආකාර 12 ක්

අපි බොහෝ වෙලාවට වෙළදපොලට ගොස් මිලදී ගන්නේ ඔබ කැමතිම දේවල්ම විතරද ? ටිකක් හිතා බලන්න. ඇත්තටම නෑ නේද, ඔබ විවිධ දෑ මිලදී ගන්නවා. එය ඔබට ප්‍රයෝජනවත්ද නැද්ද කියල එවෙලෙට නම් ඔයාල ගොඩක් දෙනාට හිතෙන් නැති උනාට ගෙදර ආවම නම් ඔයාලට තේරෙනවා ඇති මේ ඔයාල ගන්න ගොඩක් දේවල් ඔයාට වැඩකට ඇති දේවල් නෙමේනේ කියල. මේ වගේ ගත්ත බොහෝ ආලේපනත් ඔබ ගාව ඇති. එවෙලෙට ආසාවට ගත්තට ගෙදර ඇවිල්ල බැලුවාම මේ ආලේපන වල සුවදට ඔයා කැමති නැතුව ඇති එහෙම නැත්තනම් වෙන මොකක් හරිම දේකට. ඉතින් එතකොට මොකද වෙන්නේ ඔයා මේ ගත්ත දේවල ඔයා නිකන්ම විසික් කරල දානව නේද මේක ඔයාගෙ පොකට් එකටත් එච්චර හොද දෙයක් නම් නෙමේ. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ ඔබ මේ විසිකරල දාන ආලේපන ඔබට භාවිතා කරන්න පුළුවන් අපූරු විදි කිහිපයක් අරගෙන මෙය ඔබට බොහෝ වැදගත් වේවි.

01. ටෝනර්

බැක්ටීරියා හරිම ඵලදායීව ඉවත් කරන්න පුළුවන් දෙයක් තමා ටෝනර් කියල කියන්නේ. මීට හේතුව එහි ඇල්කොහොල් අන්තර්ගත වීම. ටෝනර් ආධාරයෙන් ඔබට දෑත් වල ඉක්මනින් විෂබීජහරණය කිරීමට පුළුවන්. ඒ වගේම ඔබේ දුරකථනය වගේම ඔබේ යතුරු පුවරුව වැනි දෑ පිරිසිදු කර ගැනීම සදහාත් ඔබට මෙය භාවිතා කරන්න පුලුවන්. ඔබේ දුරකථනය යතුරු පුවරුව වැනි දෑ ඔබ නිතරම ස්පර්ෂ කරන නිසා මේවා බොහෝ බැක්ටීරියා ප්‍රමාණයකින් වැසී ඇත. මේ නිසා මේවා පිරිසිදු කර ගැනීමට මෙය හොදම විකල්පයකි.

02. විලවුන් තෙල් ( Cosmetic oil )

මල නොබැඳෙන වානේ වලින් සාදන ලද දෑ සේදීමට ඔබට මෙම විලවුන් තෙල් යොදා ගන්න පුළුවන්. ඔබ කල යුත්තේ රෙදි කැබැල්ලකට මේ තෙල් බින්දු කිහිපයක් දමා මතුපිට මින් ඇතිල්ලීමයි. පසුව කඩදායි කොළයක් ගෙන මෙය පිස දමන්න. මෙය සබන් පැල්ලම් වැනි දෑ ඉවත් කරනවා වගේම වෙනත් බොහෝ පැල්ලම් ඉවත් කිරීමටත් මීට ඇත්තේ අනගි හැකියාවක්.

‌03. විනිවිද පෙනෙන නිය ආලේපන

ඔබේ විනිවිද පෙනෙන නිය ආලේපන ඔබට භාවිතා කල හැක්කේ ඔබේ නිය දිලිසීමට පමණක් බවද ඔබ සිතාගෙන හිටියේ. ඔබේ නිය පමණක් නොවේ ඕනෑම මතුපිටක් දිලිසෙන මතුපිටක් කර ගැනීමට මෙය ඔබට යොදා ගන්න පුළුවන්.

ඔප දැමූ ගෘහ භාණ්ඩ වලින් සීරීම් ඉවත් කිරීම සඳහා, හානියට පත් ස්ථානයට නිය ආලේපන ටිකක් දමන්න. නිය ආලේපන ඔබේ ප්‍රියතම වීදුරු සුරැකීමට උපකාරී වේ.

04. Powder

තෙතමනය අවශෝෂණය කරන ඛනිජ ලවණ අන්තර්ගත වෙනවා මෙම පවුඩර් වල.

