ඔබ හිතනවාට වඩා ඔබව ආකර්ශනීය කළ හැකි සියුම් කරුණු 10 ක්

කාන්තාවන් විදිහට අපි අපේ පෙනුම ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. ගොඩක් කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන ඕනෑවටත් වඩා හිතනවා. එයාලා තමන්ගෙ පෙනුමේ ගොඩක් දේවල් වෙනස් කරගන්නත් උත්සාහ කරනවා. හැබැයි, ලොකු ඇස්, දිගු කකුල් සහ තරබාරු තොල් කියන්නෙ සුන්දරත්වයේ වැදගත්ම නිර්ණායක නෙවෙයි.

කාන්තාවන්ගේ ආකර්ෂණීය බව ගැන සිත් ඇදගන්නාසුළු කරුණු කිහිපයක් අපට දැනගන්න ලැබුණා. මේ ලිපිය කියෙව්වම ඔයාගෙ පෙනුම සහ ඔයා කොයිතරම් ආකර්ෂණීය ද කියලා ඔයා හිතන විදිහ වෙනස් වෙන්නත් ඉඩ තියනවා.

01. දුඹුරු හිසකෙස් තියන කාන්තාවන්ට වැඩි අවධානයක් ලැබෙනවා.

බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ දුඹුරු පාට හිසකෙස් තියන කාන්තාවන්ව වැඩිපුර අනිත් අයගේ ආකර්ෂණයට ලක්වෙන බවයි. දුඹුරු හිසකෙස් තියන කාන්තාවන්ට සොබාදහමෙන්ම ඒ වටින තෑග්ග ලැබිලා තියනවා. ඉතින් තමන්ගෙ ලස්සන කොණ්ඩෙ පාට වෙනස් කරගන්න එක තේරුමක් නැති වැඩක්. ඒත් ඉතින් කළු, දුඹුරු හෝ රතු හිසකෙස් තියන අය මේ ගැන දුක් වෙන්න් ඕන නෑ. ආකර්ෂණීය බවේ රහස හිසකෙස් වර්ණය විතරක්ම නෙවෙයි. මේ ලිපිය දිගටම කියවන්න. එතකොට ඔයාට තවත් බොහෝ රසවත් දේවල් දැනගන්න පුලුවන්.

02. වඩා වැදගත් වෙන්නෙ පියයුරු වල හැඩය මිස ප්‍රමාණය නෙවෙයි.

පියයුරු විශාල වන තරමට කාන්තාව වඩාත් ආකර්ෂණීය බවට මතයක් තියනවා. ඒත් ඒක ඇත්තක් නෙවෙයි. අධ්‍යයනයන් පෙන්වන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ පියයුරු වඩාත් ආකර්ෂණීය ලෙස සලකනු ලබන අතර ඒවායේ හැඩය පමණක් වැදගත් ලෙස සලකන බවයි. පියයුරු වලට ආකර්ෂණීය පෙනුමක් ලැබෙන්න ඒවා විශාල වෙන්නම ඕන නෑ.

03. ප්‍රසන්න සුවඳ කෙනෙකුගේ මුහුණේ ආකර්ෂණය වැඩි කරනවා.

සුවඳ විලවුන් කියන්නෙ තමන්ව අනික් අයගෙන් වෙන් කරලා හඳුනගන්න පාවිච්චි කරන දෙයක් විතරක්ම නෙවෙයි. ඒක ඔයාව වඩාත් ආකර්ෂණීය විදිහට පේන්නත් බලපාන දෙයක්. ප්‍රසන්න සුවඳක් තියන විලවුන් පාවිච්චි කරන කාන්තාවන්ගේ මුහුණේ ආකර්ෂණීය බව වැඩි වෙනවා කියලයි පර්යේෂණවලින් පෙන්නුම් කරන්නෙ.

හැබැයි ඉතින් ඔයා දැනගෙන ඉන්නම ඕන දෙයක් තමයි, අධික සුවඳක් තියන විලවුන් පාවිච්චි කලොත් ඔයාට ලැබෙන්නෙ මීට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් කියලා. මොකද තද සුවඳක් තියන විලවුන්වලට අනිත් අය ආකර්ෂණය වෙන්නෙ නෑ.

