ඔබ මේ දැන්ම නැවැත්විය යුතු මේකප් දැමීමේ ක්‍රම 6 ක්

‌කාන්තාවන් කියන්නේ කොහොමත් ස්වභාවයෙන්ම ලස්සනට ඉන්න කැමති පිරිසක් නෙ. ඉතින් කාන්තාවන් ලස්සන වෙන දේවල් කරන්න දෙපාරක් නම් හිතන්නේ නෑ. ඔයා මෙහෙම හිතුවට ඔයාට ත් දෙපාරක් හිතන්න වෙන දේවල් තියෙන්න පුළුවන්. විශේෂ‍යෙන්ම ඔයා ලස්සන වෙන්න කියල හිතන් මේකප් කරද්දි. අපි කවුරුත් මේකප් එකක් දාන්නේ අපේ තියෙන පෙනුම ටිකක් වැඩි කර ගන්න නේ ඒත් ඔයා දාන මේකප් එක නිසා ඔයාගෙ පෙනුම අස්වාභාවික ලෙස වගේම අවලස්සනට තිබුනොත් ? එහෙම වෙන්න දෙන්නේ නැතුව ඔයාගෙ පෙනුම ලස්සනට තියා ගන්න පුළුවන් ඔයා මේකප් කරද්දි මේ මේකප් ක්‍රම භාවිතා නොකලොත්.

විවිධාකාරයේ මේකප් ට්‍රෙන්ඩ් ගොඩක් හැම අවුරුද්දකම බිහි වෙනවා. ඒත් ජනප්‍රිය වුණු පමණින් මේකප් ට්‍රෙන්ඩ් එකක් හැමදෙනාටම ගැලපෙන්නේ නැහැ කියන දේ ඔයා සිහියේ තබා ගන්න ඕන. මෙහි සඳහන් වෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඈත් වී සිටිය යුතු මේකප් ට්‍රෙන්ඩ් කිහිපයක් ගැන.

01. අනවශ්‍ය ලෙස ඇස් වටා කළු කිරීම

හැම දෙයකටම සීමාවක් තියෙනවා. එම සීමාව ඉක්මවා යන්න හොඳ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වඩා මේකප් කිරීම සහ ඇස්  වටා කළු කිරීම මගින් සරාගී පෙනුම අඩු වන අතරම, දෑස්වලට සුදුසු නොවන අපැහැදිලි පෙනුමක් ලැබෙනවා. ඒ වගේ මේකප් එකක් කිරීමෙන් මුහුණේ සුන්දරත්වය අඩු වී කලහකාරී සහ කෘත්‍රිම පෙනුමක් ලැබෙනවා.

02. අනවශ්‍ය ලෙස තොල් පළල් කිරීම.

තොල් පළල් කිරීමට ගොඩක් දෙනා කැමතියි, ඒත් පෙනෙන විදියට වෙන කවදාටත් වඩා තොල් පිරවුම් ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. අධික ලෙස තොල් පළල් කර ඇඳීමේ ප්‍රවණතාවය මුලින්ම හඳුන්වා දුන්නේ කයිලි ජෙනර්. ඒත් ගොඩක් වෙලාවට තමන්ගේ තොල්වලට වඩා එහායින් රේඛා ඇඳ ලිප්ස්ටික් ආලේප කිරීමෙන් බලාපොරොත්තු වන සුන්දරත්වය ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. තොල්වල මල්සරාගේ දුන්න නමින් හඳුන්වන කොටස කැපී පෙන්වීමට කියා ගොඩක් ඉඩ තබා තොල් වටා ලයිනර් එක අඳින්න එපා. එවිට ඔබ විකටයෙක් වගේ පෙනෙනවා.

03. ව්‍යාජ ඇස්පිහාටු

ව්‍යාජ දේවල් භාවිතා කිරීම මඟිනුත් ඔයාගේ මේකප් එකට නාට්‍ය ස්වභාවයක් සහ මනමෝහනීය පෙනුමක් ලබාගන්න පුළුවන් නියම ක්‍රමයක්. අවාසනාවකට වගේ ගොඩක් කාන්තාවන් මේ රූපලාවන්‍ය වර්ධන ක්‍රමය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් යොදා ගන්නවා. ඔයාගේ ව්‍යාජ ඇස්පිහාටු පියාඹන්න ලෑස්ති වෙලා ඉන්නවා මෙන් අනවශ්‍ය ලෙස ඉහළට ඔසවන්නේ නැතිව වගේම අනවශ්‍ය ලෙස පහළට එල්ලා වැටෙන පරිදි තියාගන්න එපා. ඒවා නැතිවම බැරිනම් පුළුවන් තරම් ස්වභාවික පෙනුමක් ලබා දෙන ව්‍යාජයන් තෝරාගන්න.