කකුල්, වැලමිට සහ අත්ල වැනි දහඩිය දමන ස්ථාන මත මෙම පවුඩර් ස්වල්පයක් දැමීම සිදු කරන්න ව්‍යායාම් ශාලාවේ ව්‍යායාමයකට පෙර. මෙම උපක්‍රමය මගින් ඔබේ සම කෝපවීම වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔබ වියළි ෂැම්පූ භාවිතා කරනවා නම් ඔබට මේ වෙනුවට මේ පවුඩර් භාවිතයට ගත හැකී. ඔබ කල යුත්තේ මෙම පවුඩර් ස්වල්පයක් ඔබේ හිසකෙස් වලට දමා එය ඔබේ හිසේ තිබෙන තෙල් අවශෝෂණය කර ගන්නකම් සිටීමයි. පසුව ඔබේ හිසකෙස් පීරන්න මෙය කල යුත්තේ ඔබේ හිසකෙස් තෙත් කර ගන්නා ගමන් ය.

05. Makeup removals

මේකප් රිමූවල් ඔබේ මේකප් ඉවත් කිරීමට පමණක් නොවේ විවිධ කුණු ඉවත් කර ගැනීම සදහා භාවිතා කල හැකී.

ඕනෑම මතුපිටකින් සිටිකර් වල ගම් වැනි දෑ ඉවත් කිරීමට වගේම විවිධ දෑ වල ප්‍රයිස් ටැග් ඉවත් කිරීමට මෙය ඔබට භාවිතා කරන්න පුලුවන්. ඔබ කල යුත්තේ රෙදි කැබැල්ලක්ට මේ දියර දමා පොගවා එම රෙදි කැබැල්ලෙන් මෙය ඇතිළලීමයි.

06. Nail polish remover

ඇසිටෝන් අඩංගු නිය ආලේප ඉවත් කරන්නක් ද්‍රාවකයක් හෝ පැල්ලම් ඉවත් කරන්නෙකු ලෙස භාවිතා කරන්නට පුළුවන් මීට හේතුව තමා එහි පවතින anti-grease ප්‍රතික්‍රියාව.

ඔබේ ඇගිලි කිසියම් ගම් වරගයකින් එකට ඇලී තිබෙනවා නම් ඔබට මෙම නිය ආලේපන ස්වල්පයක් ඔබේ සම මතට යොදන්න පුළුවන්. මෙය තප්පර 30ක් පමණ තබා උණුසුම් ජලය සහ සබන් යොදා ඉවත් කිරීම සිදු කරන්න. එවිට එම ගම් සමගම එ‍ය ඉවත් වී යාවි.

ඔබේ නාන කාමරයේ හෝ මුළුතැන්ගෙයි ටයිල් අපිරිසිදු නම් මෙය ඔබට භාවිතා කරන්න පුළුවන් එය පිරිසිදු කර ගැනීම සදහා. උණුසම් ජලය ස්වල්පයකට මෙම නිය ආලේපම ඉවතකරන්නන් ටිකක් එක් කල එම ටයිල් පිරිසිදු කර ගැනීමට භාවිතා කිරීමට ඔබට හැකී. ඔබේ පෝසිලේන් වල පැල්ලම් තිබේ නම්, නිය ආලේපන ඉවත් කරන්නෙකු සමඟ වතුරේ පොඟවා ගත් මෘදු රෙද්දකින් ඒවා අතුල්ලන්න. අවසානයේ ඒවා පිරිසිදු ජලයෙන සේදීමටද අමතක කරන්න එපා.

07. ක්රීම්

සම සුමුදු කරන මොයිස්චරයිසින් සංරචක අඩංගු වෙනවා ක්‍රීම් වල.

‌ඔබ ඔබේ සමට භාවිතා කිරීමට අකමැති කුමක් හෝ ක්‍රීම් වර්ගයක් තිබේ නම් ඔබට හැකි මෙම ක්‍රීම් භාවිතා කර ඔබේ ප්‍රියතම සපත්තු හෝ බෑගයේ පෙනුම නැවුම් කර ගැනීමට. ඔබ කල යුත්තේ මෙම ක්‍රීම් ඔබේ බෑග් හෝ ඔබ කැමතිම සපත්තුවේ ආලේප කිරීම පමණයි.

08. ෂැම්පූ

සියුම් රෙදි වලින් සාදන ලද රෙදි සේදීම සඳහා විශිෂ්ට ද්‍රවයයක් තමා මේ ෂැම්පූ කියල කියන්නේ. මීට හේතුව තමා සියළුම ෂැම්පූ වල මෘදු කිරීමේ සංරචක සහ පැන්ටෙනෝල් අඩංගු වීම. යට ඇඳුම්, ස්වාභාවික ලොම් වලින් සාදන ලද ඇඳුම්, සිල්ක් ඇඳුම් වැනි දෑ සේදීමට ෂැම්පූ භාවිතා කර බලන්න. ඒවා දිගු කාලයක් යන තුරු හොදින් භාවිතා කිරීමට එවිට ඔබට හැකි වේවි.