04. මුහුණ තරුණ පෙනුමට තියනවා නම්, ශරීරයේ හැඩය ලැබෙන්නෙ අඩු වැදගත් බවක්.

අධ්‍යයන මගින් කියවෙන්නෙ මුහුණේ තරුණ බව නිසා ශරීරයේ හැඩයට ලැබෙන්නෙ අඩු ආකර්ෂණයක් කියලයි. මේකෙන් පෙන්නුම් කරන්නෙ මුහුණ තරුණයි කියන්නේ ඒ කාන්තාව සෞඛ්‍යමත් සහ ශක්තිමත් කෙනෙක් කියලයි.

05. පියයුරු සහ තට්ටම් වලට වගේම ආකර්ෂණයක් ලස්සන කකුල්වලටත් හිමිවෙනවා.

පියයුරු කියන්නෙ කාන්තාවකගේ ශරීරයේ  වඩාත්ම ආකර්ෂණීය කොටස නෙවෙයි. ගොඩක් කාන්තාවන් හිතන්නෙ තමන්ගේ පාද තම ශරීරයේ වඩාත් ආකර්ෂණීය කොටස බවයි. එයාලා හිතන්නෙ පියයුරු සහ තට්ටම් මහ හඬින් කෑගැසීමක් නම්, කකුල් කියන්නෙ නිශ්ශබ්ද කෙඳිරියක් බවයි.

06. ඉහළ කාන්තා කටහඬ සවන් දීමට වඩා ප්‍රසන්නයි.

උස් හඬක් තියන කාන්තාවන් වෙනත් කාන්තාවන්ට වඩා ආකර්ෂණීයයි. පර්යේෂකයන් පවසන්නෙ අධ්‍යයන මගිනුත් මේ බව ඔප්පු වී ඇති බවයි.

07. දිගු කකුල් වලට වඩා මධ්‍යම දිග කකුල් ආකර්ෂණීය බවින් වැඩියි.

දිගු කකුල් නැති කාන්තාවන් මේක දැක්කම නම් ගොඩක් සතුටු වේවි. සාමාන්‍ය ප්‍රමාණයේ කකුල් වඩාත් ආකර්ෂණීය යැයි විශ්වාස කරන බව අධ්‍යයන මගින් ඔප්පු වී තිබෙනවා. ඒවා හොඳ ශාරීරික සෞඛ්‍යයේ වැදගත් සලකුණක් බවත් පර්යේෂකයන් කියනවා.

08. පහළ පිටුපස කොඳු ඇට පෙළේ වක්‍රය, ආකර්ෂණීය බව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා.

උකුල් සහ තට්ටම් කියන්නෙ ආකර්ෂණීය බව කෙරෙහි වැදගත් වෙන ශරීර අවයව දෙකක්. ඒත් ආකර්ෂණීය බව කෙරෙහි ඊටත් වඩා විශාල බලපෑමක් ඇති කරන තවත් දෙයක් තියනවා. ඒ තමයි, පහළ පිටුපස කොඳු ඇට පෙළ. කාන්තාවන් ගැබ්ගෙන සිටින විට, ඔවුන් ඉතා ආකර්ෂණීය යැයි විශ්වාස කරන කොඳු ඇට පෙළක් වර්ධනය වෙනවා.

09. ප්‍රතිචාර දැක්වීම කාන්තා ආකර්ෂණය සැලකිය යුතු ලෙස වැඩි කරනවා.

ඔයා වඩාත් ප්‍රතිචාර දක්වන පුද්ගලයෙක් නම්, මිනිසුන් ඔයාට ආදරය කරාවි. විරුද්ධ ලිංගයේ අය සිතන්නේ සැලකිලිමත් කාන්තාවන් අතිශයින්ම ගැහැණුකම තිබෙන, ආකර්ෂණීය අය බවයි.

බෝනස්: ඇලවුණු හෝ උඩු යටිකුරු වූ මුහුණු වඩාත් ආකර්ෂණීයයි.

ඕනම මුහුණක් ඇල වූ විට, එය වඩාත් ආකර්ෂණීය ලෙස පේනවා. හිනා යන දේ තමයි, මුහුණ උඩු යටිකුරු කලාමත් ආකර්ෂණීය බවක් ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published.