ඔයාගෙ ආසම පාට ඔයා ගැන කියන හරි අපූරු දේවල්

අපි එක එක්කෙනා පෞද්ගලිකව විවිධ වර්ණවලට කැමැත්ත දක්වනවා. ඇත්තටම අපි දැනගෙන හිටියෙ නැති දෙයක් තමයි, අපි කැමති වර්ණවලින් අපේ පෞරුෂත්ව ලක්ෂණ ගැන කියවෙනවා කියන එක. උදාහරණයක් විදිහට, රතු ඇඳුම් අඳින්න කැමති අය ප්‍රමුඛත්වය ගන්න කැමති අය විදිහට පිළිගැනෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා කැමති පාට අනුව කියවෙන ඔයාගෙ පෞරුෂයේ ලක්ෂණ මොනවද කියලයි.

01. රතු

රතු වර්ණයට කැමති අය ආක්‍රමණශීලී, ආධිපත්‍යයක් දැරීමට කැමති අයයි. පර්යේෂකයන් හොයාගෙන තියන විදිහට, රතු වර්ණය පැළඳ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කිරීමට 5% වැඩි ඉඩක් තියනවා. එය හෘද ස්පන්දන වේගය සහ ටෙස්ටොස්ටෙරෝන් ඉහළ නැංවීමට උදව් කරනවා.

රතු නිල ඇඳුමින් සැරසී සිටින සේවිකාවන් පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් ලබන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. රතු වර්ණයට ආදරය සහ ආශාව සමඟ සම්බන්ධයක් තියනවා. ඒ නිසා ඔයත් අවධානයට ලක් වෙන්න කැමති නම්, රතු පාට අඳින්න උත්සාහ කරන්න.

02. දම් පාට

දම් පාට රාජකීය උත්සව සමඟ සම්බන්ධ පාටක්. ඊට අමතරව, එය මැජික් සහ මනඃකල්පිත හැඟීමක් ලබා දෙනවා. දම් පාට නිර්මාණශීලීත්වය ඉස්මතු කරන අතර සාමය ගෙන එන පාටක්. ඒ වගේම එය සංවේදී සහ හැඟීම්බර වීමටත් සම්බන්ධයි.

03. තැඹිලි

ඔයා තැඹිලි පාටට කැමති නම් සහ එය වැඩිපුර භාවිතා කරන කෙනෙක් නම්, ඔයා ගොඩක් ජවසම්පන්න කෙනෙක් වෙන්න පුලුවන්.

එය ඉතා බලවත් සහ සජීවී සමාජ පරිසරයකට සම්බන්ධයි. ඒ වගේම තැඹිලි පාට උද්යෝගය සහ ශක්තිය පෙන්නුම් කරනවා. ගොඩක් ක්‍රීඩා කණ්ඩායම් එයාලගෙ නිල ඇඳුම් සඳහා තැඹිලි පාට භාවිතා කරන්නෙ ඒ නිසා වෙන්න ඉඩ තියනවා.

04. සුදු

සුදු පැහැයට පාටට පුද්ගලයෙකුට තෘප්තිමත් හැඟීමක් අවශ්‍යයි. එයාලා තර්කානුකූල, තාර්කික පුද්ගලයන් වෙනවා. දේවල් නිර්මාණය කිරීමේදී සුදු වර්ණයෙන් ස්වාධීනත්වය පෙන්නුම් කරනවා.

ඒ වගේම සුදු පාටින් පිරිසිදුකම සහ සරල බව හැඟවෙනවා. සමහර විට මේ ගුණාංග නිසා සමහර සමාගම් එය භාවිතා කිරීමට කැමතියි. උදාහරණයක් විදිහට Apple සමාගම සතුව සරල සුදු පසුබිමක් තියනවා.

05. කළු

එය මායිම්වල සහ අධිකාරියේ වර්ණයයි. එය ශක්තිමත් වන අතර ශෝභනත්වය, විධිමත්බව සහ අභිරහස ගැන හැඟීමක් ඇති කරනවා. කළු පාට ලෝකයට නිශ්චිත ප්‍රායෝගික බවක් සහ යථාර්ථවාදයක් පිළිබිඹු කරනවා.

කළු පාටට කැමති පුද්ගලයෙක් පාලනයට සහ ස්වාධීනත්වයට ආශා කරන කෙනෙක් වෙන්න පුලුවන්.

06. නිල්

නිල් වලට කැමති අය පරමාදර්ශී, විශ්වාසනීය, ස්වයංක්‍රීය, සහ නිර්මාණාත්මක අයයි. එයාලා විස්තර වෙත අවධානය යොමු කිරීමට, පරිපූර්ණත්වයට පත් වීමට, සහ නිර්දෝෂී හැසිරීම් වලට නැඹුරුයි.

07. කහ

කහ පාටට ආදරය කරන අයට ත්‍රාසජනක ආශාවන් තියනවා. සුදු කියන්නෙ ස්වාධීනත්වය නම්, කහ කියන්නෙ නිදහසයි. හාස්‍යය, ස්වයංසිද්ධිය, ශුභවාදී බව සහ ආශාව සුදු පාටත් එක්ක සම්බන්ධ වෙනවා. මේ පුද්ගලයින් නිර්මාණශීලී වුණත්, ආවේගශීලී වීමට නැඹුරු අයයි.

08. කොළ

අපි කොළ පාට මුදල් සහ එළවළු එක්ක ගැලපුවත්, පර්යේෂකයන් පවසන්නේ කොල පාටට කැමති අය ආරක්ෂාව සඳහා ආශාවක් තියන අය බවයි. කොළ පාට සාර්ථකත්වය සමග සම්බන්ධයි. ඒ වගේම විවේකයක් සහ සන්සුන් බවක් ඇති කරන්නත් කොල පාට උදව් වෙනවා.

කොළ කියන්නෙ ප්‍රබෝධමත් වර්ණයක්. එය වර්ධනයට, ඉගෙනීමට සහ සෞඛ්‍යයටත් සම්බන්ධ වෙනවා.

09. රෝස

රෝස පාට ආක්‍රමණශීලී බව අඩු කිරීමට අදාලයි. ඒ නිසා රෝස ඇඳුමකින් ඉන්නකෙනෙක්ව අපිට අපරාධකරුවෙක් විදිහට පේන්නෙ නෑ. මේ වර්ණය හොඳ මනෝභාවයක් පාලනය කරන්න උපකාරී වෙනවා වගේම රෝස පාටින් ඇඳගෙන ඉන්න කෙනෙක්ව අපිට ගොඩක් සන්සුන් විදිහට පේනවා.

රෝස පාටට කැමති අය ආදරණීය, සංවේදී, ත්‍යාගශීලී සහ කරුණාවන්ත අයයි.

Leave a Reply

Your email address will not be published.