ඔහු සම්පූර්ණයෙන්ම ඔබට ආදරේ බව පෙන්වන ශරීර ලක්ෂණ 15 ක්

මේ ලෝකයේ අනිත් හැමදේම වගේ, නවීන තාක්‍ෂණයේ යුගයටත් වාසි සහ අවාසි කියන දෙපැත්තම තියනවා. අපි දැන් ගොඩක් වෙලාවට අනිත් අයත් එක්ක සන්නිවේදනය කරන්නෙ තාක්ෂණය භාවිතා කරලයි. ඒ නිසා අපිට මිනිසුන්ගේ සැබෑ හැඟීම් කියවීමට වගේම එම හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව, විශේෂයෙන් ආදරය සම්බන්ධයෙන් නැති වෙන්න පටන් අරගෙන තියනවා. ඒත් ශරීරයෙන් පෙන්නුම් කරන සංඥා වලින් අපි එක්ක ඉන්න අය අපි ගැන දක්වන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා අපිට හඳුනගන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ ඔයාගෙ සහකරු ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා දැනගන්න පුලුවන්, සහකරුගේ ශරීර භාෂාවේ ලක්ෂණ 15 ක් ගැනයි.

01. ඇහි බැම එසවීම

ඔහු ඔයාව දකින හැම විටම ඔහුගේ ඇහිබැම ඔසවනවා නම් ඒකෙන් කියවෙන්නෙ ඔහු ඔයාට කැමති බවයි. ඔහු ඔයාගෙන් දකින ඇසෙන හැමදේටම වඩාත් පුළුල් ලෙස ඇස් අරින නිසා එහි ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ ඇහි බැමත් ඉහළ ‍යනවා.

02. තෙත් අත්

තද දෑත් කියන්නෙ ඔහුට උණුසුම් බවක් දැනෙන බවට හෝ ඔයා අවට ඉන්නකොට ඔහු නොසන්සුන් වන බවට ලකුණක් වෙන්න පුලුවන්. ඔහු වැරදි පියවරක් අරගෙන හැමදේම විනාශ කිරීමට හෝ ඔයාව බිය ගන්වන කිසිම දෙයක් කරන්නත් බයයි.

03. ඔයාගෙ පැත්තට නැඹුරු වීම

මේක පැහැදිලි සලකුණක් විය වගේම එමගින් ගොඩක් දේවල් කියවෙනවා. ඔයා ඝෝෂාකාරී හෝ ජනාකීර්ණ බාර් එකක කාලය ගත කරනකොට මේ තත්වය වෙනස් වෙනස් වෙනවා. හැබැයි ඔහුට ඔයා කියන දේවල් හොඳින්ම ඇහුණත්, ඔයා කතා කරනකොට ඔහු ඔයාගෙ පැත්තට නැඹුරු වෙනවා නම්, ඒකෙන් කියන්නෙ ඔහු ඔයා කියන දේවල් වචනයක් නෑර අහගෙන ඉන්න කැමතියි කියලයි.

04. ඔයාගෙ අත්ල තද කිරීම

ඔහු ඔයාගෙ අත්ල තද කරන කරනවා නම්, එයින් කියවෙන්නෙ ඔහුට ඔයත් එක්ක තවත් සම්බන්ධ වීමට අභ්‍යන්තරවම ආශාවක් තියන බවයි. ඔහු ඔයාගෙ ඇඟිලි ඔහුගේ ඇඟිලි අතර පටලගැනීමේ තේරුමත් මේකමයි.

05. කකුල් ඈත් කරගෙන සිටීම

මේ ඉරියව සමහර විට නරක පුරුද්දක් විදිහට පෙනුණත්, තවත් සමහර වෙලාවක ඒක විශ්වාසයේ සලකුණක් වෙන්න පුලුවන්. මේ ආකාරයෙන් වාඩි වී සිටීමෙන්, ඔහු ඔයාට තියන ඔහුගේ විශ්වාසය පෙන්නුම් කරනවා.

06. ගැඹුරු හුස්ම ගැනීම

ඔහු ඔයාව දකින හැම විටම ගැඹුරු හුස්මක් ගන්නවාද? මේකට හේතුවෙන්නෙ ඔහුට වැඩිපුර ඔක්සිජන් ලබා ගැනීමේ අවශ්‍යතාවය විතරක්ම නෙවෙයි, ඒකෙන් ඔහුගේ පපුව විශාල කර ඉණ කුඩා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔහු දැනටමත් ඔයාට කැමති නිසා යටි සිතින් ආකර්ෂණීය වීමට උත්සාහ කරනවා.

