ඕනම කෙනෙක්ගේ මනස කියවන්න නියම මනෝවිද්‍යාත්මක ක්‍රම 8 ක්

හිත් කියවන්න පුලුවන් සුපිරි වීරයක් විදිහට රඟපාමින්, අනිත් අය හිතන දේ කියවන්න හදපු අවස්ථා අපි හැමෝටම තියනවා. ඒත් ඇත්තටම, මිනිසුන්ගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීමෙන් විතරක් ඔවුන් හිතන දේ තේරුම් ගන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියෙ නෑ නේද?

වචනවල බලයක් තියෙද්දිත්, සමහර ශරීර අභිනයන් හෝ චලනයන් මගින් පුද්ගලයන්ගේ අදහස් දැනගන්න හැකියාව තියනවා. ශරීර භාෂාවෙන් කෙනෙක් හිතන දේ ඉබේටම පෙන්නුම් කරනවා.

ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ මනෝවිද්‍යාඥයෙක් වගේ හිතන්න පුරුදු කරන ක්‍රම 8 ක්. මේවා මගින් පුද්ගලයෙක් ඔයත් එක්ක කතා කරනකොට එයාට ඇත්තටම දැනෙන හැඟීම් මොනවගේද කියලා තේරුම් ගන්න ඔයාට පුලුවන්.

01. එයාලගෙ ඇස් අනුගමනය කරන්න.

ඇස් දෙක දකුණට හරවලා උඩ බලමින් කතා කරනවා කියන්නෙ එයා කියන්නෙ බොරුවක්. හැබැයි කතා කරන අතරතුර වමට සහ පහළට බැලීමෙන් අදහස් වෙන්නෙ එක්කෝ එයා කරුණු මතක් කරමින් කතා කරන බවයි.

02. ඕනෑවට වඩා හිස එසවීම

සමහර විට අපි අනෙක් පුද්ගලයා කැමති නැති දෙයක් ගැන කතා කරනකොට, එයා නැවත නැවතත් සහ අධික ලෙස හිස හෙලවීමට පටන් ගන්නවා. කෙනෙක් උපදෙස් පිළිපැදීමට ඇති හැකියාව ගැන සැක කරනවා නම්, එයාලා ඕනෑවට වඩා හිස නවනවා. සවන් දෙන්නාගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා නම්, ඔයා කතා කරන වේගය අඩු කරලා එය වෙනස් ආකාරයකින් පැවසීමට උත්සාහ කරන්න.

03. බොරුවට හිනාවීම

ඇස් වටා රැළි ඇති වෙන එක කරදරයක් කියලා අපි හිතුවට, ඒවා මගින් අපි හිනාවෙන්නෙ ඇත්තටද බොරුවටද කියලා කියන්නත් පුලුවන්. බොරු හිනාව බෝ වෙන්නෙ නැති නිසා, තොල් වලින් හිනාවෙනකොට ඇස් දෙකත් හිනාවෙන්නෙ නෑ.

04. හකු තද කිරීම

තද වූ හකු කියන්නෙ ආතතියේ සලකුණක්. කෙනෙක් මේ විදිහට හකු තද කරගෙන ඉන්නවා නම් එයින් අදහස් වෙන්නෙ, එයා මොකක් හරි ප්‍රශ්නයක් ගැන හිතමින් ඉන්න බවයි.

05. එයාලා බොරුවට හැඟීම් ප්‍රකාශ කරනව කියලා හොයාගන්නෙ මෙහෙමයි

මුහුණේ ප්‍රකාශනය තුළ හැඟීම් හෙළිදරව් වෙනවා. ඒ නිසා එයාලගෙ මුහුණේ එක පැත්තක් අනෙක් පැත්තට වඩා ක්‍රියාකාරියි නම්, ඒකෙන් කියන්නෙ එයා හැඟීම් ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන බවයි.

06. එයාලා දෑත් ඔසවන විට අවධානය යොමු කරන්න.

සුවපහසු ඉරියව්වකින් අත එහි සම්පූර්ණ දිගට එසවීමෙන් බලවත්, ආධිපත්‍යය දරන පෙනුමක් ඇති කරනවා. හිසට යටින් අත එසවීමෙන් අනාරක්ෂිත බව සහ ලැජ්ජාව පෙන්නුම් කරනවා.

07. එයාලගෙ අත්ල දිහා බලන්න

අත් වලින් ලබා දෙන ඉඟි ගොඩක් තියනවා. අත්ල දෙක උඩට හැරී තිබෙනවා කියන්නෙ ඔයා යමක් යෝජනා කරනවා හෝ යම් ප්‍රශ්නයක් අහනවා කියන එකයි. අත්ල පහළට මුහුණලා තිබේ නම්, එයින් අදහස් වෙන්නෙ ඔයා යමක් අණ කරන හෝ ඉල්ලන බවයි.

08. පරතරය ගැන අවධානය යොමු කරන්න.

එයාලා ඔයාට හොඳින් සලකනවද නැද්ද කියන එක තීරණය කරන්න නම් පුද්ගලයා ඔයාට කොයිතරම් සමීපව ඉන්නවද කියලා අවධානය යොමු කරන්න ඕන. ඔයා ලඟට එනකොට කෙනෙක් පසුපසට යනවා නම් ඒ සම්බන්ධතාව අන්‍යෝන්‍ය නොවන බවට ලකුණක් වෙන්න පුලුවන්. සමහර විට ඔයාට පුද්ගලයන් 2ක් අතර ඇති දුර ප්‍රමාණය අනුව එයාලා අතර තියන සම්බන්ධය මොකක්ද කියලා කියන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published.