ඔබ මීට පෙර අසා නැති පොල් තෙල් වලින් ගතහැකි ප්‍රයෝජන 30 ක්

පොල් තෙල් කියන්නේ කොහොමත් අපිට නැතුවම බැරි දෙයක් වෙලානේ. බොහෝ දෙනා පොල් තෙල් ආහාරයට ගැනීම හොද නෑ කියලත් කියනවා. ඒත් ඒක ඇත්තක් නම් නෙමේ. පොල් තෙල්වල මේද අම්ල බහුලව අඩංගු වෙනවා. මේවා ඔබට මුඛයෙන් ලබාගත හැකි අතර බාහිරව භාවිතයට ගත හැකියි. අද අපි ඔබට අරගෙන ආවේ මේ නිෂ්පාදනය භාවිතා කිරීමෙන් ඔබට ලබා ගත හැකි ප්‍රයෝජන 30ක් පිළිබද ව මෙයත් ඔබට බොහෝ වැදගත් වේවි. වැඩි දුර දැනගැනීමට ඔබ මේක කියවලම බලනන්නකෝ.

සෞඛ්‍ය සඳහා 

කැපුමක් හෝ කුඩා තුවාලයක් ඇති වූ විට: පොල් තෙල් ඉක්මනින්ම තුවාල සුව වීමට සහයෝගය ලබා දෙනවා. සම මත තුවාල වී ඇති ප්‍රදේශයේ තෙල් ආලේප කරන්න.

දන්ත සහ මුඛ ආරක්ෂණය සඳහා: හුස්ම ගන්නා විට දුගඳ හැමීම සහ දත්වල මැලියම් බැඳීමට විරුද්ධව සාර්ථකව සටන් කරනවා. උදෑසන සහ සවස දත් මැදීමට පෙර මිදුණු පොල් තෙල් මේස හැන්දකින් මුඛය සෝදා හරින්න.  

ඉදිමුම් වලින් පීඩා විඳින විට: මෙයට ප්‍රති-ඉදිමුම් ගුණ ඇත. කැස්ස ඇති විට උගුර සේදීමට, පිළිස්සුමක් හෝ කෘමි දෂ්ට කිරීම් නිසා තුවාල වී ඇති ප්‍රදේශ වල ආලේප කරන්න. 

උණ සහ වේදනාව ඇති විට: උණ අඩු කරන සහ වේදනා නාශකයක් ලෙස මෙය ක්‍රියා කරනවා. මේ නිසා උගුර රිදීම හෝ සෙම්ප්‍රතිශ්‍යාව වගේ වෙනත් රෝගී තත්ත්ව වලින් පීඩා විඳින විට මේවා පරිභෝජනය වැඩි කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

වෙරිමතින් මිදුණු පසු දැනෙන ලෙඩ ගතිය සඳහා: පොල් තෙල් පරිභෝජනයෙන් මධ්‍යසාර ලබාගැනීමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරවනවා.

තයිරොයිඩ් ග්‍රන්ථි සඳහා: නිතිපතා පරිභෝජනය කිරීම මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වර්ධනය වන බව අධ්‍යන මඟින් පෙන්නුම් කරනවා.  

අස්ථි සඳහා: මෙමඟින් ඔස්ටියෝපොරෝසිස් ඇතිවීම වළක්වනවා. සන්ධි සම්බාහනය කිරීමට මෙය භාවිතා කල විට ආතරයිටිස් වේදනාව අවම කිරීමට උදව් වෙනවා. 

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම: ඔවුන් ඈත් කර තැබීමට, පොල්තෙල්වලට ylang-ylang අත්‍යවශ්‍ය තෙල් බින්දු කීපයක් මිශ්‍ර කර සමේ ආලේප කරන්න. 

සුන්දර වීමට 

මොයිස්චරයිසින් ලෝෂන්: මෙමඟින් අනෙක් සියලුම තෙල් වර්ගවලට වඩා හොඳින් සමට තෙතමනය ලබා දී ආරක්ෂාව ලබා දෙනවා. පොල්තෙල්වලින් ස්පොන්ජ් එකක් පොඟවා දිනපතාම මුහුණ පිස දමන්න. සම ඇදීම වළක්වා ගැනීමට සම්බාහන රේඛා ඔස්සේ යන්න.   

