කකුල් වල හැඩයන් වර්ග 5 ක් අනුව කාන්තාවන් ඇදුම් තෝරාගත යුතු ආකාරය

අලුතින් එක ට්‍රෙන්ඩ් වලට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න අපේ ගැහැණු ළමයි හරිම කැමතියි. හැබැයි ඉතින් කරන්නන් වාලේ විලාසිතා කරනවාට වඩා තමන්ට ගැලපෙන විලාසිතා තෝරගෙන ඒවා අනුගමනය කරන එක ගොඩක් වැදගත් දෙයක්. ලෙගින්ග්ස්, කැට් හීල්ස්, සහ බේබිඩෝල් ඇඳුම් වගේ නවීන විලාසිතා මගින් ඔයාගෙ රූපය නරක් කර ඔයාගෙ කකුල්වල ආකර්ෂණීය බව අඩු කරනවා.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්න හිතුවෙ අපේ එදිනෙදා ජීවිතයට සහ අපේ ශරීරයේ හැඩයට ගැලපෙන විදිහට විලාසිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලයි.

01. ඔයාට ඉතා සිහින් කකුල් තිබෙනවා නම්

ගොඩක් කාන්තාවන් සිහින් කකුල් දෙකක් ලබාගන්න කැමතියි. හැබැයි ඉතින් අපේ ඉහළ සහ පහළ සිරුර සමතුලිත වෙන්න නම් ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන කකුල් දෙකක් තියෙන්න ඕන. ඔයාගෙ කකුල් පෙන්වීමට අවශ්‍ය නම් ඔයාට භාවිත කළ හැකි උපදෙස් කිහිපයක් මෙන්න:

  1. මහත හීල් එක සහිත සපත්තු පැළඳීමෙන් වළකින්න. ඒවායින් ඔයාගෙ කකුල් විශාල කර පෙන්වනවා.
  2. සපත්තුවේ ඉදිරිපස වටකුරු අඩි උස සපත්තු තෝරගන්න. උල් වූ ඉදිරිපසක් සහිත අඩි උස සපත්තුවලින් පාද ඉතා තියුණු ලෙස පෙනෙනවා.
  3. දණහිස වැහෙන සායවල් සහ ඇඳුම් ඔයාට ගැලපෙනවා.
  4. ඔයාගෙ කලවා වල වක්‍ර පෙනුමක් ඇති බව පෙන්වන ඇඳුම් තෝරගන්න. ඒවා මගින් උකුල් ප්‍රදේශය වටා අමතර පරිමාවක් ලබා දෙනවා.
  5. A-line සාය සහ ඇඳුම් ඔයාගෙ කකුලේ හැඩය සඳහා හොඳයි.
02. ඔයාට තියුණු දණහිස් තිබෙනවානම් හෝ කකුල්වල ඉතා සුදුමැලි බවක් හෝ කැළැල් ඇත්නම්

තියුණු දණහිස්, ඉතා සුදුමැලි කකුල් සහ කකුල්වල කැළැල් තිබෙනවා නම්, එමගින් ඔයාගෙ සමස්ත පෙනුමට හානිකරනවා. ඒ නිසා මේ උපදෙස් අනුගමනය කරන්න.

  • දණහිස් ආවරණය කරන සායක් අඳින්න.
  • ඇඟට හිර නැති සායක් හෝ ඇඳුමක් අඳින්න.
  • ගොඩක් තියුනු රටා සහ මුද්‍රණ සහිත කෙටි සාය සහ ඇඳුම් ඇඳීමෙන් වළකින්න.
  • ඔයාගෙ කකුල් ඉතා සුදුමැලි නම් තද පාට සපත්තු වලින් වළකින්න.
03. ඔයාට ඔයාගෙ කකුල් දිගු කර පෙන්වීමට අවශ්‍ය නම්

ඇත්තටම ඔයාව උසට පේන්න නම් හොඳම විසඳුම තමයි හයි හීල්ස් පැළඳීම. හැබැයි ඒක වෙහෙසකර විය හැකි අතර සමහර විට ඒවා දිනපතා පැළඳීමටත් අපහසුයි. හීල්ස් භාවිතා නොකර ඔයාට භාවිතා කරන්න පුලුවන් විකල්ප කිහිපයක් මෙන්න.

  • තද පාට වළලුකර සපත්තු වලින් වළකින්න. ඒවාට ඔයාගෙ කකුල්වලට කෙටි පෙනුමක් ඇති කරන්න පුලුවන්.
  • ඔයා තද කලිසමක් හෝ සායක් අඳිනවා නම්, ඔයාගෙ කකුල් දිගු කෙට්ටු රේඛාවක් වගේ පේන සපත්තු තෝරගන්න. ඔයා තද කලිසම් අඳිනවා නම්, කලිසමට සමාන වර්ණයෙන් යුත් සපත්තු තෝරන්න.
  • ඉහළ ඉණ සහිත සායක් හෝ කලිසම් අඳින්න.
  • දිගු, යට නොකරපු ටොප් ඇඳීමෙන් වළකින්න.
04. ඔයාට මහත කලවා සහ වළලුකර තිබෙනවා නම්

හරියටම විලාසිතා කරන විදිහ දන්නවා නම්, කකුල්වල මහත ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

  • ඔයාගෙ වළලුකර වටා බෙල්ට් පැළඳීමෙන් එම ප්‍රදේශය ඉස්මතු කිරීමට උත්සාහ නොකරන්න. පිටුපසින් ඔතා ඇති Sling back සපත්තු ඔයාට ගැලපෙනවා.
  • ඇඟිලි තුඩු සහිත සපත්තු මගින් ඔයාගෙ කකුල් දිගු කර පෙන්වනවා.
  • තද සායවල් වලට ඔයාගෙ ජකුල්වල යට කොටසේ ප්‍රමාණය වැඩි කරන්න පුලුවන්. ඒ වෙනුවට A-line cut සායවල් සහ ඇඳුම් අඳින්න.
  • ඉණට පහළින් තද වර්ණ සහ මුහුණ අසලින් සැහැල්ලු වර්ණ අඳින්න.
  • පැතලි සපත්තු පැළඳීමෙන් වළකින්න. මැද ප්‍රමාණයේ උස හීල් එකක් පළඳින්න. 
05. ඔයාට නැමුණු කකුල් තිබෙනවා නම්

නිවැරදි වර්ණ සහ හැඩයන් භාවිතා කිරීමෙන් නැවුණු කකුල්වල පෙනුම අවම කර ගන්න පුලුවන්.

  1. ඉතා තද කලිසම් අඳින්න එපා. ඒ වෙනුවට, ලිහිල්, පළල් ගැළපීමක් සහිත දිගු කලිසම් අඳින්න.
  2. දණහිසට වටා කොට සායවල් වලින් වළකින්න. දණහිස වැහෙන සායක් අඳින්න.
  3. මුද්‍රණ සහිත කලිසම් වෙනුවට තනිපාට කලිසම් අඳින්න. සපත්තු වර්ණය ඔයාගෙ කලිසමට ගළපන්න.
බෝනස්: සියලු වර්ගවල කකුල් සඳහා

සරල වර්ණ හැම කෙනෙකුටම හොඳ විසඳුමක්. සරල වර්ණ ඇඳුම් මගින් ඔයාට උස පෙනුමක් ලබාදෙනවා. වැඩිපුර ප්‍රින්ට් එකක් සහිත ඇඳුම් අඳින්නත් එපා. එමගින් ඔයාගෙ කකුල් වලට මහත පෙනුමක් ලබාදෙනවා.

Leave a Reply

Your email address will not be published.