09. තොල් බාම්

මෙම වර්ගයේ රූපලාවණ්‍යය ද්‍රවයයක් තමා වැස්ලීන් කියල කියන්නේ. මෙය සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

ඔබේ හිසකෙස් අග පැලී ඇත්නම් මෙය හොද උපකාරයක් වේවි, එය වසා දැමීම සදහා. ඒ වගේම ඔබේ ජනෙල් වගේම දොර වල් සිර වී ඇත්නම් මේ සදහා ඔබට භාවිතා කරන්න පුළුවන් මේ තොල් බාම්. ඒවා විවෘත කිරීම පහසු කිරීම මේ තුළින් සිදු කරනවා.

10. Hair spray

ඔබේ හිසකෙස් මත තට්ටුවක් නිරමාණය කිරීමට මීට හැකියාවක් ඇත.

ඔබේ ඇදුම් වලින් බළල් ලොම් ඉවත් කිරීම සදහා ඔබට මෙය භාවිතා කරන්න පුළුවන්. ඔබට තුවායක් ගෙන, ඒ මත හෙයා ස්ප්‍රේ ටිකක් දමන්න පසුව එය ඔබේ ඇදුම් වල අතුල්ලන්න. ඇඳුම් පිරිසිදු වන අතර අතිරේක ප්‍රසාද දීමනාවක් ලෙස ඔබට විෂබීජ නාශක බලපෑමක්ද මෙය ඇති කරයි.

11. ස්ක්‍රබ්

සම ඔප දැමිය හැකි කුසා ඝන අන්ශු ස්ක්‍රබ් ලෙස හදුන්වන්න පුළුවන්.

උයනේ වැඩ කිරීමෙන් පසු අත්වලින් පස ඉවත් කිරීම සඳහා, ස්ක්‍රබ් එකක් භාවිතා කරන්න.

මිය ගිය සමේ සෛල, අයිලීනර් වැනි ආලේපන ඉවත් කිරීම සදහා මෙය භාවිතා කරන්න.

වැඩුණු හිසකෙස් සඳහා ස්ක්‍රබ් එකක් උදව් විය හැකිය. ඔබේ හිසකෙස් වල මෙය ආලේප කරන්න. මෙය සතියකට දෙතුන් වතාවක් සිදු කරන්න. ඔබේ හිසකෙස් වලට ලස්සන පෙනුමක් ලැබේවි.

12. රතු ලිප්ස්ටික්

ඔබේ ටැටූ එකක් සැගවීමට ඔබට අවශයය ද . එසේනම් ඔබ කල යුත්තේ ඔබේ ටැටූ එක මත රතු ලිප්ස්ටික් ආලේප කිරීමයි. පසුව ඒ මත් ෆෞන්ඩේෂන් දමා හෙයා ස්ප්‍රේ ටිකක් ඉසින්න. ඒ වගේම ඔබ අමතක කරන්න එපා, මෙය පදනම් වී තිබෙන්නේ එය පදනම් වී ඇත්තේ වර්ණ කවයේ මූලධර්ම මත බව.

ඇස් යට අඳුරු කව සමඟ සගවා ගැනීම සදාහාද ඔබට මෙම ක්‍රමයම භාවිතා කිරීමට හැකිය. මෙහිදී ඔබ ලිප්ස්ටික් දැමීමේදී සිථරය සිහින් විය යුතුය.

බෝනස් ; කුරුළෑ ඉවත් කිරීමට අමුතුම ක්‍රමයක්.

ඔබත් ඔබේ සමේ කුරුලෑ නිසා පීඩා විදින කෙනෙක් ද ? එසේනම් මෙන්න අපි ඔබට රැගෙන ආවා හොදම ක්‍රමයක්. මේ සදහා ඔබට අවශ්‍යය වන දෑ කිහිපයක් තිබෙනවා.

නව දත් බුරුසුවක, දන්තාලේප 1 තේ හැදි, ෙබ්කිං කුඩු තේ හැදි 1 ක් සහ උණුසුම් ජලය

ඔබේ සම පිරිසිදු කරන්න.

ඔබේ මුහුණ සෝදන්න සහ උණුසුම් ජලයේ පොඟවා ගත් තුවායක් භාවිතා කර ඔබේ සමේ ගැටළු සහිත ස්ථාන උණුසුම් කරන්න

දන්තාලේප සහ ෙබ්කිං කුඩු උණුසුම් ජලය භාජනයකට දමන්න.

පසුව මේ සියල්ල එකට මිශ්‍ර කර ගන්න.

ගැටළු සහිත ස්ථාන මත මිශ්රණය තබන්න. මිශ්‍රණය සිදුරු තුලට මෘදු ලෙස ආලේප කිරීමට දත් බුරුසුව භාවිතා කරන්න

විනාඩි 5ක් පමණ මෙසේ සිට ඔබේ මුහුණ සෝදා පිරිසිදු ජලයෙන් සෝදා හරිනන්න.

Leave a Reply

Your email address will not be published.