ඔබ හැසිරෙන විදිහ අනුව ඔබව දකින විදිහ වෙනස් කරන දේවල් 13 ක්

අපි අනිත් අය පිළිබදව අපගේ අදහස් දැක්වීමට හුරු වෙලා තිබෙනවා. මෙය ආරම්භ වෙලා තියෙන්නේ සන්නිවේදනයේ ආරම්භයත් සමගයි.අපි ඒ අපේ අදහස් වෙනස් කරන්න නම් ඉතින් වැඩිය කැමති නෑ. සමහර අවස්ථාවල අපි අතින් වැරදි සිදු වෙනවා. මේ නිසා අපේ ප්‍රතිරූපයට බොහෝ හානි වෙනවා මේක හදාගන්න එක ඉතින් වැඩිය ලේසි වැඩක් නෙමේ. අපිට බොහෝම උත්සහ කරන්න වෙනවා අපේ ප්‍රතිරූපය නැති උනොත් එහෙම ඒක හදාගන්න ඒ වගේම ඒක බොහෝ අවස්ථා වලදී සාර්ථක වෙන්නේත් නෑ. 

මේ  නිසා ඔබ සෑම අවස්ථාවේම වැරදි නොකර ඉන්න බොහෝ උත්සහ කරන්න. අද අපි ඔබට අරගෙන ආවේ. ඔබ කරන්න හොද නැති පුරුදු කිහිපයක්. මෙය ඔබට බොහෝ වැදගත් වෙනවා නම් නොඅනුමානයි. කියවලම බලන්නකෝ. 

සමාජ ජාල
  • ඔබත් ඔබේ ෆේස් බුක් එහෙමත් නැත්නම් ඉන්ස්ට්‍රගම් එකට බොහෝ පින්තූර දිනපතාම එක් කරන කෙනෙක්ද ? එසේනම් ඔබ මෙය වහාම නැවත්විය යුතුයි.  ඡායාරූප විශාල සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය වලට එක් කරන විට සිතෙන්නේ ඔබ මහා අත්මාර්ථකාමි කෙනෙක් ලෙසයි.
  • ඒ වගේම ඔබ පින්තූර එක් කිරීමේදී ඔබේ මුහුණේ සමීප පින්තූර එක් කිරීම සිදු කරන්න එපා. මුහුණේ සමීප ඡායාරූපයක් ඒකියන්නේ අඟල් 15 ට වඩා අඩු දුරකින් ගත් පින්තූර තුළින් ඔබ විශ්වාස කළ නොහැකි හා අකාර්යක්ෂම පුද්ගලයෙක් ලෙස තමා පෙනෙන්නේ.
  • අන්තර්ජාලයේ  මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටින පුද්ගලයින් සිතන්නේ  ඔහුගේ හෝ ඇයගේ ජනප්‍රියත්වය තහවුරු කර ගත් පුද්ගලයෙකුගේ හැගීමෙන්. පර්යේෂණයන්ට අනුව, වඩාත් ආකර්ෂණීය පුද්ගලයින් වන්නේ මිතුරන් 100 ත් 300 ත් අතර සංඛ්‍යාවක් සිටින අය බව සමහර විට ඔබ නොදන්නවා ඇති. 
හැඟීම්
  • ඔබත් ඔබේ සැබෑ හැගීම් සැමවිටම සැගවීමට උත්සහ කරනවා නම් එය සිදු කරන්න එපා. ඔබේ සැබෑ හැඟීම් සැඟවීමට උත්සාහ කිරීමෙන් ඔබට වෙනත් පුද්ගලයින් කෙරෙහි උනන්දුවක් නොමැති බව තමා ඔවුන්ට හැගෙන්නේ.
  • ඔබ ඔබේ හැඟීම් ඕනෑවට වඩා ප්‍රකාශ කරන්න යෑමත් නැවත්විය යුතුයි, එසේ කිරීමෙන් ඔබ ආවේගශීලී හා උණුසුම් පුද්ගලයෙක් යැයි අනෙක් අය සිතීමට ඉඩ තිබෙනවා. 
කතා කිරීම
  • යමෙකු හොඳින් දැන හඳුනා ගැනීමට ඔබත් කැමතිද? එසේනම් ඔබ කල යුතු දෙයක් තිබෙනවා. මේ සදහා ඇති හොඳම ක්‍රමය නම් ළමා මතකයන් සහ විනෝදාංශ වැනි පුද්ගලික තොරතුරු බෙදාහදා ගැනීමයි. කෙසේ වෙතත්, ඔබ දන්නා කෙනෙකු පිළිබඳ රහස්‍ය තොරතුරු නම් හෙළි කරන්න යන්න එපා, ඔබ විශ්වාස කළ නොහැකි වගේම ඕපදූප කියන පුද්ගලයෙකු ලෙස ඔබ එසේ කලොත් පෙනේවි.
  • ඔබ කතා කරන විට මම යන සර්ව නාමය බොහෝ යොදානවාද? එහෙනම් ඔබට පුද්ගලයින් වැඩිය කැමති නැතුව ඇති. ඔබ ඔවුන් ගැන වඩා ඔබ ගැන උනන්දුවක් දක්වන බව තමා මෙයින් පෙන්නේ. ඔබ ඔවුන්ට වඩා දක්ෂ යැයි ඔබ සිතන බව තමා මෙහිදී ඔවුන් සිතන්නේ.
  • ඔබ ඕනාවට වඩා නිහතමානී වීමද සිදු කරන්න එපා. ඒ තුළින් ඔබෙන් මිනිසුන් ඉවත් වී යාම සිදු වෙනවා. 
හැසිරීම
  • ඕනෑවට වඩා ආචාරශීලී වීමද ඔබ සිදු කල යුතු නෑ. මෙයින් ඔබට සැඟවුණු චේතනාවක් ඇතැයි අනෙක් පුද්ගලයින් ඔබව සැක කළ හැකි. 
  • අමනාපකම් තුළින් ඔබට පුද්ගලයින්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාවක් නෑ. ඔබ අපේක්ෂිත පිළිගැනීම ලබා ගැනීමට නම් ඔබ ඔවුන්ට ප්‍රසන්න ලෙස හැසිරෙන්න. 
  • ඔබ බොහෝ පුද්ගලයින් අදුරන බව වගේම ප්‍රසිද්ධ පුද්ගලයින් ඔබ අදුරන බව පැවසීමට යන්න එපා. ඔබ ඔවුන්ට වඩා හොඳ යැයි ඔබ සිතන බව මෙහිදී ඔවුන් විශ්වාස කරනවා. 
සිනහව
  • ඔබ සැමවිටම කෙනෙක් සමග සිනා වීමේදී ව්‍යාජ ලෙස සිනහ වෙන්න එපා. සිනාවීමේදී අවංක ලෙසම සැමවිටම සිනා වෙන්නේ. 
  • සංවෘත ඉරියව්වක් පවත්වා ගැනීම ඔබට වඩාත් සුවපහසු නම්, පුද්ගලයාගේ විශ්වාසය දිනා ගැනීම සඳහා අවංකව සිනාසීමම ඔබට ප්‍රමාණවත්. සිනාසෙන අය ඉරියව්ව නොතකා වඩා හොඳින් මිනිසුන් පිළිගන්නා බව පර්‍යේෂන වලට අනුව සොයාගෙන තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published.