රැලි සඳහා පිලියමක් ලෙස: රැලි වලට විරුද්ධව සටන් කිරීමට, තෙල් මුඛයෙන් හෝ සමෙහි ආලේප කල යුතුයි.

අයි ක්‍රීම්: ඇඳට යාමට පෙර, ඇස් වටා පොල් තෙල් ආලේප කරන්න. ක්‍රමානුකූලව මෙය කල විට, මෙම ප්‍රදේශයේ රැලි ක්‍රමයෙන් අඩුවෙන බව දැකගත හැකි වේවි. 

ප්‍රති-ඩර්මැටයිටිස් (චර්ම රෝගයකි) සඳහා පිළියමක් ලෙස: ක්‍රමානුකූලව මෙය භාවිතා කිරීමෙන් atopic dermatitis නම් චර්ම රෝගයෙන් පෙලෙන සමෙහි තත්වය වර්ධනය කරගත හැකියි. දිනකට දෙවතාවක් මෙම ප්‍රදේශයේ පිරිසිදු තෙල් ගල්වන්න.

හානි වූ හිසකෙස්වලට මාස්ක් එකක්: හිසකෙස්වල නිරෝගී බව සහ සුන්දරත්වය නැවත ලබාගැනීමට මෙය වඩාත් ඵලදායි ක්‍රමයකි. මෙය යොදා හිසකෙස් වල මුල මෘදුව අතුල්ලා, සම්පූර්ණ කොණ්ඩය දිගේම පතුරවන්න. මාස්ක් එක පැය භාගයක් හෝ පැයක් තිබෙන්නට හැර, ෂැම්පු භාවිතා කර සෝදා හරින්න.

ඉස්සොරි වලට පිලියමක් ලෙස: මෙමඟින් හිස්කබලට තෙතමනය ලබා දී ඉස්සොරි සුව කරවනවා. හිසකෙස් මුල්වල ආලේප කර, රාත්‍රියක් තබන්න. 

තොල් සඳහා බාම්: තොල්වල සම තෙත් කර, තිරිහන් කර, පැලීම් සුව කර, තව දුරටත් ඒවා ඇතිවීම වළක්වනවා.

නියපොතු දැඩි කරවීම: නියපොතු කැඩී යාම සහ වියළීම සඳහා පිලියමක් ලෙස නියපොතුවල තෙල් ආලේප කරන්න.

ශරීර ස්ක්‍රබ් එකක්: අඹරාගත් කෝපි සහ පොල් තෙල් මේස හැන්දක් බැගින් මිශ්‍ර කරන්න. මෙහිදී කෝපි භාවිතා වන්නේ සීරුම් ද්‍රව්‍යය ලෙසයි, මේ වෙනුවට අඹරාගත් මුහුදු ලුණු, සීනි, ග්‍රිට්ස්, හෝ ගාගත් පොල් ආදේශ කරගන්න පුළුවන්. 

සම මෘදු කරවා  ගැනීම: වැලමිට, යටිපතුල් සහ නියපොතු ආශ්‍රිත ප්‍රදේශ මෘදු කරගැනීමට භාවිතා කල හැකියි.

පිසීමට 

පිසීම සඳහා රූපලාවණ්‍ය එකක් නැතිව ආහාරයට ගත හැකි තෙල් පාවිච්චි කරන්න. (මේ බව ලේබලයේ සඳහන් කර තිබිය යුතුයි)

බදින සහ බේකින් තෙල් වර්ගයක් ලෙස: අනෙක් ශාකමය තෙල් වර්ගවල මෙන් නොව, මේවා රත් කල විට, පොල්තෙල් මේද වල ව්‍යුහය සහ ප්‍රයෝජනවත් ගුණාංග රඳවා තබාගන්නවා. ඊට අමතරව, එය ආහාර සඳහා කුළුබඩු සුවඳක් ලබා දී රසය වර්ධනය කරවනවා.

පළමුවන සහ දෙවන ආහාර කොටස තෙම්පරාදු කිරීමට: පොඩි කරන ලද අර්තාපල්, කැඳ සහ සුප් සඳහා පොල් බටර් යොදාගත හැකියි. සිත්ගන්නා රසයකට අමතරව, මේවා අඩංගු ආහාර මඟින් ආහාර රුචිය අවම කරවනවා.  

