ඔයාගෙ සම අවුරුදු 10 කින් වයස කරන එදිනෙදා පුරුදු 10 ක්

සමබල ආහාර වේලක් හා නිසි පරිදි ව්‍යායාම කිරීමෙන් ලස්සන තරුණ පෙනුමක් පවත්වාගන්න පුලුවන්. ඒත් මීට අමතරව කෙනෙක් ජීවිත කාලය පුරාම පුරුදු වෙලා තියන සමහර පුරුදු නිසා ඒක සෘජුව හෝ වක්‍රව එයාලගේ ශරීර සෞඛ්‍යයට බලපානවා. ඒ වගේම බාහිර පෙනුමටත් බලපෑම් කරනවා.

ප්‍රශ්නය තමයි මේ වැරදි පුරුදු ගැන අපිට හරි හැටි දැනීමක් නැති වීම. අපේ සිරුරේ විශාලම ඉන්ද්‍රිය තමයි සම කියන්නෙ. බාහිර පරිසරයට වැඩිපුරම විවෘත වෙලා තියන ඉන්ද්‍රියත් අපේ සමයි. සම හරිම සංවේදීයි. අපි තුළ තියන අහිතකර පුරුදු නිසා අපි නොදැනුවත්වම සමට හානි වෙනවා. අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා නොහිතම කරන වැරදි කිහිපයක් ගැනයි.

10. නිදන ඉරියව්ව

මුහුණ කොට්ටය මත තියාගෙන මුණින් අතට නිදා ගන්න එක නම් ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේ ඉරියව්ව නිසා ඔයාගෙ බඩ, පපුව වගේ ශරීරයේ ඉස්සරහ තියන අවයවවලට තද පීඩනයක් ඇති වෙනවා. මේ නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් තරමක් භයානක ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්. ඇස් වටේ අඳුරු ලප ඇති වීම, කම්මුල් එල්ලා වැටීම වගේ තත්ව වැඩියෙන් ඇති වෙන්නෙත් මේ ඉරියව්වෙන් නිදා ගන්න අයටයි.

නිදා ගැනීමට නිසි උසක් තියන කොට්ටයක් පාවිච්චි කරන්න. ඒ වගේම උඩුබැලි අතට නිදාගන්න පුරුදු වෙන්න.

09. සන්ග්ලාස් භාවිත නොකිරීම

සම හිරු එලියෙන් රැක ගැනීමට සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා වගේම ඇස් වටා සම ගොඩක් තුනී නිසා අව්වෙන් ආරක්ෂා වෙන්න සන්ග්ලාස් පැළඳීමත් ගොඩක් වැදගත්.

08. ආහාර

ආහාර ගැනීමේදී කටේ එක් පැත්තකින් පමණක් සැපීමෙන් ඔයාගෙ මුහුණට අසමමිතික බවක් ගෙන දෙනවා.

07. දුරකථනයෙන් කතා කිරීම

ෆෝන් එක නිතරම කන සහ උරහිස අතර තබා ගැනීමෙන්, බෙල්ලේ රැළි ඇතිවීමට සහ කම්මුල ගිලී යාමට හේතු වෙනවා. ඔයා ජිතරම ෆෝන් එකෙන් කතා කරනවා නම්, හෙඩ්සෙට් එකක් හෝ ස්පීකර්ෆෝන් භාවිතා කරන්න.

06. ටැබ්ලටයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කිරීම

අපි සාමාන්‍යයෙන් ටැබ්ලට් එකක් හෝ ස්මාට් ෆෝන් එකක් අල්ලගෙන ඉන්නෙ අපේ හිස පහතට යොමුකරගෙනයි. මෙයින් ඇස් ඉදිමීම සහ සම රැලි වැටීමට පුලුවන්. ඔයා කතාබහ කරන වෙලාවට හෝ ෆෝන් එක/ටැබ්ලට් එක දිහා බලන වෙලාවට පුලුවන් තරම් හිස පහත් කරන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න.

05. අත මත නිකට හේත්තු කිරීම

පරිගණකය ඉදිරිපිට වාඩි වෙලා ඉන්නකොට හෝ පොත් කියවනකොට, නොදැනුවත්වම අපේ නිකටට අත හේත්තු කරනවා. මේ පුරුද්ද ඔයාටත් තියනවා නම් ඒක අඩු කරගන්න උත්සාහ කරන්න. මොකද මේ ඉරියව්ව මගින් මුහුණේ සමේ ප්‍රත්‍යාස්ථතාව අඩු වෙලා අකලට සම රැළි වී එල්ලා වැටෙන්න පටන් ගන්නවා.

04. නළල රැලි කිරීම

දුක් වෙන එක මගින් සමට හානිකර මුහුණේ ඉරියව් ඇතිවෙනවා. එතකොට නළළේ රැළි, තොල් සහ මුහුණේ මාංශ පේශී තද වෙනවා. ඔයා නළල රැළි කරන බව ඔයාට වැටහෙන හැම අවස්ථාවකම, කන් දෙක අල්ලන්නෙ නැතුව පසුපසට ගෙන යන ආකාරය හිතන්න උත්සාහ කරන්න. ඒක විහිළුවක් වගේ පෙණුනට, එකවරම කන් පිටුපසට ඇදගෙන සිටීමට නොහැකි නිසා ඒක ගොඩක් වැදගත්.

03. දිගු වෙලාවක් උණු වතුරෙන් නෑම

උණුසුම් වතුරෙන් ස්නානය කලාම ඇඟට සනීපයක් දැනෙනවා තමයි, ඒත් නිතරම උනු වතුරෙන් නාන එක නම් සමට හොඳ නෑ. එතකොට සමේ ඉහළ ස්ථරය විනාශ වෙලා සම වියළීමට හේතුවෙනවා. ඒ නිසා වැඩි වෙලාවක් උණු වතුරෙන් ස්නානය කරන්න එපා.

02. AC භාවිතා කිරීම

වායු සමීකරණ වාතයෙන් තෙතමනය ඉවත් කර වාතය වියළනවා. එහි ප්‍රතිඵලයක් විදිහට සම වියලී හානියට පත් වෙනවා. ඒක නිසා සම හොඳට මොයිස්චරයිස් කරන්න අමතක කරන්න එපා. හැම වෙලාවෙම AC එකේම ඉන්න පුරුදු වෙන්නත් එපා.

01. කොට්ට උරය

කපු ඇඳ ඇතිරිලි කියන්නෙ ගොඩක් දෙනා පිළිගත්, සෞඛ්‍යයට හානිකර නොවන දෙයක්. ඒත් මේ රෙදිපිළි තුළ තියන කොට්ට උරය මුහුණේ සමට හානි කර, සමේ රැළි ඇති කරනවා. පැත්තට නිදාගන්නවා නම් සහ නිදාගෙන ඉන්නකොට නිතරම හැරෙනවා නම්, මේ තත්වය ඇතිවෙන්න ඉඩ වැඩියි. නින්දෙදි හැරෙනකොට මුහුණ කොට්ට උරය මත ඇතිල්ලෙනවා. ඒ වෙනුවට, සිල්ක් හෝ සැටින් කොට්ට උර භාවිතා කිරීමට උත්සාහ කරන්න. ඒවා ඝර්ෂණය අඩු කරනවා. ඒ වගේම සමේ මැරුණු සෛල සහ බැක්ටීරියා එකතු වීම වළක්වා ගැනීම සඳහා නිතර කොට්ට උර වෙනස් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.