07. ඇස් දිහා බැලීම

ඔයා වෙනත් කට්ටියක් එක්ක කතා කරමින් ඉන්න ගමන් ඔහු දිහා බැලුවම, ඔහු ඔයා දිහා බලාගෙන ඉන්නවා ඔයාට දකින්න ලැබුණොත්, ඒක ඔහු ඔයා ගැන උනන්දුවක් දක්වන බවට සලකුණක්. නිර්භීත පිරිමි ළමයින් දිගු ඇස් සම්බන්ධතා තබා ගැනීමට ලැජ්ජ වෙන්නෙ නෑ.

08. ඔහුගේ ගෙල ස්පර්ශ කිරීම

මේක ඔයා ලඟ ඉන්නකොට ඔහු කලබල වන බවට තවත් ලකුණක්. ගොඩක් අය තමන්ට චකිතයක් දැනෙනකොට මෙහෙම කරනවා.

09. අව්‍යාජ සිනහව

පිරිමින් එයාලා කැමති පුද්ගලයෙක් එක්ක කාලය ගත කරනකොට එයාලගෙ හිනාව අව්‍යාජයි. එයාලගෙ ඉදිරි දත් පෙන්වීමට අමතරව, ඇස් දිලිසෙන සහ නළලේ රැලි වගේ සලකුණු ඔයාට ඔහු කැමති බව පෙන්නුම් කරන හොඳ ලක්ෂණයි.

10. ඔහුගේ කටහඬ වෙනස් වීම

ඔහු ඔයාට කතාකරනකොට ඔහුගේ හඬේ ස්වරය මිහිරි, මෘදු එකකට වෙනස් වෙනවා නම්, ඔහු ඇත්තටම ඔයාට ආදරය කරනවා.

11. ඔයා ලඟින් ඇවිදීම

ඔයාට වඩා පියවර 2ක් ඉදිරියෙන් ඇවිදීමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඔහු ඔයාගෙ පෞරුෂයට වඩා ඔහුගේම පෞරුෂය ගැන උනන්දු වන බවයි. ඔයාගෙ ලඟින් ඇවිදීමෙන් ඔයාගෙ පෞරුෂය මෙන්ම දෙන්නා අතර සන්නිවේදනය ගැනත් ඔහු දක්වන උනන්දුව පෙන්නුම් කරනවා. ඔහු ඔයාගෙ පිටිපස්සෙන් ගමන් කරන්නෙ, සෙනග වැඩි හෝ අනතුරුදායක ස්ථානයක් හරහා ගමන් කරන විටයි.

12. ඔයාගෙ දේවල්වලට ගෞරවාන්විතව සැලකීම

ඔහු ඔයාගෙ දේවල්වලට සලකන විදිහ ගැන අවධානය යොමු කරන්න. ඔහු ඔයාගෙ කෝට් එක විසි කරනවාද නැත්නම් ඔයාගෙ අතටම දෙනවද? ඔහු ඔයාගෙ භාණ්ඩවලට දෙන ගෞරවයේ ප්‍රමාණය ඔහු ඔයා කෙරෙහි දක්වන ගෞරවයේ ප්‍රමාණය පෙන්නුම් කරනවා.

13. හදිසි ස්පර්ශයන්

ඔහු අහම්බෙන් සහ නොසැලකිලිමත් ලෙස ඔයාව ස්පර්ශ කරනවානම්, හෝ ඔහු ඉඳහිට මේසය යටින් ඔයාගෙ කකුලට ගහනවා වගේ පිස්සු වැඩ කරනවා නම් ඒකෙනුත් කියවෙන්නෙ ඔහු ඇත්තටම ඔයාට කැමති බවයි. ඔහුට ඔයා ගැන උණුසුම් හැඟීමක් තියන බවයි.

14. ෆෝන් එක ගන්නෙ නෑ

ඔයා ලඟ ඉන්න වෙලාවට ඔහු ෆෝන් එක අතට ගන්නෙ නැත්නම්, ෆෝන් එකට වෙන අයගෙන් එන කෝල් මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැත්නම්, එයින් පෙන්නුම් කරන්නෙ ඔහු තුල ඔයාට තිබෙන ගෞරවය සහ ඔහු ඔයා කෙරෙහි දක්වන උනන්දුවයි.

15. තොල් ඈත් කිරීම

ඔහු ඔයාව දකිනකොට ඔහුගේ සම්පූර්ණ මුහුණේ ඉරියව් වෙනස් වන බව ඔයා දැනටමත් දැකලා ඇති. ඒත් ඔයාට තාමත් ඒක සැකයි නම්, ඔහුගේ තොල් පරීක්ෂා කරන්න. ඔහු ඔයාව දැක්කම තොල් දෙක තරමක් ඈත් කරගන්නවා නම්, එයින් කියවෙන්නෙ ඔහුට ඔයා ගැන ආදරණීය හැඟීමක් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.