ස්මූදි සඳහා රහස් අමුද්‍රව්‍යක්: ශක්තිජනක පානයක් බවට පත්කර ගැනීමට පොල් තෙල් තේ හැන්දක් ස්මූදි එකට එකතු කරන්න. ශරීරයේ හැඩය පිළිබඳව සැලකිලිමත් වන අයට මෙය බොහොම වැදගත් වේවි. මොකද එය ශරීරයේ බර අඩු කිරිමට ගොඩක් සහය වෙනවා. 

මෙයොනීස්: මෙයොනීස් සාදා ගන්නා විට, සූරියකාන්ත තෙල් වෙනුවට පොල්තෙල් යොදන්න. එමඟින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කරන නිසා රසවත් සහ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලැබෙනවා.

බිත්තර සඳහා: ප්‍රති-බැක්ටිරිය ගුණ නිසා, මෙය බිත්තර කටුවේ ආලේප කල විට බිත්තරවල ආයුෂ සැලකිය හැකි පරිදි වැඩි වෙනවා.

ළදරුවන්ට සහ අනාගත මව්වරුන්ට 

පියයුරු සඳහා: මව්කිරි ලබාදෙන විට තනපුඩු වල ඇතිවන ඉරිතැලීම් සුව කරනවා. මෙමඟින් ආසාත්මික ප්‍රතික්‍රියා ඇති නොවන නිසා කුඩා දරුවන්ට ආරක්ෂිතයි.

ඇදුණු ලකුණු හෙවත් ස්ට්‍රෙච් මාක් සඳහා: ගර්භනී සමයේදී ක්‍රමානුකුලව උදරයේ පොල්තෙල් ආලේප කිරීමෙන් මෙම සලකුණු ඇතිවීම වලක්වා ගත හැකියි. 

ළදරු සමට: ළදරු සමට සුදුසුම සම සත්කාර නිෂ්පාදනය මෙය බව අධ්‍යන මඟින් පෙන්නුම් කරනවා. නැහැවීමෙන් පසු සම්බාහන තෙල් වර්ගයක් ලෙස භාවිතා කල හැකියි.

ඩයපර් නිසා ඇතිවන පලු: මෙම පලු ඇතිවීම වලක්වා ගැනීමට ඩයපර් එක මාරු කරන විට තෙල් අඩංගු ටිෂූ වලින් දරුවාගේ සම පිසදමන්න.

එදිනෙදා අවශ්‍යතා සඳහා

මුළුතැන්ගෙයි උපකරණ ලිහිසි කරවීම: මස් ඇඹරුම් යන්ත්‍ර සහ බ්ලෙන්ඩර් එකේ තල වල තෙල් ගල්වන්න. එමඟින් දිගු කාලයක් මලකඩ වලින් රැකගෙන තියුණුව තබා ගන්නවා.

දැව භාණ්ඩ ඔප දැමීම: ස්වභාවික රෙදි කඩක තෙල් ආලේප කර දැව භාණ්ඩ පිසදමන්න. ලී වලින් සාදන ලද කපන ලෑලි වියළීමෙන් සහ පැලීමෙන් ආරක්ෂා කරගැනීමට ඒ මතද ආලේප කරන්න.

සිරවූ සිපර් එකක්: බෑග් එක හෝ ජැකට් එකේ සිපර් එක ගලවාගත නොහැකි නම්, සිපර් එකේ පොල්තෙල් ස්වල්පයක් ආලේප කිරීමෙන් ප්‍රශ්නය විසඳාගත හැකියි.

ගින්නක් ආරම්භ කිරීම: රසායනික ද්‍රව වෙනුවට පොල්තෙල්වල පොඟවා ගත් කපු බෝලයක් උත්සාහ කර බලන්න.පදම් කළ හමෙන් සකස් කළ බඩු: සම්වලින් සකස් කල පසුම්බි, අත්බෑග්, සපත්තු, අත්වැසුම් සහ වෙනත් නිෂ්පාදන මත ආලේප කිරීමෙන් දිලිසෙන පෙනුමක් ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published.