ඔයාගෙ බොස්ගෙ හිත දිගු කාලයක් දිනාගැනීමට මනෝවිද්‍යාත්මක ක්‍රම 7 ක්.

ගොඩක් අය කැමතියි තමන් වැඩ කරන තැන බොස් කැමතිම කෙනා බවට පත්වෙන්න. කොහොම වුණත්, බොස්ගෙ හදවත දිනා ගන්න එක ලේසි දේකුත් නෙවෙයි. ඒත්, බොස්ට ඔයා ගැන පැහැදීමක් ඇති කරවන්න පුලුවන් සරල ක්‍රම ගොඩක් තියනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ වැඩ කරන තැන ප්‍රධානියාගෙ හිත දිනාගන්න ඔයාට කරන්න පුලුවන් සරල දේවල් 7 ක් ගැනයි.

01. ඔයාගෙ අදහස ලබා දීමට බිය වෙන්න එපා.

ඔයාගෙ ප්‍රධානියා සමඟ එකඟ නොවීම හැමවිටම නරක දෙයක් නෙවෙයි. සමහර විට එය ඔවුන්ට ඔයාගෙ වටිනාකම, කැපවීම හා අවංක බව පෙන්නුම් කරනවා. එකඟ නොවීම ඔයාගෙ තනි මතයක් නිසා නෙවෙයි, කණ්ඩායමේම පොදු සහ හොඳම මතය විය යුතුයි. ඔයා විශ්වාස කරන දේට සෘජු වෙන්න. ප්‍රධානියාගේ අදහසට එකඟ නොවීමට හේතු දැක්වීමටත් වගබලාගන්න.

02. කකුල් දෙක බිම තබා ගන්න.

බොස් එක්ක රැස්වීමක ඉන්න වෙලාවට කකුල් දෙක බිම තබාගෙන සිටීමෙන් ඉතා සංකීර්ණ ප්‍රශ්න වලට පිළිතුරු පහසුවෙන් ලබා ගන්න පුලුවන්. මේ උපක්‍රමය ඔයාට තාර්කික සහ නිර්මාණාත්මක සිතුවිලි අතරට යාමට උදවු වන අතර එය ඔයාගෙ ප්‍රධානියාට ඔයා ගැන උසස් ලෙස සිතීමට තවත් එක් හේතුවක් වෙනවා.

03. ප්‍රධානියාගෙන් උපදෙස් ඉල්ලන්න. ඔහුගේ අදහස් විමසන්න එපා.

මනෝවිද්‍යාඥයෙකුට අනුව, ඔයා ඔයාගෙ ප්‍රධානියාගෙන් උපදෙස් ඉල්ලා සිටීම මගින් ඔයාගෙ තීරණ සහ අදහස්වලට වැඩිදුරටත් සහයෝගී වීමට ඔවුන් දිරිමත් වෙනවා.

04. ඔයා අදහසක් දෙන්න උත්සාහ කරනවිට, හිස නමන්න.

ඔයාගෙ ප්‍රධානියා ඔයා සමඟ යම් දෙයකට එකඟ වීමට නම්, ඔයාගෙ ප්‍රකාශය ලබා දෙන අතරතුර සිනහවෙන්, ඇස් සම්බන්ධතා පවත්වා ගෙන, ඔයාගෙ හිස නමා ගෙන ඉන්න. මේ ශරීර භාෂාවේ සංයෝජනය ඔයාගෙ ප්‍රධානියාට මෝහක බලපෑමක් ඇති කරන අතර, එය ඔයාගෙ ප්‍රකාශයට ඔවුන්ව එකඟ කරවන්න උදව් වෙනවා.

05. ස්මාර්ට් ලෙස කතා කරන්න.

සතියේ දවස් හතම පැය විසිහතරෙම වැඩ කරන අපි, රැකියා ස්ථානයේ අනික් අය එක්ක කතා කරනකොටත් රැකියාව සම්බන්ධ දේවල්ම කතා කරනකොට ඒක හරිම බෝරින් දෙයක් වෙනවා. ඒ වෙනුවට, රැකියාව හා සම්බන්ධ නොවන ඔවුන්ගේ විනෝදාංශ වගේ දේවල් ගැන කතා කරන්න උත්සාහ කරන්න.

06. ඔයාගෙ වැරදි පිළිගන්න.

ඔයාගෙ අතින් වැරැද්දක් වුණොත් ඒක පිළිගන්න පසුබට වෙන්න එපා. ඒ ගුණාංගයට ප්‍රධානියා ගොඩක් ගරු කරාවි. ඇත්ත පැවසීම මගින් ප්‍රධානියා සහ ඔයා සමඟ විශ්වාසනීය බැඳීමක් ගොඩනඟා ගන්න පුලුවන්.

07. ගැටලුවකට විසඳුම් කිහිපයක් තිබෙනවා.

සමහර ප්‍රධානීන් කනස්සල්ලට පත්වෙන කරුණක් පත්වෙන කරුණක් තමයි, සමහර ගැටලු විසඳීමට ඔවුන්ට නොහැකි වීම. එතකොට ඔයා ඔයාගෙ ප්‍රධානියාට ගැටලුවකට එක් විසඳුමක් පමණක් අරගෙන එන විට, ඔයා නොදැනුවත්වම ප්‍රධානියාට ඔහුගේ පාලනය අහිමි වීමේ බිය වැඩි වෙනවා.

හැබැයි ඔයා විසඳුම් 2 හෝ 3 ක් අරගෙන ඇවිත් ඒවා අතරින් එකක් තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දුන්නම, ඔවුන් ගැටලුව විසඳීමේදී වැදගත් දායකත්වයක් කරන බව ඔවුන්ට හැඟෙනවා.

Leave a Reply

Your email address will not be published.