ඔයාගෙ සම්බන්දතාවය වැඩි දියුණු කළ හැකි පොඩි දේවල් 6 ක්

සබඳතාවයකදී එකිනෙකා අතර තියන නොගැළපීම් ගලපගන්න ගිහින් ගොඩක් අය ප්‍රශ්න ඇති කරගන්නවා. රණ්ඩු වෙනවා. සම්බන්ධතාවයක් ඇති කරගෙන එකට ජීවත් වුණු පමණින් දෙදෙනෙක් එකිනෙකාට සමාන වෙන්නෙ නෑ. ආදර සම්බන්ධය දිගටම හොඳින් පවත්වගෙන යන්න නම් සහකරුගේ ආකල්ප, හැසිරීම් වලට වගේම පෞද්ගලිකත්වයටත් ඉඩ දෙන්න සිදුවෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ සබඳතාවය දිගටම පවත්වගෙන යන්න ඔයාට උදව් වෙන සරල ටිප්ස් 6ක්.

01. වෙනම බ්ලැන්කට් යට නිදාගන්න.

නින්ද කියන්නෙ අපේ ජීවිතයට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට වෙන වෙනම බ්ලැන්කට් දෙකක් පාවිච්චි කරන එක හොඳයි. එතකොට බ්ලැන්කට් එක බෙදාගන්න බැරුව දෙන්නත් එක්ක රණ්ඩු කරන එක නතර වෙනවා. ඇඳ බෙදාගත්තට බ්ලැන්කට් එක නම් බෙදාගන්න යන්න එපා.

02. වෙනම නාන කාමර දෙකක් භාවිතා කරන්න.

නානකාමරය කියන්නෙ ගෙදර තියන පෞද්ගලිකම තැනයි. ඉතින් ඒක දෙන්නෙජ් එක්ක බෙදාගන්න එකෙන් කරදර ගොඩක් ඇතිවෙන්න පුලුවන්. ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගෙ පෞද්ගලික ඉඩ අනිත් කෙනා එක්ක බෙදාගන්න අකමැති නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. සහකරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ට වැසිකිළි හා තුවා සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති නම් හෝ වෙනස් පිරිසිදු කිරීමේ පුරුදු තියනවා නම් දෙදෙනා වෙන වෙනම නාන කාමර දෙකක් පාවිච්චි කිරීමෙන් මේ ගැටළුව විසඳගන්න පුලුවන්.

03. දෙදෙනාම එක කැලැන්ඩරයක් පාවිච්චි කරන්න.

එකිනෙකාගේ සැලසුම් දෙදෙනාටම දැනගෙන ඉන්න මේක නියම ක්‍රමයක්. දෙන්නාගේම කාලසටහන් සහ වැඩ කරන වේලාවන් වෙනස් නිසා එකට දේවල් සැලසුම් කරන එක අපහසුයි. ඒ නිසා මේ ක්‍රමය මගින් කාලය සහ ශක්තිය ඉතිරි කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට උපන් දින සහ විශේෂ අවස්ථා වගේ වැදගත් දිනයන් මතක තබා ගැනීමටත් උදවු වෙනවා.

04. සහකරුට හොඳම මිතුරෙකුට වගේ සලකන්න.

ගොඩක් වෙලාවට අපි අපේ යාලුවොත් එක්ක ඉන්නෙ අපේ සැබෑම ස්වරූපයෙන්. ඒ නිසා අපට යාලුවොත් එක්ක ඕනම දෙයක් කතා කරන්න, ප්‍රශ්න විසඳගන්න හරිම ලේසියි. නිළියක් වන බ්ලේක් ලයිව්ලි කියන විදිහට, ඇය ඇගේ සැමියා වන රයන් රෙනෝල්ඩ්ස්ට පෙම්වතියක් ලෙස සලකන බවත් ඔහු ඇයට ඔහුගේ මිතුරාට මෙන් සලකන බවත් ඇය පවසනවා.

එතකොට තමන්ට ප්‍රශ්නයක් වුණාම සහකරුගෙන් විසඳුමක් ලබාගන්න එක පහසු බවත් ඇය කියනවා.

05. තනියම කාලය ගත කරන්න.

ඔයාගෙ සහකරු ඔයා වෙත අවධානය යොමු නොකරන බව හෝ ඔයත් සමඟ කාලය ගත කරනවාට වඩා තනිව සිටීමට කැමති බව ඔයාට දැනිලා තියනවද? සම්බන්ධතාවයක් හොඳින් පවත්වාගෙන යන්න නම්, සහකරුවන් දෙදෙනාටම තනි තනිව ගත කරන්නත් වෙලාවක් තියෙන්න ඕන. මේ Me-time එක මගින් අපට අපේ බැටරි නැවත චාර්ජ් කර ගැනීමට, විවේක ගැනීමට සහ අපම වීමට ඉඩ සලසනවා. දෙදෙනා එකට ගත කරන කාලය වගේම තනි තනිව ගත කරන්න වෙලාවක් හදාගන්න එකත් සබඳතාවයකදි ගොඩක් වැදගත්.

06. ආදරය කරන එක නවත්වන්න එපා.

අවුරුදු ගණනාවක් ආදරය කරලා විවාහ වෙලා අන්තිමේදි ඔයාලා ස්ථාවර සුවපහසු සබඳතාවයකට එළඹෙනවා. විවාහ වුණාම වගකීම් වැඩි වෙනවත් එක්ක දෙන්නට දෙන්නා ගැන තියන ආදරය අඩු කරගන්න හොඳ නෑ. ආදරය කරපු කාලෙ හිටියා වගේම රසවත් දේවල් කතා කරන්න, ඇවිදින්න යන්න, ආදරය කරන්නත් වෙලාවක් වෙන් කරගන්න එක ගොඩක් වටිනවා.