ඔබ ලුණු කෑම සම්පූර්ණයෙන්ම නතර කළහොත් ඔබේ ශරීරයට සිදු විය හැකි දේ

අප අතරින් ගොඩදෙනෙක් ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම ගැන දැන් අවධානය යොමු කරලා තියනවා. ඒක සමහර අවස්ථාවලදි හොඳ දෙයක් වුණාට ලුණු ආහාරයට ගැනීම නවත්වන එක ගොඩක් වෙලාවට ශරීරයට හොඳ දෙයක් නෙවෙයි. මොකද, ලුණු කියන්නෙ අපේ ශරීරය සාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමට උපකාරී වන වැදගත් ඉලෙක්ට්‍රෝලයක්. ලුණු ආහාරයට ගැනීම පාලනය කලාට ලුණු ආහාරයට ගැනීන නවත්වන එක හොඳ නෑ කියන්නෙ ඒකයි.

ඉතින් අද අපි ඔයාට කියන්න හිතුවෙ සම්පූර්ණයෙන්ම ලුණු භාවිතය නතර කුරීමෙන් ඔයාගෙ ශරීරයට ඇති විය හැකි අවාසි කිහිපයක් ගැනයි.

01. ශරීරයේ බර වැඩිවෙන්න පටන් ගනීවි.

අයඩින් මිශ්‍ර ලුණු අපේ හෝමෝන සඳහා වැදගත් වෙනවා. ඉතින් අපි සම්පූර්ණයෙන්ම ලුණු ආහාරයට ගැනීම නැවැත්තුවොත් ශරීරයට අයඩින් ලැබෙන ප්‍රභවයන් ගණන අඩු වෙනවා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට, ශරීරයේ බර වැඩි වෙන්න පටන් ගන්නවා. මුහුණ මහත් වෙනවා. සම වියලෙන්න පටන් ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි, මාංශ පේශි දුර්වලතා සහ තෙහෙට්ටුව දැනෙන්නත් පුලුවන්.

02. හදවතට බලපෑම් ඇති වේවි.

සෝඩියම් අඩුවෙන් තියන ආහාර වේලක වාසි ගොඩක් තියන බව අපි දන්නවා. විශේෂයෙන්ම හෘදයාබාධ තියන අයට ඒක ගොඩක් හොඳයි. හැබැයි හැම කෙනෙක්ටම එය සුදුසු නැති වෙන්න පුලුවන්. සෞඛ්‍ය සම්පන්න හදවතක් තියන අයට ලුණු ඕනෑවට වඩා පාලනය කිරීම නුසුදුසුයි.

03. ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වේවි.

අධ්‍යයන වලින් පෙන්නුම් කරන විදිහට අපි අපේ ශරීරයට ප්‍රමාණවත් තරම් ලුණු ලබාගත්තෙ නැත්නම් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි විය හැකියි. ඒ කියන්නෙ, අපේ ශරීරය ඉන්සියුලින් වලට හොඳින් ප්‍රතිචාර නොදක්වන අතර එය රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට හේතු විය හැකි බවයි.

04. විජලනය වීමේ රෝග ලක්ෂණ දැනේවි.

රුධිරයේ සෝඩියම් මට්ටම තියුනු ලෙස පහත වැටෙනකොට, විජලනය වීමට සමාන රෝග ලක්ෂණ අත්විඳින්න ලැබෙනවා. කට වියළීම, කරකැවිල්ල දැනීම, නිතරම පිපාසය ඇතිවීම, වැසිකිළි යාම අඩු වීම වගේ රෝග ලක්ෂණ මෙහිදී දකින්න පුලුවන්.

05. ඔක්කාරය දැනෙන්නට පටන් ගනීවි.

ලුණු ආහාරයට නොගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම්වලට ලොකු බලපෑමක් ඇති වෙනවා. මේ තත්වය කලින් හඳුනගන්නත් අමාරුයි. එමගින් ඔයාගෙ හෘදය ඇතුළුව ශරීරයේ අනෙකුත් කොටස් වලට බලපෑම් ඇති වෙන්න පුලුවන්. මේ අතරින් ප්‍රධානම රෝග ලක්ෂණයක් විදිහට දකින්න ලැබෙන්නෙ ඔක්කාරයයි.

Leave a Reply

Your email address will not be published.