ඔබ හොද දෙමාපියෙක් බව දැනගැනීමට හැකි ලක්ෂණ 7 ක්

ඕනම දෙමාපියෙක් උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවන්ට හොඳ දෙමව්පියන් වෙන්නයි. සමහරු දැඩියි. තවත් සමහරු එහෙම නෑ. ඒත් එයාලා හැමෝම කරන්නෙ තමන්ට හරියි කියලා හිතෙන දේයි. කොහොම වුණත්, ගොඩක් වෙලාවට දෙමාපියන් තම දරුවන්ට වඩාත්ම වැදගත් දේ මොකක්ද කියලා අමතක කරනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයා ඇත්තටම හොඳ දෙමාපියෙක්ද කියලා දැනගන්න පුලුවන් ප්‍රධාන සලකුණු 7 ක් ගැනයි.

01. ඔයාගෙ දරුවා එයාට තියන ප්‍රශ්න ඔයාට කියනවා නම්,

ඔයාගෙ පුතා හෝ දුව එයාලගෙ සාර්ථකත්වයන් සහ ජයග්‍රහණ ගැන ඔයාට කියන එක හොඳ දෙයක්. ඒත් වැදගත්ම දේ තමයි එයාලට තියන ප්‍රශ්න ගැන ඔයත් එක්ක කතා කරන්න එයාලට පුලුවන් වෙන්න ඕන. දරුවෙන්ට එයාගෙ අම්මා හෝ තාත්තා එක්ක එයාට තියන ප්‍රශ්න කතා කරන්න පුලුවන් නම්, ඒකෙන් කියවෙන්නෙ දරුවට එයාගෙ දෙමාපියන්ව විශ්වාස බවයි.

02. හොඳට ලකුණු තිබ්බම ඇති කියලා විතරක් ඔයා හිතන්නෙ නැත්නම්,

ඔයාගෙ දරුවා පාසලේදී අඩු ලකුණු ලබාගත්තත්, ඒක එයා ඔයාට කියන්න බය වෙන්න ඕන නෑ. දෙමව්පියන්ට තමන්ගෙ ලකුණු කියන්න බය වෙන දරුවන් ගොඩක් වෙලාවට ඉස්කෝලෙ රිපෝට් එකවත් දෙමව්පියන්ට පෙන්වන්නෙ නෑ. “අම්මලා මගේ ලකුණු දැනගත්තොත් මම ඉවරයි” කියලා දරුවාට හිතෙන තරමට දෙමව්පියන් දරුවාව බය කරලා තියන එක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ලකුණු කියන්නෙ හැම දේම නෙවෙයි කියලා ඔයාගෙ දරුවට කියලා දෙන්න. ඊලඟ වතාවෙ හොඳ ලකුණු ගන්න පුලුවන් වෙන විදිහට දරුවව දිරිමත් කරන්න.

03. හැම කෙනෙකුගේම පෞද්ගලිකත්වයට පවුල තුළ ඉඩක් තියෙනවා නම්,

ගොඩක් දෙමාපියන් හිතන්නෙ ළමයින් කාමරයට ඇතුළු වීමට පෙර තට්ටු කළ යුතු බවයි. ඒත් දෙමව්පියන් හැමවිටම මේ රීතිය අනුගමනය කරන්නෙ නෑ. පවුල තුළ තියන නීති හැම කෙනෙකුටම එක සමාන වෙන්න ඕන. ඔයාගෙ දරුවන්ගේ පුද්ගලික අවකාශයට ගරු කරන්න. එතකොට එයාලත් ඔයා වෙනුවෙන් එහෙම කරයි.

04. දරුවාව විවේචනය නොකරන්න.

හොඳ දෙමාපියන් තම දරුවන්ව විවේචනය කරන්නෙ නෑ. එයාලව මෝඩ, මහත හෝ කම්මැලි අය විදිහට හඳුන්වන්නෙත් නෑ. මේ වගේ වචන නිසා දරුවන්ව දිගු කලක්, සමහර විට සදහටම පවා අනාරක්ෂිත තත්වයකට පත් කරනවා. දරුවන් එක්ක කතා කරනකොට පරිස්සමෙන් වචන භාවිතා කරන්න. ඔයා කලකිරීමට පත්වන දේ හරියටම කියන්න. ඒත් දරුවන්ට අපහාස කරන්න එපා.

05. ඔයාගෙ වැරදි පිළිගෙන සමාව ඉල්ලන්න.

හැම කෙනෙක්ම වැරදි කරනවා. ළමයින් විතරක් නෙවෙයි, වැඩිහිටියනුත් වැරදි කරනවා. කොහොම වුණත්, ගොඩක් දෙමාපියන් දරුවන්ට සමාව ඉල්ලීමට ඉගැන්වුවත්, දෙමව්පියන්ගෙ වැරදිවලට කවදාවත් දෙමව්පියන් දරුවන්ගෙන් සමාව ඉල්ලන්නෙ නෑ. සමහර විට දරුවට ඕනෑවට වඩා බැන්නම, “මට සමාවෙන්න, මට ඔයාට එහෙම නොකියා ඉන්නයි තිබුණෙ” කියලා දරුවන්ගෙන් සමාව ගන්නෙ නෑ. තමන්ගෙ දුර්වලතා පිළිගන්න පුලුවන් කෙනෙක් කියන්නෙ ශක්තිමත් පුද්ගලයෙක්. ඒ නිසා දරුවන්ට පුරුදු කරන දේවල් දෙමව්පියන් විදිහට ඔයාලත් අනුගමනය කරන්න.

06. දෙමව්පියන් කැමති දේවල්ම දරුවට කරන්න කියලා බල කරන්න එපා.

දරුවන් කළ යුත්තේ ඔවුන් කැමති දේවල් මිස දෙමව්පියන් වන ඔයාලා කැමති දේවල් නෙවෙයි. තාත්තා පාපන්දු ක්‍රීඩා කිරීමට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම්, එයාගෙ පුතත් ඒකටම කැමති නම් ඒක හොඳ දෙයක් තමයි. ඒත් දරුවා ඒකට අකමැති නම් ඒක බලෙන් කරවන්න යන්න එපා. දරුවන්ගේ දක්‍ෂතා සහ හැකියාවන් හඳුනගෙන එයාලව ඒ ඔස්සේ ඉදිරියට යවන්න දෙමව්පියන් දැනගන්න ඕන. එහෙම නැතුව දෙමව්පියන් කැමති දේවල් කරන්න කියලා දරුවට බල කරන්න එපා.

හොඳ මාපියන් දරුවන් දියුණු කිරීමට  දිරිමත් කර එයාලා කැමති දේ කරන ප්‍රීතිමත් පුද්ගලයන් ලෙස වැඩීමට දරුවන්ට උපකාර කරනවා.

07. දරුවන්ගේ වචන විශ්වාස කරන්න.

මේක ගොඩක් වෙලාවට සිදුවෙන දෙයක්. දරුවා වැරදි ලෙස හැසිරී ඇති බව පාසලේ ගුරුවරයා කිව්වම, ඒකට තරහ ගන්න දෙමව්පියන් මේ තත්වය ගැන කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව දරුවට තරවටු කරනවා. ඒත් කෑගහන්න කලින්, ඒ තත්වය ගැන දරුවගෙන් මුලින් අහලා ඉන්න එක වඩා හොඳයි. සමහර විට ඔයාගෙ දරුවා වැරැද්දක් කරලා නැතිවෙන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published.