04. ඇහිබැමි අනවශ්‍ය ලෙස ඝනකම් හෝ සිහින් කිරීම 

සුන්දර ඇහි බැම දෙකක් කියන්නේ ඇත්තටම කෙනෙකුගේ මූණ රාමු කර බලන කෙනෙකුගේ අවධානය දෑස් කෙරෙහි යොමුකරගත හැකි විශේෂ ක්‍රමයක්. ඒත් ඒවා ගොඩක් සිහින්,තද පාට, අධික ලෙස බරක් යොදා තිබුණොත් එවැනි පැසසුමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. නියමාකාරයෙන් හැඩ නොකළ ඇහි බැමි කෘත්‍රිම පෙනුමක් දෙනවා විතරක් නෙවෙයි මුහුණේ සුන්දරත්වයට විශාල වශයෙන් හානි වෙනවා. හැමෝම අගය කරන්නේ ස්වභාවික සුන්දර පෙනුම මිස අස්වාභාවික පෙනුම නොවෙයි. මේ නිසා ඔයාට තවමත් පුළුවන් ලස්සනට ඇහි බැම සකස් කරගන්න. එහිදී වැදගත්ම දේ තමයි හැකිතාක් ස්වභාවික පෙනුම පවත්වා ගැනීම.

05. කෘත්‍රිම සම අඳුරු කිරීම් (ටෑන්) 

ගොඩක් කාන්තාවන්ට අවශ්‍ය වෙන්නේ සම්පූර්ණ, නිරෝගී, හිරු එළියෙන් පෝෂණය වූ සමක් ලබාගන්න. ඒත් ඔයාට පැය ගණනක් මුහුදු වෙරළේ අව්ව තපින්න බැරිනම් කෘත්‍රිම සම අඳුරු කිරීම් පාවිච්චි කරන්න පුළුවන්. ස්වයං- සම අඳුරු කිරීම් නිෂ්පාදනයක් පාවිච්චි කරනවානම් ගොඩක් තද පාටක්,  දුඹුරු පාට වැඩි, තැඹිලි පාට වැඩි ඒවා ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට වඩා මේවා පාවිච්චි කිරීම මඟින් ඉරි තැලීම්, විෂම ආකාරයේ වර්ණ හායන ඇති වීමෙන් නොගැළපෙන වගේම බය හිතෙන පෙනුමක් ලැබෙන්න පුළුවන්.

06. වැම්ප් මේකප් 

මේ වගේ මේකප් ක්‍රම විලාසිතා දැක්ම වල සහ විලාසිතා සඟරා සඳහා ගැළපුණත් ගොඩක් වෙලාවට සාමාන්‍ය ජිවිතයේදී එය  අසභ්‍ය සහ නොවැදගත් බවක් පෙන්නුම් කරනවා. ඇත්තම කිව්වොත් කාන්තාවන් අතලොස්සකට විතරයි සාමාන්‍ය ජීවිතයේදී මේ මේකප් ට්‍රෙන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේ කොහොම වුණත් ගොඩක් වෙලාවට, මේ පරිහාස්‍ය වැම්ප් මේකප් එකෙන් කාන්තාවන්ට වියපත්, කලහකාරී පෙනුමක් සහ දරදඬු පෙනුමක් ලැබෙනවා.

ලස්සන මේකප් එකක වෙනස වටහා ගන්න පිළිපැදිය යුතු රූපලාවණ්‍ය උපදෙස්

ඕනෑම අවස්ථාවකට උචිත සුන්දර පෙනුමක් ලබාගැනීමට අනුගමනය කල හැකි සරල නීති 4:

හැකිතාක් ස්වාභාවික වෙන්න.

මේකප් අඩුවෙන් පාවිච්චි කරන්න.

ඔයාගේ මුහුණේ හොඳම ලක්ෂණ ඉස්මතු කරන්න.

ඒ වගේම, තමන් ගැන විශ්වාසයෙන් ඉන්න

Leave a Reply

Your email address will not be published.